Python සමඟ පරිගණක ක්‍රමලේඛනයට පිවිසෙමු -(Introduction to Programming with Python) (Audio) - Channel 9: Recent Episodes

Microsoft

ඔබ Computer Programing වලට ආධුනිකයෙක්ද? කැමතිද Programing වල ඇති විනෝදය අත්විදින්න. Computer Programming හරිම පහසුයි ! පයිතන් පරිගණක ක්‍රමලේඛ භාෂාව තුලින් එය තවත් පහසු කරවනු ඇති. මෙම Video පෙළ තුලින් ආධුනික ඔබට වඩාත් පහසුවෙන් පරිගණක ක්‍රමලේඛනය නැතහොත් Computer Programming ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය. මෙහිදී Python පරිගණක භාෂාව භාවිතයෙන්, පරිගණක භාෂා ක්‍රමලේඛනය සිදුකරන අයුරු මුල සිට ඉතා සරලව උදාහරණ ඔත්සේ යමින් පැහැදිලි කරනු ලැබේ. මෙය විශේෂයෙන් සකස් කර ඇත්තේ පරිගණක භාෂා පිලිබද කිසිදු අවබෝධයක් හෝ අත්දැකීමක් නොමැති ඕනෑම අයෙක් සඳහායි. මෙහිදී සිදුකරන ප්‍රයෝගික ක්‍රියාකාරකම් අ ත්හදා බැලීම සඳහා සඳහා ඔබ සතුව Visual Studio Community Edition එක හෝ ඕනෑම Visual Studio (2013 හෝ ඊට වැඩි) වෙලුමක් හා Python Tools for Visual Studio ස්ථාපනක කර තිබිය යුතුයි. Instructor : Dileepa S.Rajapaksa | Co-Founder WindowsGeek.lk

View Details

ඔබගේ යෙදවුම බිදවැටීමකින් තොරව දිගටම පවත්වාගැනීම සදහා මූලිකවම අවශ්‍යය වන දොෂ හැසිරවීමේ සිද්ධාන්තයන් ප්‍රායෝගිකව ඉගෙන ගනිමු.

View Details

ඔබේ කේතයන් මගින් functions ආමත්‍රණය කරන ආකාරයත් functions​ භාවිතයේ වැදගත්කමත් මෙම කොටසින් ආවරණය කෙරෙනු ඇත.

View Details

බාහිර ගොනුවක අඩංගු දත්තයන් කියවන ආකාරයන් ඉගෙන ගනිමු.

View Details

කේථයන් භාවිතයෙන් බාහිර ගොනුවක් නිර්මාණය කරන ආකාරය හා එයට දත්තයන් ඇතුල් කරන ආකාරය ඉගෙන ගනිමු.

View Details

නොයෙක් අගයන් ගබඩා කරීම සදහා arrays සහ lists භාවිතා කරන ආකාරය මෙම කොටසින් පැහැදිලි කරනු ලබයි.

View Details

සාධකයක් තෘප්ත වනතුරු  පුනරාවර්ථනයන් සිදු කරන්නේ කෙසේද යන්න මෙම කොටසෙන් ඉගෙන ගනිමු.

View Details

නියත අගයක් සදහා පුනරාවර්තන සිද්ධීන් ලියන ආකාරය for loops මගින් ඉගෙන ගනිමු.

View Details

and/or, if හි පොකුරු භාවිතය හා elseif භාවිතය ඉගෙන ගනිමු. එමගින් ඔබට තවත් සංකීර්ණ ආදානයන් සදහා ප්‍රතිචාර දක්වන ආකාරය ප්‍රගුණ කල හැක.

View Details

Boolean විචල්‍යයන් හා if/else භාවිතය ඉගෙන ගනිමු. එමගින් පරිශිලකයගේ විවිධ ආදානයන් සදහා විවිධාකාර ප්‍රතිචාර ලබා ගන්නා ආකාරයන් ඔබට අත්හදා බැලිය හැක.

View Details

කාලය සම්බන්ධ විචල්‍යයන්හි හැසිරීම හා ඒ සම්බන්ධ ගැටලු පිළිබදව අවබෝධයක් ලබා ගනිමු.

View Details

සංඛ්‍යා සම්බන්ධ විචල්‍යයන් භාවිතය පිළිබදව ඉගෙන ගනිමු. විශේෂයෙන්ම මෙහිදී ගණනය කිරීම් සම්බන්ධ මූලිකාංග ඉදිරිපත්කර ඇති අතර තවද datatypes වෙනස් කරගන්නා ආකාරය ද අතුලත්ය.

View Details

String විචල්‍යය භාවිතා කරන ආකාරයන් ඉගෙන ගනිමු. එමගින් ඔබට පරිශීලකයාගෙන් ආදානයක් ලබාගැනීම, එය ගබඩා කර ගැනීම  හා string සමග බැදුනු නොයෙක් functions භාවිතා වන ආකාර පිළිබ‍දව ඉගෙන ගත හැක.  

View Details

Text එකක් තිරය මත නිරූපණය කරන අකාරය හා විවිධාකාර නිරූපණ විලාසයන් ඉගෙන ගනිමු.

View Details

ඔබේ පරිගණකය Python ක්‍රමලේඛණයට සුදුසු පරිදි සකසා ගනිමු. එමගින් ඔබගේ පළමු "Hello world" යෙදවුම නිර්මාණය කරමින් මෙම Python භාෂාව ඉගෙනීමේ වැදගත්කම අවබෝධ කර ගනිමු.