යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින 'ශිෂ්ඨාචාර අර්බුදයෙන්' ගොඩ ඒම පිණිස, අයර්ලන්තය, යුක්රේනය, දකුණු අප්‍රිකාව සහ ස්කොට්ලන්තය වැනි රටවලින් ශ්‍රී ලංකාවට බොහෝ අත්දැකීම් උකහා ගත හැකි බව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පවසයි. පසුගියදා ලන්ඩනයේදී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය විජේසිරිවර්ධන පළ කළ අදහස් මේ.