ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කරනු වස් බෙදීම් දුරු කොට, එකිනෙකාගේ වෙනස්කම්වලට ගරු කරමුයි, ප්‍රවීන කලාකරු ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගෙන් යොජනාවක්. හතර වන ශ්‍රේණිය දක්වා ජපානයේ දරුවන් කිසිදු විෂයයක් නොහදාරන බවත් ඔහු පෙන්වා දුන්නේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. "අපේ දෙමවුපියෝ නර්සරි එකේ ඉඳලා ළමයින්ට මනුස්සයෝ වෙන්න දෙන්නේ නෑ, විෂයයන් උගන්වනවා."