LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ ශ්‍රී ලන්කා සංචාරයේ අරමුණ පැහැදිලි කරන ජනාධිපතිවරයා, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති පසවියට පත්වී දවස් 100යි ,ශ්‍රී ලංකාවේ ඕටිස්ම් දරුවන් වැඩි වෙමින් ඇති වාර්තා,කසාදයට වනිතාවන් සොයන යුරෝපා දූපත් වළල්ලක් පිලිබඳ සාකච්ඡාවකුත් අද (අප්‍රියෙල් 30)බීබීසී සංදේශයේ.
LISTEN: ෆොන්සේකා නව රාජකාරිය උද්ඝෝෂණ මැඩලීමද?, "ඒක අතීසාරයට අමුඩේ ගැසීමක්" උතුරේ හර්තාලය, දිවි සිනමාවෙන් බැස ගිය තරුව- විනෝද් ඛන්නා: සංගීත්, උපාලි සහ සුනෙත් සමඟ මම අරවින්ද තිසර රතුවිතාන.
සිය නිවසේම කසල ප්‍රතිචක්‍රීයකරණය කරන කාන්තාවක්; "ඉඩම් ගොඩකිරීම කසළ කළමනාකරණයට අත්‍යවශ්‍යයි"-විශේෂඥවරියකගේ අදහස; සුවය ලැබුවත් යළි නිවසට යා නොහැකි මානසික රෝගීන්; ප්‍රහාර තර්ජන හමුවේ ජනපතිවරණයට සැරසෙන ප්‍රංශය ... සංගීත්, උපාලි, සුනෙත් සහ සෙනෙහෙධීර සමග මම සරෝජ් පතිරණ ... (2017 අප්‍රේල් 21 බීබීසී සංදේශය)
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති. අඟුණකොලපැලැස්සට බන්ධනාගාරයක් අනවශ්‍ය බව කියන ධීවර රාජ්‍ය ඇමතිවරයා,වගා බදු අරමුදලේ රුපියල් කෝටි 600 කින් 450 කට සුදු වුනේ කුමක්ද? ජීවිත කාලයට උපැස් යුවලක් නොලද වෙනත් සෞඛ්‍ය පහසුකම් නොලද උතුරේ ජනතාව පිලිබඳ සාකච්ඡාවක් සහ ඉන්දියානු ග්‍රහණයෙන් මිදුන ශ්‍රී ලංකා ධීවරයන් අද (අප්‍රියෙල් 22) බීබීසී සංදේශයේ. සවන් දෙන්න.
කුණු කන්ද යළිත් නයා යාමේ අවදානමක්! කුණු කන්ද පරයා නැගෙන කඳුළු කන්ද, බ්‍රිතාන්‍ය අගමැතිනිය හදිසි මැතිවරණයකට යන්නේ ඇයි? ජනපති මැදුරේ වාහන් පොතේ පිටු ගැලවිලා: සරෝජ්, පවිත්‍රා සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, මීතොටමුල්ල කුණු කන්දේ සහන මෙහෙයුම්, මීතොටමුල්ල කුණු කන්ද හැරුණ විට කොළඹ තවත් කුණු කඳු, ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිවෙතේ උඩු යටිකුරු වීමක් ,විධායක ජනාධිපති බලය වැඩිකළ තුර්කි ජනමත විමසුම පිළිබඳ විමසුමක් අද(17) බීබීසී සංදේශයේ.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් ඇති වූ විනාශය පිළිබඳව තවත් තොරතුරු,පිපිරීම සිදු වූ මානයේ සිටි මහජන අත්දැකීම්,කුණු කන්දේ ඉතිහාසය ,උතුරු කොරියාවේ මිසයිල බලය පිළිබඳ විශේෂ විමසුමක් අද(15) බීබීසී සංදේශයේ.
මීතොටමුල්ල කුණු කන්ද නාය යාම ගැන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මරික්කාර් මන්ත්‍රීවරයා; හයිටියේ ළමා දූෂණ චෝදනා ලැබූ නිලධාරීන්ට 'දඬුවම් කළා'; පොලිසියෙන් අවුරුදු සුභ පැතුම් සහ නැකත් වැරදුනොත් අභාග්‍යයක් වේවිද ? ... උපාලි, සෙනෙහෙධීර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ (2017 අප්‍රේල් 14 බීබීසී සංදේශය)
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ආණ්ඩුව දෙමළ ජනතා ප්‍රශ්න විසඳන්නේ නැත්නම් ප්‍රතිඵලය මහින්ද රාජපක්ෂ පාලනයට සිදු වූ දෙය විය හැකියි- TNA, ත්‍රිකුණාමලය ඛනිජ තෙල් ටැංකි විකුණා දමන්නේ නැහැ - ඇමති වීරක්කොඩි,IPL තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අඩු ඇයි? සාකච්ඡාවක් අද (12) බීබීසී සංදේශයේ. .
වන්දි ගෙවන්නේ යහපාලනයට පෙර පහර කෑ මාධ්‍යවේදීන්ට පමණද? වෛද්‍යවරුන්ගේ උත්සාහය ආණ්ඩුව පෙරැළීම ද? "හට්ටි මුට්ටි අරගෙන දරුමල්ලොත් එක්ක කෘෂිකර්මෙට එනවා" දුමින්දට අභියෝගයක්: සංගීත්, සරෝජ් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
LISTEN; රජරට සහ මධ්‍යම ඇමෙරිකාවේ වකුගඩු රෝග අතර සමාන ලක්ෂණ පවතින බව ස්වීඩන් සහයෝගය ඇතිව සිදු කෙරුණ පර්යේෂණයකින් හෙළි වී ඇතැයි පවසන වෛද්‍ය ඡන්න ජයසුමන අද (10) බීබීසී සංදේශයේ.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,නැගෙනහිර පළාතේ ආහාර විස වූ රෝගීන්ගේ අලුත්ම ,දිවි සිනමාවෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ සිනමාවේදී වසන්ත ඔබේසේකර වෙනුවෙන් ප්‍රසන්න විතානගේ තබන මතක සටහන,මාදම්පේ සත්වාහාර කම්හලට ප්‍රදේශවාසීන්ගේ විරෝධය බාස්ක් ව්‍යාපාරය අවි භාරදීමේ කතාව අද(08 )බීබීසී සංදේශයේ.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, වෛද්‍ය වැඩ වැරුම් සාධාරණය කළ නොහැකි වුනත් වෙනත් පියවරක් නොමැති බව පවසන ආණ්ඩුවේ වෛද්‍ය වරුන්ගේ සම්මේලනය, ජනපති පදවිය වෙනුවෙන් පෙනී සිටින මල්වතු -අස්ගිරි සංඝ සභා,ශ්‍රී ලංකාවේ පොහොසත්ම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණද? සංවාදයක්, පන්නිපිටිය බෝරුකට අධිකරණයේ පිහිට ඇතුළු තවත් තොරතුරු අද (06) බීබීසී සංදේශයේ .
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, වැලිකඩ සිරගෙදර ඝාතනය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා පෙත්සමක්,බලය විමධ්‍යගත කිරීම පිළිබඳව මෙහෙයුම් කාරක සභාව තුල එකඟතාවක් නැහැ-දිනේෂ් ගුණවර්ධන, දේශපාලකයන්ට ,පක්ෂවලට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ නොදෙන බව පවසන ලංගම සභාපතිවරයා 20X20 තරඟ විමසුම අද(04) බීබීසී සංදේශයේ.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,සූර්ය බල ශක්ති බලශක්ති සැපයුම පිළිබඳව විදුලි බල ඇමති සිහිනය , ෆේස් බූක් තහංචියට සැරසෙන බංග්ලාදේශය ගැන සංවාදයක් , අපවත් වී වදාළ අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර මහ නා හිමියන් පිළිබඳව සාකච්ඡාවක් සහ ඇමෙරිකානු තහනම නොතකා ගුවනේ දී ලැප්ටොප් දෙන ගුවන් සමාගම් අද (03 ) බීබීසී සංදේශයේ.
මහතා, මෙනෙවිය, මහත්මිය වෙනුවට අලුත් ආමන්ත්‍රණ අවශ්‍යද? මම හරියට සින්ඩරෙල්ලා වගේ - සන්ධ්‍යා තවත් හෙරොයින් තොගයක් අත්අඩංගුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කාන්තාවන්ට බයද? *** විවියන් ද සිල්වා බොරලැස්සට සංදේශයේ ප්‍රණාමය ... තිසර සහ පවිත්‍රා සමග මම සරෝජ් පතිරණ ...
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ජෝන් ද සිල්වා රඟහලත් පෞද්ගලික අංශයට පැවරීමට යන බවට කලාකරුවන්ගෙන් චෝදනා ,ලංකා කලා මන්ඩලයේ ප්‍රතිචාරය ,ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ බංග්ලාදේශ් සිහිනය බොඳ කරති, සමරිසි දේදුනු ධජයේ නිර්මාතෘවරයා දිවියෙන් සමුගැනීම අද (01) බීබීසී සංදේශයේ.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ගුවන් සේවිකාවකගේ තොරතුරු අනුව අල්ලා ගත් හෙරොයින් කතාව,සංරක්ෂිත වනාන්තර ගැසට් පත්‍රයට එරෙහි විරෝධය පිටුපස කුමන්ත්‍රණයක්. එක්දින ක්‍රිකට් ක්‍රීඩක සංචිතයේ වෙනසක්, සංගක්කාර සහ අසංක ගුරුසිංහ අද (31) බීබීසී සංදේශයේ.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති,විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ආහාර වර්ජනය , අපරාධකරුවන්ට තමාගෙන් සමාවක් නොමැති බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත්වීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කරන බලපෑම,පොලිස් අධිකාරී පදවි ලත් කාන්තා පොලිස් නිලධාරිනියක ගේ අදහස් අද(30) සංදේශයේ.
කාන්තාවකට පොලිස්පති පදවිය හිමිවේවිද? ක්‍රිකට් ක්‍රීඩාවේ 'අර්බුදයක් නෑ' ශ්‍රී ලංකාව 'ජාත්‍යන්තර වේදිකාවේ ක්‍රියාකාරී රටක්' රවිරාජ් නඩුවට සම්බන්ධ නාවික හමුදා සෙබළුන් 'සොයාගන්න බෑ' ... එස් එල් සෙනෙහෙධීර සමග මම සරෝජ් පතිරණ (2017 මාර්තු 28 බීබීසී සංදේශය)
ට්‍රම්ප් 'අධ්‍යයනය කරන' ගෝඨාභය රාජපක්ෂ විමල් වීරවංශ ජාතික රෝහලට? වට්ස්ඇප් පණිවුඩ ආරක්ෂක බලධාරීන්ට හෙළි කළ යුතුද? ආබාධිතයන් වෙනුවෙන් කැප වී සම්මාන ලබන තරුණිය ... පවිත්‍රා සමග මම සරෝජ් පතිරණ (2017 මාර්තු 27 බීබීසී සංදේශය) #lka #SriLanka
පොදු රාජ්‍ය මණ්ඩලයේ වසරේ හොඳම තරුණ පුද්ගලයා ලෙස සම්මාන ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා, ක්‍රිස්ටල් රීඩ්, සම්මානය ලබාගැනීමෙන් අනතුරුව සංදේශයේ සරෝජ් පතිරණ සමග සංවාදයක. #lka #SriLanka #commonwealth
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ඉක්මනින් ආරම්භ නොකළහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතල අර්බුදයකට මුහුණදෙනු ඇති බවට අනතුරු ඇඟවීමක්. විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාරය සරත් අමුණුගම බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින්. #lka #SriLanka
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,මුදල් ඇමති රවී කරුණානායක ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේ. පා.ම. විමල් වීරවංශ ගේ උපවාස අරගලයට ජාතික නිදහස් පෙරමුණේ සහයෝගය,ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත ජනයාට ප්‍රමාණවත් අක්ෂි සායන නැති බවට වාර්තාවක් ,වයඹ පානීය ජල හිඟය සමඟ ආගන්තුක උන රෝගයක් අද (25) බීබීසී සංදේශයේ
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ජනාධිපති මෛත්‍රී සහ ජනාධිපති පුතින් අතර සාකච්ඡා - මොස්කව් නගරයේ සිට ගෙනෙන වාර්තාවක් ,බැසිල් රාජපක්ෂ මැතිවරණ කොමිසමේ සභාපති සහ මල්වාන ඉඩම ගැන කතා කරයි,ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චැම්පියන් ශූරතා තරඟාවලියට-ඇන්ජලෝ මැතිව්ස්,ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් ප්‍රහාරය ගැන සාකච්ඡාවක් අද(23) බීබීසී සන්දේශයේ
මහේල, සංගා, මුරලි සම්බන්ධ කරනොගන්නේ ඇයි?ක්‍රීඩා සමාජ දේශපාලනය නිසා පළමු පෙළ ක්‍රිකට් වෙනස් කරන්නේ නෑ ලෝකය ඉදිරියට යද්දී ශ්‍රී ලංකාව එක තැන පල්වෙනවා ජගත් පාලක මණ්ඩලයේත් අනුමැතිය ලැබුණා ***අගමැතිතුමාත් එකඟයි ... හිටපු ටෙස්ට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි සංදේශයේ සරෝජ පතිරණ සමග අදහස් දක්වමින්
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී MA සුමන්තිරන් සිය බීබීසී වාර්තාවක් සම්බන්ධයෙන් කරන නිවැරදි කිරීමක්, ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට උසාවියෙන් නොතීසි ,කුඩා ප්ලාස්ටික් බෝතල් තහනම් කෙරෙන ප්‍රයත්නයක් අද (20) බීබීසී සංදේශයේ.
listen ;ජාත්‍යන්තර ප්‍රවෘත්ති,කින්නියා පාසල් වැසීම ඩෙංගු වසංගතයට විසඳුම නොවෙයි-ඇමති රවුෆ් හකීම්,ටොරොන්ටෝව යාපනයට ලංවෙයි- දෙනුවර ගිවිසුමක්, අපි පැරදුනේ ඇයි? පරාජයේ පසු විපරම-රංගන හේරත් අද (19) සංදේශයේ.
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණ කාලය දීර්ඝ කිරීමට එරෙහි දෙමල ජාතික සන්ධානයේ හඬ, පිළිකාවට බෙහෙතක් කරිවිල වලින් අලුත් පර්යේෂණයක තොරතුරු, සමාජ මාධ්‍ය ජාලයේ සාවද්‍ය තොරතුරු මගින් දරුවන් නොඅමග යැවෙන ආකාරයත් අද(18) සංදේශයේ.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති,මුහුදුකොල්ලකරුවන් ගේ තුවක්කුවෙන් බේරී ජීවිතය ලද නැවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය සෝමාලියාවේ ,කින්නියා ඩෙංගු වසංගතය පිළිබඳව මහජන ප්‍රතිචාරය ,සර්ප විෂ සැදීමට සර්පයන් සොයාදෙන මෙන් ඉල්ලීමක් අද (17) බීබීසී සංදේශයේ
පැහැරගත් නැව: මුහුදු කොල්ලකරුවන්ගෙන් වෙඩි ප්‍රහාරයක්! යුද අපරාධ චෝදනා පරීක්ෂණයට විදෙස් විනිසුරුවන් ගෙන එන්න බැහැ -මංගල, දෙන්හු වෛරසය වෙනස් වෙලාද? උපාලි, සෙනෙහෙ, පවිත්‍රා සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,ඩෙංගු රෝගය නිසා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පාසල් රැසක් වසා දැමෙයි,ඕනෑම මැතිවරණයකට සූදානම් මැතිවරණ කොමසාරිස්වරයා ,දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා -බංග්ලාදේශ් ක්‍රිකට් තොරතුරු අද (15) බීබීසී සංදේශයේ.
"දේශපාලකයා හොරකම් කරන්නේ ඡන්දදායකයා නිසා", ශ්‍රී ලාංකිකයන් රැගත් නැව කොල්ලකරුවන් අතේද? බංග්ලාදේශ කණ්ඩායම පුහුණු කරන ශ්‍රී ලාංකිකයා, BREXIT සහ ස්කොට්ලන්තය: සෙනෙහෙ, සුනෙත්, පවිත්‍රා සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
LISTEN: උත්තරීතර පාර්ලිමේන්තුව: "පිස්සන් කොටුව මීට වඩා හොඳයි", මහපාරේ උද්ඝෝෂණ කිරීම හරිද? සරසවි සිසුන්ගෙන් පිළිතුරු, මහනුවර වායු දුෂණය: සුනෙත්, පවිත්‍රා, චාල්ස් සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
"ගුරුසිංහට වැඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ... ක්‍රීඩාවට මොකද උනේ කියල ගුරුසිංහ මහත්තයා දන්නේ නැහැ", ගස් කැපුවේ ආණ්ඩුව -රිෂාඩ්, ජංගම බස් කඩ: චාල්ස් සහ සෙනෙහෙධීර සමඟ මම තිසර රතුවිතාන.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති,දඹුලු රෝහලේ පවුල් සැලසුම් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිචාරය,දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ වව්නියාවේ දී දැඩි ස්ථාවරයක් ප්‍රකාශයට පත්කරති ,ලෝකය ජයගත් ශ්‍රී ලංකාවේ වමත් පන්දු යවන්නාගේ ඊ ළඟ ඉලක්කය , පෙනිසිලින් පාවිච්චි කළ නියන්දර්තාල් මානවයා අද (11) බීබීසී සංදේශයේ.
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල ගැටුම්කාරී තත්වයක්,උතුරේ රැකියා විරහිත උපාධිධරයෝ උද්ඝෝෂන මාවතේ. පන්නිපිටිය බෝමුල උද්ඝෝෂණ,ශ්‍රී ලංකා බංග්ලාදේශ් ක්‍රිකට් තරඟ තොරතුරු සහ පදවිය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපතිවරියගේ තොරතුරු අද (10)සංදේශයේ.
කොළඹ බුද්ධි මෙහෙයුම් කළේ කවුද? "ජනාධිපතිතුමයි, අගමැතිතුමයි නොදැනුවත්ව කවුද රට මෙහෙය වන්නේ?" තමිල්නාඩු ධීවරයන්ට නාවික හමුදාව වෙඩි තැබුවාද? සරෝජ්, සෙනෙහෙධීර, පවිත්‍රා සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
විදේශීය විනිසුරන් අත්‍යවශ්‍යයි ව්‍යවස්ථාවෙන් ඒකට බාධාවක් නෑ ජනපති, අගමැති ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශ ගැන අවධානය යොමුකරන්නේ නෑ තවත් කාලය ලබාදීම ගැන විරුද්ධ නෑ ***කාර්ය සාධක බලකායේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි ... දෙමළ ජාතික සන්ධානයේ එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින් ...
ශිෂ්‍ය ව්‍යාපාරය නවක වදයට විරුද්ධ නෑ අග්නිදිග විශ්ව විද්‍යාලයේ 'ලිංගික හිංසන කරලා' බලහත්කාරයෙන් බුදුන් වඳින්නත් කියනවා දඬුවම අවශ්‍යයි ඒත් දඬුවම් පමණක් ප්‍රමාණවත් නෑ *** ශිෂ්‍යයන්ම විරුද්ධ වියයුතුයි ... අග්නිදිග විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්එම්එම් නජීම් සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින් ...
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,යාපනයේ දී යුද හමුදාව අමතන ජනාධිපතිවරයා,ජනාධිපතිවරයා රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් යාපනයේ දී කල ප්‍රකාශයට ප්‍රතිචාරයක්,පලාත්පාලන ඇමති ෆයිසර් මුස්තාපා මහසඟ රුවන බැහැදකියි ,ලිංගික හිරිහැර විඳින ශ්‍රී ලංකා කාන්තාවන් අද (04) සංදේශයේ.
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව, පාරිභෝගික අධිකාරිය ව්‍යාජ රූ ආලේපන තොගයක් අත්අඩංගුවට ගනී, වෛද්‍ය සංකේත වර්ජනය හෙට දක්වා දීර්ඝ කෙරෙයි, ඇන්ජලෝ මැතිව්ස් සහ අප්‍රිකාවේ නොනිදන අලි පරපුර අද (03) බීබීසී සන්දෙශයේ.
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , ගල්කිස්ස උසාවියට ගිනිඅවි ගෙන ඒම සම්බන්ධයෙන් සැකපිට විස්සක් අත්අඩංගුවේ, හෘදරෝගී දරුවන්ගේ තත්වය පිරික්සීමට බීබීසී වාර්තාකරුවෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලට ගිය ගමනක්, කල්පිටිය කොරල්පරයේ ශෝක ජනක තත්වය, හෘදරෝගවලට පෙර රෝග ලක්ෂණ හඳුනා ගැනීමක් අද (02) බීබීසී සංදේශයේ.
ආන්දෝලනයට ලක් වූ ගැසට් පත්‍රය නිකුත්කිරීම 'වැරදියි' මුදල් ඇමතිවරයාගේ අත්සනත් නෑ නීත්‍යානුකූලභාවය ගැන අධිකරණය තීරණය කරාවි මුදල් ඇමතිගේ ප්‍රකාශය නිසා ආයෝජකයන් දිනක් ඇතුලත ඩොලර් මිලියන් 10 ක් ඉවත්කරගත්තා ... මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන බීබීසී යේ සරෝජ් පතිරණ සමග කරුණු පහදමින්
සයිටම් වෙඩි ප්‍රහාරයේ සුළමුල! "උතුරේ යළි යුද්ධයක් ඇතිවීමට ඉඩදෙන්නෙ නැහැ", රංගන හේරත් සමඟ කතා බහක්, සඳ වටා යන සංචාරකයෝ: සංගීත්, සරෝජ්, සෙනෙහෙ සහ සුනෙත් සමඟ මම තිසර අරවින්ද රතුවිතාන.
ලොව පළමු වතාවට හයිඩ්‍රජන් ලෝහය සොයාගැනීම පිළිබඳව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය රංග ඩයස්, බීබීසී සිංහල සේවයේ සරෝජ් පතිරණ සමග විස්තර කරමින්.
අධ්‍යාපන වියදම් සොයා 'ෂුගර් ඩැඩීලා' සොයා යන 'ෂුගර් බේබිලා'; නවීන විද්‍යාවේ විප්ලවීය සොයාගැනීමක් කළ ලාංකීය විද්‍යාඥයා; බැඳුම්කර නිකුතු සම්බන්ධ ගැසට් පත්‍රය ගැන මහින්දගේ ප්‍රතිචාරය; අත්අඩංගුවේදී සැකකරුවකු මියයාම ගැන පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ; ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට තවත් කාලය ලැබේවිද? ... තිසර, සෙනෙහෙධීර සහ පවිත්‍රා සමග මම සරෝජ් පතිරණ ... (2017 පෙබරවාරි 26 බීබීසී සංදේශය)
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,අලුත් දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමට සූදානම් ඒකාබද්ධ විපක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිචාරය, විදේශ විනිශ්චයකාරවරුන් මැදිහත් කර ගැනීම පිළිබඳ ජනාධිපති තීරණය, ශ්‍රී ලංකාවේ 'දෙවැනි පෙළ පුරවැසියන් වැනි'මුස්ලිම් කාන්තාවන් අද (25) බීබීසී සංදේශයේ.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, වවුනියාවේ මාරාන්තික උපවාසය, මඩකලපුවේ ඉඩම් අධ්‍යක්ෂවරයාට වෙඩිතැබීමට එරෙහි කලවංචිකුඩි මහජන විරෝධය, වෙඩි තැබීමට හේතු පැහැදිලි කරන ඉඩම් ඇමති ජෝන් අමරතුංග,පළාත් පාලන මැතිවරණ සඟවා ජනමත විචාරණයකට යාමේ සැලැස්මක් තිබේද?,මනිපායි ප්‍රජා රෝහල වෙනුවෙන් මහජන සත්කාරයක් සහ කිම් ජොන් අන් විෂ රසායන ප්‍රහාරයේ අලුත්ම තොරතුරු අද (24) බීබීසී සංදේශයේ.
LISTEN: මතකය හීනවීමට දිගු නින්ද හේතුවක්ද? දොස්තර වර්ජනය සාධාරණද? හමුදා භටයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රමය නිවැරදිද? උපාලි, සෙනෙහෙධීර, චාල්ස් සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,නවක වධයට එරෙහිව ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක්, උතුරේ දමිල ජනයා ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් දකුණින් හඬක්,පළාත් පාලන මැතිවරණ කල් තැබීම ප්‍රචණ්ඩත්වයට පාර කැපීමක් බව පවසන ඒකාබද්ධ විපක්ෂය, මගී ප්‍රවාහනයේ ශබ්ද දූෂණය අද (22) බීබීසී සංදේශයේ.
දුක දිනා ජයගත් සංක්‍රාන්ති ලිංගිකයා; බැඳුම්කර ගනුදෙනුව ගැන කොමිෂන් සභා විභාගය ඇරඹෙයි; යාපනය මහාධිකරණ විනිසුරු පත්කිරීම 'සම්ප්‍රදායට විරුද්ධ නෑ'; අතුරුදහන්වූවන් සොයා දෙන මෙන් ඉල්ලා උතුරේ උපවාස ... සංගීත්, තිසර සහ සෙනෙහෙධීර සමග මම සරෝජ් පතිරණ ... (2017 පෙබරවාරි 21 බීබීසී සංදේශය)
කුලියට ගත් නිවසක නවක වදය! "බිග් මැච් තහනම් කළ යුතුයි", රටේ ණය බරට වගකිය යුත්තේ ශ්‍රිලනිපයද, එජාපයද, ජවිපෙද? : උපාලි, සරෝජ්, සෙනෙහෙ සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
"සති දෙකකින් සහල් මිල අඩුකරනවා", බෝට්ටුවක් පෙරලී වන්දනා නඩයක් අනතුරේ; පළාත් සභාවල බලතල ගැන ළඟදීම "ඓතිහාසික ප්‍රඥප්තියක්", ජීවිතය ජයගත් වීදියේ නිදන්නිය; ක්‍රිකට් තරග පාවාදීම ගැන පරීක්ෂණය සාධාරණව දියත්වේවිද? ... පවිත්‍රා, සෙනෙහෙධීර, තිසර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ ... (2017 පෙබ 19 බීබීසී සංදේශය)
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, මාධ්‍යවේදී කීත් නොයර් ප්‍රහාරයේ සැකකරුවන් අත් අඩංගුවේ. පරීක්ෂණ ප්‍රමාද වූයේ ඇයි?පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිගේ පිළිතුර , වව්නියාවත් කුණු කසල බිමක් කරන්න එපා - මහජන ඉල්ලීමක්, රයිගම් කලපුව පිළිබඳ විවාදය, තමිල්නාඩු දේශපාලන ගැටුම් සහ සැඟවුන අටවෙනි මහාද්වීපය අද (18) බීබීසී සංදේශයේ .
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,වත්මන් හෙළිකිරීමට මනාප ජනාධිපතිවරයා ,උතුරේ දමිළ කතුන් මුහුණදෙන ලිංගික අතවර පිළිබඳව හිටපු ජනාධිපතිවරිය කළ ප්‍රකාශයට ප්‍රතිචාර,යෝජිත මැතිවරණ සංශෝධන හානිකර බව පවසන ආණ්ඩුවේ ඇමතිවරයෙක්, සරසවි සිසුන්ගේ විරෝධතා රථ පෙළපාලිය , ක්‍රිකට් ක්‍රීඩා තොරතුරු අද (17) බීබීසී සංදේශයේ.
LISTEN: "ආණ්ඩුව මුට්ටිය දාල බලනවා", ජනපති සයිටම් ගැන 'අන්තරේට' කියූ දේ! ගූගල් බැලුමට මොකද වුනේ? මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රීට බැහැ කියන්න පුලුවන්ද? උපාලි, සෙනෙහෙ, චාල්ස් සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සංහිඳියාව පිළිබඳව පළකරන අදහස්, රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලවල සයිටම් විරෝධය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිචාරය,සමාජ මාධ්‍යජාලය නියාමනය කිරීමේ සැලැස්මක් තිබේද ? නැද්ද?විවාදයක් අද (15)බීබීසී සංදේශයේ
කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනයට වැට බැඳීමේ 'පුළුල් වැඩපිළිවෙලක්' සයිටම් ගැන ඇමති චම්පික රණවක පොලිසියට පෙම්වතුන් අත්අඩංගුවට ගැනීමේ බලයක් තිබේද? සහල් හිඟයක් 'ඇතිවෙන්න ඉඩ තියන්න එපා' 'වෙළඳපොලේ සහල් නෑ' ... සෙනෙහෙධීර, සුනෙත් සහ චාර්ල්ස් සමග මම සරෝජ් පතිරණ
ෆෙඩරල් පාලනය සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ව්‍යවස්ථාව මගින් බුදුදහම ආරක්ෂා කිරීම ගැන 'විරුද්ධත්වයක් නෑ' සිංහල ජනතාවටත් නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි ... දෙමළ ජනතා සන්ධානයේ එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සමග බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ පැවැත්වූ සාකච්ඡාව (TNA parliamentarian MA Sumanthiran speaking to BBC's Saroj Pathirana)
මේ වසරේ අයවැයෙන් මූල්‍ය ප්‍රතිපාදන නෑ ඒත් කොමිසමේ කටයුතුවලට බාධාවක් නෑ තොරතුරු නිලධාරීන් තවමත් පත්කරනවා ඓතිහාසික වැඩක් කළාම සියල්ල එක්වර අංග සම්පූර්ණ නෑ ... නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින් ...
FCID නිලධාරීන් ඇමෙරිකාවට යාමේ වාර්තා 'Fake News': දෙමළ ජාතික සන්ධානය ෆෙඩරල් ඉල්ලීම ගැන 'සාකච්ඡා කිරීමට සූදානම්'; රටේ සමහර පලාත්වල සහල් හිඟයක්; නියඟය සහ සහල් හිඟය ගැන කෘෂිකර්ම ඇමතිවරයා; මීතොටමුල්ල ජනතාවගෙන් ආණ්ඩුවට රතු එළියක්... උපාලි, සෙනෙහෙධීර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ ... (2017 පෙබරවාරි 13 බීබීසී සංදේශය)
උත්සාහය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අධිකරණයේ ප්‍රතිචාරය තවම දන්නේ නෑ නව ව්‍යවස්ථාවක්ද, සංශෝධනයක්ද කියන දේ "වචන හරඹයක් විතරයි" උත්සාහය තුනෙන් දෙකේ බලයෙන් සම්මත කිරීම ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින් ...
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, සයිටම් ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩුවේ වෛද්‍ය වරුන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡා , ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුල ඩිජිටල් පන්ති කාමර, දකුණු අප්‍රිකානු ක්‍රිකට් පරාජය පරාජයක්ද ?අම්පාරේ සංහිඳියා සංස්කෘතික සංදර්ශනය අද (11) බීබීසී සංදේශයේ.
LISTEN; ජාත්‍යන්තර තොරතුරු , පළාත්සභා අධ්‍යාපන වියදම් ගැන ජනාධිපති අදහස්, මහඇමතිවරයකුගේ ප්‍රතිචාරය , එලගු තමිල් රැලිය ,සනත් ජයසූරිය ගේ ඉල්ලා අස්වීම ,තමිල්නාඩුව රත් කරන දේශපාලන අවුල සහ ජනාධිපති ට්‍රම්ප් ‘එක චීනයක්’ පිළිගැනීමේ පුවත් අද (10)BBC සන්දේශයේ.
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , විදේශීය මාධ්‍ය ආයතනවල නියෝජිතයන් හමු වූ විදේශ ඇමතිවරයා, රුපියල් කෝටි 11000 ක විනාශයක් ගැන කියන කෝප් කමිටු වාර්තාව , සයිටම් ප්‍රශ්නය බරපතල වුනේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මුරණ්ඩු කම නිසා යයි පවසන ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා සහ මුලතිව් ඉඩම් අහිමි ජනතාව වෙනුවෙන් ඉදිරිපත් දකුණේ මහජන උද්ඝෝෂණයක් අද (පෙබරවාරි 08) බීබීසී සංදේශයේ.
තරග පාවාදීම සනාථවුනොත් දැඩි දඬුවම් තේරීම් කමිටුවට පූර්ණ නිදහස තිබෙනවා යෝජනා ඉදිරිපත් කළේ ක්‍රිකට්වලට ආදරේ අය අයිසීසී ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්නා ...ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින්.
ලොවින් සැඟවුණු චිම්පන්සි ජාවාරමක තොරතුරු; "ඇන්ජලෝ මැතිව්ස් ඉවත්කිරීමේ කිසිම සැලසුමක් නෑ"; මහින්ද රාජපක්ෂ ගැන සයිටම් මතය; අපරාධ යුක්ති විනිශ්චය කොමිසමට නීතිපතිගෙන් සංශෝධන ... සංගීත්, තිසර, සුනෙත් සහ චාල්ස් සමග මම සරෝජ් පතිරණ ... (2017 පෙබරවාරි 02 බීබීසී සංදේශය)
පිරිමින්ටත් පියයුරු පිළිකා ! වෛද්‍යවරුන්ගේ මීළඟ පිම්ම, බැඳුම්කරය: ජනාධිපති කොමිසමෙන් වැඩක් වෙයිද? උපාලි, සරෝජ්, සුනෙත් සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සමඟ බීබීසීයේ තිසර රතුවිතාන කළ සංවාදය.
ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්කිරීමේ 'කුමන්ත්‍රණයක්'; තරගවලට ක්‍රීඩකයන් තෝරාගත්තේ 'අවසාන මොහොතේ'; ***තේරීම් කමිටුවේ කටයුතුවලට විධායක කමිටු නිලධාරීන් 'බලපෑම් කළා' ... ඩේලි මිරර් පත්‍රයේ ක්‍රීඩා මාධ්‍යවේදී චම්පික ප්‍රනාන්දු දකුණු අප්‍රිකාවේ සිට සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින් ...
'විධායක කමිටුවේ නිලධාරීන් තමන්ගේ ක්‍රීඩකයන් ඇතුළු කරන්න උත්සාහ දරනවා'; ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්? බැඳුම්කර ගනුදෙනුව ගැන පියවර නොගත්තොත් ආර්ථිකය අවදානමේ - ඒකාබද්ධ විපක්ෂය; වැරදිකරුවන්ට 'අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා; ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිස සුන් කාටුන් ... තිසර, සෙනෙහෙධීර සහ පවිත්‍රා සමග මම සරෝජ් පතිරණ ...
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , ගාලු මුවදොර පිටියේ ආණ්ඩුවේ නිදහස් දින සැමරුම, නිදහසක් නැති බවට උතුරින් සහ කොළඹින් නැගෙන හඬ , එකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමක් ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන බව පවසන SB දිසානායක ඇමතිවරයා , සෙරෙප්පු පැළඳ ඥානය වැඩිකර ගන්නා බටහිර දරුවෝ සහ මිනිසුන් හදිසි හෘදයාබාධ වලට ගොදුරුව හිටි අඩියේම මරණයට පත්වීමට හේතුවෙන ජාන විශේෂයක් ගැන තොරතුරු අද (04) බීබීසී සංදේශයේ.
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, තොරතුරු දැන ගැනීමේ පනත බල පැවැත්වෙයි, ළඟදීම කැබිනට් සංශෝධනයක් , එරඬු ඇට කෑ පාසල් දරුවන්ට අසාධ්‍යයි, මහඇමති විග්නේශ්වරන්ගෙන් දයාසිරි ජයසේකරට පිළිතුරක් සහ ලාදුරු රෝගය මැඩලීමේ සැලසුම් පිළිබඳව සවන් දෙන්න අද (03) බීබීසී සංදේශයෙන්.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති. සහල් මිල අඩුකළත් පාරිභෝගිකයාට වාසිය නොයන බව ආණ්ඩුව පිළිගනී , සෞඛ්‍යය ඇමති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් ,කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රතිචාරය අද (02) බීබීසී සංදේශයේ.
හිටපු ජනාධිපති මහින්දගේ ප්‍රජා අයිතිය නැතිවේවිද?; විල්පත්තුවේ වන විනාශයක්ද, නැද්ද?; විධායක නියෝග නිසා ඇමෙරිකාවේ 'ව්‍යාකූල තත්ත්වයක්' ... සංගීත්, තිසර, පවිත්‍රා සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ (2017 ජනවාරි 30 බීබීසී සංදේශය)
යුද අපරාධ කළා නම් දඬුවම් දිය යුතුයි -සරත් ෆොන්සේකා; මහින්දට රනිල් ගෙන් පිළිතුරු; ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක සීතල යුද්ධයකද? ත්‍රිකුණාමලය වරාය සංවර්ධනයෙන් 'විශාල පරිසර හානියක්' ... සෙනෙහෙධීර, සුනෙත් සහ චාල්ස් සමග මම සරෝජ් පතිරණ ... (2017 ජනවාරි 28 බීබීසී සංදේශය)
බැඳුම්කර නිකුතුව ගැන වාර්තාව ලබා නොදුන් බවට මුදල් ඇමති රවී කරුණානායක කරන චෝදනාව 'වැරදියි' කිරිඇල්ල ඇමතිවරයා කරන චෝදනාව ගැන 'ලෝක බැංකුව එහෙම දෙයක් කියලා නෑ' ... විගණකාධිපති ගාමිණී විජේසිංහ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින් ...
සොරාගත් දේපොළ ජනසතු කරනවා - මහින්ද; 'FCID නීතිවිරෝධී නම් මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්න බෑ'; මුදල් ඇමති සහ ඇමති කිරිඇල්ලට විගණකාධිපතිගෙන් පිළිතුරු; සිසුන් බඳවා ගැනීමේ 'මාෆියාවට' එරෙහිව අධ්‍යාපන ඇමතිවරයා ... සංගීත්, සෙනෙහෙධීර සහ චාල්ස් සමග මම සරෝජ් පතිරණ (2017 ජනවාරි 27 බීබීසී සංදේශය)
සැමියා සිපගන්නට වරම් නැති බිරිඳ!, කොහොමද ටිකිරි මොළේ? පුස්කොළ පොත් වට්ටෝරු ඇමරිකාවට: සෙනෙහෙධීර, චාල්ස් සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
වැඩිහිටියන් අතර සම්බන්ධතා ගැන රාජ්‍යය මැදිහත්වීම වැරදියි ... ශ්‍රී ලංකාවේ තවමත් අධිරාජ්‍යවාදී යුගයේ නීතියක් ක්‍රියාත්මකවීම 'උත්ප්‍රාසයට කරුණක්' ... ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස්කම් කිරීම ශිෂ්ට සම්පන්න සමාජය අනුමත කරන්නේ නෑ ...*ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියකගේ අත්දැකීම ... ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම සංදේශයේ සරෝජ් පතිරණ සමග අදහස් දක්වමින්.
සමලිංගික සේවනය, ගණිකා වෘත්තිය සහ බැඳුම්කර ගැන ජනපති මෛත්‍රීගේ අදහස; "මිනිසුන් අතර පමණක් නොව සතුන් අතරත් සමලිංගිකත්වය තිබෙනවා"; ට්‍රම්ප් ඉතිහාසගතවන කරුණු අටක් ... සංගීත්, තිසර, සෙනෙහෙධීර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ ... (2017 ජනවාරි 25 බීබීසී සංදේශය)
LISTEN: "දෙවැනි රැකියාව කරන්නේ ජීවත්වෙන්න - අපිත් ඉන්නේ ජීවත්වීමේ අරගලයක" රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සමන්ත ආනන්ද සමඟ බීබීසීයේ තිසර රතුවිතාන කළ සංවාදය.
"හොරාට හොරා කියනවා", පෞද්ගලික සේවය කරන්නේ පඩියෙන් ජීවත්වෙන්න බැරි නිසා - වෛද්‍යවරු, ජනපතිට 'පෝස්ට් කාඩ් එකක්', කොටි වර්ග දෙකක අරගලයක්: සරෝජ්, සුනෙත් සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
විල්පත්තු අභය භූමිය 'විනාශයක් නෑ'; අර්ජුන මහේන්ද්‍රන් මුදල් අමාත්‍යංශයේ පදවි දැරීම 'ජනපතිවරයාත් අනුමත කරන්නේ නෑ'; 'ශ්‍රී ලංකාවට ළඟදීම විදෙස් ආයෝජන ගලා ඒවි' ... සංගීත්, තිසර, සෙනෙහෙධීර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ
LISTEN: දින 21ට ඩෙංගු බවට සැකකෙරෙන රෝගීන් 2584ක්, නියඟයෙන් මිලියනයක් ජනතාව පීඩාවට, "වාණිජ සිනමාව කඩා වැටිලා": සුනෙත් සහ චාල්ස් සමඟ මම තිසර රතුවිතාන.
"පැරදුනු විදිහ ගැන හිතට අමාරුයි", විල්පත්තුව "ලොවටම එකයි", නියඟයෙන් ලක්ෂ හයක් පීඩාවට, පරිසරය රකින්න ත්‍රිවිධ හමුදාව: සෙනෙහෙධීර, චාල්ස් සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
ලංකා ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයා සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ බීබීසීයේ තිසර රතුවිතාන කළ සංවාදය.
LISTEN: ගල් අඟුරු වංචාව: "එවකට සිටි ඇමතිවරයාට දැනුම් දී තිබුණා", "වගාවට ගිය රතන හිමි කොළඹ වෙනදේ දන්නෙ නැහැ", මසට ඇතිකරන සුනඛයෝ: සරෝජ්, සුනෙත් සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
රාජපක්ෂ ආණ්ඩුව චීනයට සින්නක්කර ඉඩම් දුන් බව 'දැන සිටියේ නෑ' - බන්දුල ගුණවර්ධන; 'ලොතරැයි මිල ඉහල දමන්නේ නෑ'; කොකා කෝලා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ?; ඕමන්තේ මුරපොලේ ඉඩම් කොටසක් දිසාපති වෙත ... සංගීත්, තිසර, සෙනෙහෙධීර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ ... (2017 ජනවාරි 17 බීබීසී සංදේශය)
ලොව ධනවත්ම අටදෙනාගේ වත්කම් ගැන හෙළිදරව්වක්!, "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වේ නැහැ", මෑන් පවර් සේවකයෝ තවමත් පාරේ: සරෝජ්, සුනෙත්, චාල්ස් සහ සංගීත් කළුබෝවිල සමඟ මම තිසර රතුවිතාන.
"අලුත් ව්‍යවස්ථාවක් සහ ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි"; ෆෙඩරල් ව්‍යවස්ථාවක අදහසක් නෑ - ජනපති; මුතුරාජවෙල රක්ෂිතය "අනතුරේ"; හම්බන්තොට ප්‍රහාරයට එරෙහිව මාතර සත්‍යග්‍රහයක්; ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වෙනස් විය යුතුද? ... සෙනෙහෙධීර සහ චාල්ස් සමග මම සරෝජ් පතිරණ ...
උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේත් සඳහන් වෙනවා මෛත්‍රී එකඟ වූ පරිදි විධායක ජනපති ක්‍රමය අහෝසි කළයුතුයි *** ජනතා විචාරණයක් අවශ්‍යයි ... එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයාගෙන් සරත් අමුණුගම ඇමතිවරයාට පිළිතුරු. (සාකච්ඡාව - සරෝජ් පතිරණ)
මත්ද්‍රව්‍ය භාවිත කරන පෞද්ගලික බස් රථ රියදුරන් අල්ලන්න බැරිද? බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසුමට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි:
තරුණියකට තනිවම පාරේ බැහැල යන්න බැරිද? "මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පෞද්ගලික බස් රථ රියදුරන් අල්ලන්න නීතියක් නැහැ." සෙනෙහෙධීර සහ සුනෙත් සමඟ මම අරවින්ද තිසර රතුවිතාන.
නියඟය නිසා රටේ විදුලිබල අර්බුදයක්; පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට හමුදාවත් - ජනපති ගෙන් ප්‍රතිඥාවක්; කොළඹ අමුතු සීතලක් ඇයි? යාපනය සිසු මරණ වාර්තාව ගැන පොලිසියට අධිකරණයෙන් දොස්; මහනුවර මරණ ගැන 'අසත්‍ය ප්‍රචාර එපා' ... සංගීත් කළුබෝවිල, සෙනෙහෙධීර සහ චාල්ස් සමග මම සරෝජ් පතිරණ (2017 ජනවාරි 13 බීබීසී සංදේශය - BBC Sinhala)
"බැහැයි කියල බැහැ. ඇයි එහෙනං නායකත්වය බාරගත්තේ?" දින 12ට ඩෙංගු බවට සැකකෙරෙන 1200ක්, දශක පහක් 'ගජමෑන්' ගෙනා කැමිලස්, ට්‍රම්ප් සමඟ පැටලෙන නිළිය: සෙනෙහෙ, චාල්ස් සහ සංගීත් කලුබෝවිල සමඟ සමුගන්නා මම තිසර රතුවිතාන.
'ද්‍රෝන තාක්‍ෂණය හොඳයි, ඒත් ප්‍රවේශමෙන්; මහනුවර රෝහලේ ඉන්ෆ්ලුවන්සා අවදානමක්; විමල් වීරවංශ ගෙන් 'රජයට ලක්ෂ ලක්ෂ 916 පාඩුවක්'; පෘථිවියේ සංයුතිය ගැන අලුත් සොයාගැනීමක් සහ බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණයා ... සංගීත් කළුබෝවිල, තිසර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ
LISTEN: "ඇමතිගේ උවමනාවට තොරතුරු විකෘති කරලා" මහින්ද චීනෙට සින්නක්කර ඉඩම් දුන්නාද? ගංජා භාවිතා කර රිය පදවන පෞද්ගලික බස් රියදුරන්: සරෝජ්, සුනෙත් සහ සංගීත් සමඟ මම තිසර රතුවිතාන.
යුද බිමට ලේසර් අවි ! පිරිත් අහන්න ටයි කෝට් ? මීළඟ ජනාධිපතිවරණයටත් මෛත්‍රී ගෙන ඒම සදාචාර සම්පන්නද? සංගීත්, සරෝජ්, සෙනෙහෙ සහ සුනෙත් සමඟ මම තිසර රතුවිතාන.
මහින්ද බලය අත් හැර පලා ගියා - මෛත්‍රී; 2020 ජනපතිවරණයට ජනපති මෛත්‍රී ඉදිරිපත් විය යුතුයි -ශ්‍රීලනිප; ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් අට වසරක්; හම්බන්තොට ප්‍රහාරය මර්දනයක් - මහින්ද ... තිසර, සුනෙත් සහ චාල්ස් සමග මම සරෝජ් පතිරණ ... (2017 ජනවාරි 08 බීබීසී සංදේශය)
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, හම්බන්තොට චීන ආයෝජන ව්‍යාපෘතිය ආරම්භ කෙරෙයි, චීන ආයෝජන ව්‍යාපෘතියට එරෙහි විරෝධතා ව්‍යාපාර, ආණ්ඩුවේ විග්‍රහය සහ අපේක්ෂා ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසීමේ ක්‍රමවේදය ප්‍රශ්න කරන මහඇමති සරත් ඒකනායක අද(07) බීබීසී සංදේශයේ.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,චීනයට අක්කර පහළොස් දහසක් දීමේ කතාව හිතලුවක්- ජනාධිපති ,ආර්ථිකය සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා සහ මුදල් ඇමති ප්‍රකාශනයන්හි යතාර්ථය, තාජුදීන් රියේ පසුපස අසුනේ ගමන්ගත්තේ කවුද? දිවියෙන් සමුගත් විනිසුරු වීරමන්ත්‍රී අසම චරිතයෙන් බිඳක් අද (06) බීබීසී සංදේශයේ.
LISTEN ; හම්බන්තොට වරාය ව්‍යාපෘතිය චීනයට බදුදීම සහ ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයන්ගේ අදහස්, විල්පත්තු විවාදය, CIA නියෝජිතයෙක් සදාම් හුසේන් ගැන කරන විග්‍රහය අද (05) බීබීසී සංදේශයේ.
සැම්බියාවේ කාන්තාවන්ටත් ඔසප් නිවාඩුවක්; අමාත්‍ය රාජිත බොදු බල සේනාවට සහාය දුන්නාද?; 'ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි'; යුද අපරාධ පරීක්ෂණයට විදේශීය විනිසුරන් නෑ -රාජිත; දේශීය පරීක්ෂණයක් ගැන ජනතා විශ්වාසයක් නෑ - කාර්ය සාධක බලකාය ... සංගීත්, උපාලි, තිසර සහ සෙනෙහෙධීර සමග මම සරෝජ් පතිරණ ...
"කැමරාව ඉස්සරහ ජවනිකා රඟපාන්න එපා" - "ඔප්පු කළොත් ඇමැතිකමින් ඉල්ලා අස්වෙනවා" - "සහල් මාෆියාවක්", ප්‍රංශයේ නිපදවෙන සිංහල වේදිකා නාට්‍යයක්: සරෝජ්, සුනෙත් සහ චාල්ස් සමඟ මම තිසර රතුවිතාන.
LISTEN: "මුස්ලිම්වරුන්ට ගහපු අය අපි දන්නවා" - "මහින්දට ආණ්ඩුව පෙරලන්න දීල මම ස්විස් යනවා" - "ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්": උපාලි, සුනෙත් සහ චාල්ස් සමඟ මම තිසර රතුවිතාන.
නව වසර උදාවෙද්දී ගෙවල් හයක් ගිලාබසී! විල්පත්තුවට ජනපතිගෙන් සහතිකයක්, වැලි මස්සගෙන් ප්‍රවේසම්වන්න: සුනෙත් සහ චාල්ස් සමඟ මම අරවින්ද තිසර රතුවිතාන.
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වෙන බවට හෝඩුවාවක් නැතිබව පවසන කම්කරු ඇමති WDJ සෙනෙවිරත්න , ආපසු නොපැමිණි උතුරේ ගුරුන් නිසා පාසල් අවුලක්, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ව්‍යාපාරයේ කුඩම්මාගේ සැලකිලි ලබන ළමා සෞඛ්‍යය අංශය , 2016 වසරක පියසටහන් ,බීබීසී සංදේශය කාර්ය මණ්ඩලය ඔබට පිරිනමන නව අවුරුදු ශුභ පැතුමත් අද (31) බීබීසී සංදේශයේ.
LISTEN;තමා පරාජය කිරීමට බොදුබල සේනා සංවිධානය දායක වූ බව පවසන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ,බොදුබල සේනා ප්‍රතිචාරය ,අතුරුදහන්වූවන් ගැන තොරතුරක් ඉල්ලමින් වව්නියාවේ සහ ත්‍රිකුණාමලයේ මහජන උද්ඝෝෂණ , කුසගින්නෙන් මියැදෙන නයිජීරියානු ළමා පරපුර අද(30) බීබීසී සංදේශයේ.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , ලබන අවුරුද්ද (2017) ඇතුළත ආණ්ඩුව පෙරළා දමන බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , එය සිහිනයක් බව පවසන එස්.බී.දිසානායක ඇමතිවරයා , උමාඔය ජනහඬ ,දකුණේ ‘බෝතල් රා’ එපා කියන උතුර සහ දූෂිතයන් හෙලිකොප්ටර් යානාවලින් බිමට තල්ලු කළ යුතු බව පවසන පිලිපීන ජනාධිපතිවරයා අද (29) බීබීසී සංදේශයේ.
ඔසප් නිවාඩුවක් ලබාදීමට පුද්ගලිකව එකඟයි - ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර; 'කකුලෙන් අදින්න එපා'- ඇමතිවරයකුගෙන් ශ්‍රීලනිපයට දෝස්මුරයක්; ලෝක බැංකුවේ ණය මුදල සුභසාධන වැඩසටහන් කප්පාදුවටද? ... සිංහල ඩයස්පෝරාවෙනුත් ගෝලීය සංසදයක් ... උපාලි, සෙනෙහෙධීර සහ තිසර සමග මම සරෝජ් පතිරණ ... (2016 දෙසැම්බර් 28 සංදේශය)
දෙවසරක අවෑමෙන් යහපාලනයේ තත්වය පිළිබඳව මහාචාර්ය සරත් විජේසූරිය සමඟ බීබීසීයේ තිසර රතුවිතාන කළ සංවාදයේ හඬ පටය.
LISTEN: "පොලිස්පතිට ලැබුණු දුරකථන ඇමතුමෙන් යහපාලනයේ රහසක් හෙළිවුණා", යහපාලනය "අර්බුද ගණනාවක", දූවිලි ඔයේ කඳුළු, සහජීවනයට හිටිවන කවිය: සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
'සුනාමි නිවාස 500ක් තවමත් හිස්, තවත් සුනාමි ගම්මානයක නිවාස කඩා වැටිලා', ඉන්දියාවේ මිසයිල අත්හදා බැලීම කටුනායකටත් බලපායි, නත්තලේ නිවීගිය තරුව- ජෝර්ජ් මයිකල්: උපාලි, සරෝජ්, සුනෙත්, සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
බහරේනයේ සිට ලාංකීය ගීතලෝලීන් පිනවන කුශී; සංහිඳියා කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට; දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට 'තවමත් සාධාරණයක් නෑ' සහ සෝවියට් දේශය බිඳ වැටී විසි පස් වසරක් ... තිසර, සුනෙත් සහ චාල්ස් සමඟ මම සරෝජ් ... ඔබ සැමට සුභ නත්තලක් !!!
Listen: ඇමරිකානු ඔත්තු සේවාවන්හි සූක්‍ෂම කූටප්‍රාප්තිය ලෙස කෙනෙක් මෙය හඳුන්වද්දී තවත් කෙනෙක් මෙය දකින්නේ පාලකයන්ගේ ආත්මාර්ථය නිසා මරණ මංචකයට පාර කපාගැනීමක් ලෙස... බීබීසී සංදේශය වෙනුවෙන් තිසර රතුවිතාන තැබූ කෙටි සටහනක්.
LISTEN ;ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,දෙමළ ජාතික සන්ධානය රවිරාජ් ඝාතන නඩු තීන්දුවට එරෙහිව අභියාචනා කරයි, අගමැති රනිල් වික්‍රමසිංහ මල්වතු-අස්ගිරි මහනාහිමිවරු බැහැ දකියි, වී මිල දී ගැනීමේ දී වී අලවි මණ්ඩලය සහ පෞද්ගලික වී මිල දී ගන්නන් අතර තරඟයක් තිබේද? වී අලෙවි මණ්ඩලයේ සභාපති MB දිසානායක ,ගාලුමුවදොර නත්තල් ගස ඉදිකිරීමේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා අද (24) බීබීසී සංදේශයේ.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , ජනතා විමුක්ති පෙරමුණ චීනයට එරෙහිව වීදි බසී, හම්බන්තොට ගොවීන් ගොවි උපකරණ රැගෙන විරෝධතා ව්‍යාපාරයේ, ආණ්ඩුවේ ප්‍රතිචාරය, නැගෙනහිර වෙරළට පාවී ආ ආගන්තුක ලෝහ නිමැවුමක් සම්බන්ධයෙන් පරීක්ෂණ , පළාත්සභා බලතල අඩු නොකරන බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ අද (23) BBC සංදේශයේ .
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, බුදුරුව මුද්‍රණය කළ මුළුතැන්ගේ ඇඟලුම් , සමාජ වෙබ් ජාලා පාලන ප්‍රයත්නය ,සූර සරදියෙල් නමින් ගෝනුස්සෙක් ,අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි බාහිර සහ අභ්‍යන්තර බලවේග හඳුනා ගැනීමක් අද (22 ) බීබීසී සංදේශයේ.
දිවියෙන් සමුගත් දෙස් විදෙස් සම්මානලාභී කිවිඳිය, ඈන් රණසිංහ පිළිබඳව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය සරත් අමුණුගම සමඟ සාකච්ඡාවක් ඇසුරෙන් සරෝජ් පතිරණ බීබීසී සංදේශයට සකස් කළ විශේෂාංගයක්.
'සිංහල ජනතාවට ග්‍රාම සේවකගෙන් ලිපියක් ලබාගන්න බැරි අවස්ථා තියෙනවා'; සුපිරි අමාත්‍ය ධුරයක් 'අවශ්‍ය නෑ'; ලසන්ත සමඟ මහින්දගේ දුරකතන සංවාදය; තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් වඳවීමේ තර්ජනයක්; යුදෙවු සංහාරයෙන් වේදනා විඳි ලාංකීය කිවිඳිනිය ... තිසර සහ සෙනෙහෙධීර සමඟ මම සරෝජ් පතිරණ (දෙසැම්බර් 21, 2016 බීබීසී සංදේශය)
ජ්‍යොතිෂ අනාවැකියක්ද? ඝාතන සැලැස්මක්ද? තැපෑල වැඩවරයි, ලියුම් දශ ලක්‍ෂයක් එකතැන, දෙමල ජනතාවගේ ප්‍රශ්න ගැන විග්නේශ්වරන්ගෙන් ප්‍රකාශයක්: සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
"මගේ නෝනටයි ළමයින්ටයි කියල තියෙන්නේ වෙබ් සයිට් බලන්න එපා කියල", අබාධිතයන් රවටන වංචාකාරයෝ, එංගලන්තයේ සියදිවි නසා ගැනීම් වැඩිවෙයි: උපාලි, සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
'මූලික හිමිකම් නැති' ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාව; වංචා දූෂණ විමර්ශනයට අපරාධ යුක්ති විනිශ්චය කොමිසමක්; උතුරේ සිට ඉන්දියාවට යළිත් මගී ප්‍රවාහන නෞකාවක්; ලිංගික හිංසනයට එරෙහි ඉන්දීය කාන්තාවෝ සහ මැදපෙරදිග කාන්තාරයෙන් මතු වී අන්තර්ජාලය කළඹන මියුරු ගී රාවය ... තිසර, සුනෙත් සහ චාල්ස් සමඟ මම සරෝජ් පතිරණ ...
ජාත්‍යන්තර ප්‍රවෘත්ති. මාගම්පුර වරායට නාවික හමුදාවක්, මැතිවරණ වියදම් පාලනය කිරීමේ කෙටුම්පතක් ,පළාත් ආණ්ඩුකාර බලතල අඩුකළ යුතුද?, ජනාධිපති බරක් ඔබාමා රුසියානු ජනාධි පතිවරයාට කරන දැනුම්දීමක් අද (17)බීබීසී සංදේශයේ.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති. ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයෙන් පස්වසරක MCC ආධාර, අල්ලාගනු ලබන මත්ද්‍රව්‍ය පුළුස්සා දමන මෙන් ඉල්ලීමක්,තිස්ස අත්තනායකට පිටරට යාම තහනම් සහ තවත් කාලීන තොරතුරු අද (16) බීබීසී සංදේශයේ.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,හම්බන්තොට වරාය වර්ජනය නිමයි, මාගම්පුර වරායට නාවික හමුදාවක්, ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ නාවික හමුදාපතිවරයාට එරෙහිව ,රටතුල සහල් හිඟයක්.සහල් ආනයනය කිරීමේ සූදානමක්, ඉන්දියාව අධිවේගී මාර්ගවල මත්පැන් වෙළෙඳසැල් තහනම් අද (15)බීබීසී සංදේශයේ.
LISTEN: මසකට රුපියල් ලක්ෂ හත බැගින් ගෙවා මන්ත්‍රීවරුන්ට කුලී වාහන ලබාදීමේ ගිවිසුම පිළිබඳව බීබීසියේ තිසර රතුවිතාන කළ විමසීමට පිළිතුරු දුන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ.
LISTEN: මන්ත්‍රී වාහන: අමාත්‍යංශ ලේකම් අත්සන් නොකළේ ඇයි?, සේවකයෝ සිල් ගනිද්දී හම්බන්තොටට තවත් නැවක්, හමුදාවෙන් පලා ගිය අයගේ ඉරණම, ළමා කාටුන් සහ ඉස්ලාම් සංකල්පය: සරෝජ් සහ සුනෙත් සමඟ මම තිසර රතුවිතාන.
"ජනපතිතුමනි, ඔබේ රැහේ එවුන්ගේ කන් පලනවා", නාවික හමුදාපතිට එරෙහිව මාධ්‍යවේදීන් මහපාරේ, "මාධ්‍යවේදියා ආචාර ධර්ම බිඳලා", ලොව උසම නත්තල් ගස යළි එසැවෙන්නේ ඇයි? උපාලි, සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
හම්බන්තොට මාධ්‍යවේදියාට පහරදීම ගැන 'පරීක්ෂණයක්'; පොලිස්පති සහ නිලමේ ගැන ජනපතිට නිර්දේශ; අර්ධ ෆෙඩරල් ක්‍රමයකට පවා විරුද්ධයි -ලසසප; එච්අයිවී ආසාදිතයන්ට ලිංගික පහස අකැපද? නොබෙල් සම්මානයෙන් පුද ලබන බොබ් ඩිලන් ... තිසර, සුනෙත් සහ චාල්ස් සමග මම සරෝජ් පතිරණ
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, හම්බන්තොට වරායට නාවික හමුදාව පිවිසෙයි ,ලෝක මානව හිමිකම් දිනයේ උතුරින් නැගෙන හඬ ,’ඩිජිටල්’ යුගයකට යන බවක් කියමින් අන්තර්ජාල බදු වැඩි කරන ශ්‍රී ලංකාව,ශ්‍රී ලංකා අත්දැකීම් ගැන අවධානය යොමුකරන කොලොම්බියාව අද (10) බීබීසී සංදේශයේ.
LISTEN ;ජාත්‍යන්තර ප්‍රවෘත්ති,රාජ්‍ය යන්ත්‍රය තුල මුල්බැස ගත් දූෂණ ගැන කතා කරන ජනාධිපතිවරයා, එක්සත් ජාතික අලුත් සංග්‍රාමය, දකුණු ආසියාවේ මහා කොකේන් තොගය,ඉන්දියාවේ වෘක්ෂ මාතාවක් ගැන කතාවක් අද (09) බීබීසී සංදේශයේ.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල උණුසුම් කතාබහක්, වධහිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ ශ්‍රී ලංකා වාර්තාව , අගමැති සමඟ පාස්පෝර්ට් ගැන කතා නොකළ බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (08) බීබීසී සංදේශයේ.
ජාතික ආරක්ෂාව සඳහා 'හමුදාව තරකිරීම පමණක් ප්‍රමාණවත් නෑ'; ව්‍යවස්ථා කටයුතු විශේෂඥයකුට මරණ තර්ජන; හම්බන්තොට වරාය ගැන අලුත් ගිවිසුමක්; පොලිස්පතිට ලැබුණු දුරකතන ඇමතුම කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි; ඊපීඩීපී සාමාජිකයන් පිරිසකට මරණ දඬුවම ... උපාලි, සුනෙත්, සෙනෙහෙධීර සහ තිසර සමඟ මම සරෝජ් පතිරණ
LISTEN: තමිල්නාඩුවේ අම්මා ! දඩ මුදල වැඩි නොකර මොළ සුද්ද කරන්න -බස් රියදුරන්ගේ සම්මේලනය, දශක හතකට පසු ද්‍රෝහී ලැයිස්තුවෙන් වීර ලැයිස්තුවට යන කැප්පෙටිපොල අදිකාරම්: සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
'සියයක් කාන්තාවෝ: ලොවින් අඩක් ඔබ අමතයි' විශේෂාංගය වෙනුවෙන් ඔඩෙල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඔටාරා ගුණවර්ධන සමඟ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ පැවැත්වූ සාකච්ඡාව.
පොලිස්පතිට 'සර්'ගෙන් ලැබුණු ඇමතුම ගැන අධිකරණ ඇමතිගේ මතය! දඩ මුදල වැඩිවී මාසයකින් 'අනතුරු අඩුවෙලා', අගමැතිට සහ ජනපතිට සිතාසි, අසාධ්‍ය තත්වයේ පසුවන ජයලලිතා: උපාලි, සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ෆිදෙල් කැස්ත්‍රෝගේ අන්තිම කැමැත්ත සහ ඊට ගරු කරමින් අවසන් කටයුතු සිදුවුණු ආකාරය පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන කළ විමසුමක හඬ පටය.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති,පෞද්ගලික බස් වර්ජන ප්‍රශ්නයට ජනාධිපතිවරයාත් මැදිහත් වෙයි ,පූජිත ජයසුන්දර සහ තවමත් සැඟවී සිටින ‘sir’ ආරක්ෂා කරන අගමැතිවරයා, පාර්ලිමේන්තුව ඉදිරිපිට කඳුළු ගෑස්, උතුරු මුහුදේ මත් ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අලුත්ම මෙහෙයුම සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තායිවාන් පිළිවෙත ඉදිරියේ නොසංසුන් චීනය අද (03) බීබීසී සංදේශයේ.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,පෞද්ගලික බස් සහ ත්‍රිරෝද රථ විරෝධතා ව්‍යාපාර සමඟ ගැටුම් ,ආණ්ඩුවත් පසු නොබසින ලකුණු ,වසරක සිර දඬුවමකින් අනතුරුව කුමාර් ගුණරත්න නිදහස් ලෝකයේ, 2015 වසරේ දී ඩීසල් වාහනවලින් සමුගන්නා ලෝකය අද(02) බීබීසී සංදේශයේ. සවන් දෙන්න.
LISTEN;දේශනයක් මැද පොලිස්පතිවරයා ලද හදිසි දුරකතන ඇමතුම,පොලිස්පති දුරකතන සංවාදයෙන් පාර්ලිමේන්තුවත් කැළඹෙයි, ජනපති ප්‍රතිචාරය, ජාතික ගැටලුව ඉදිරියේ අවංක වෙනමෙන් ඉල්ලා සිටින ජනාධිපතිවරයා, මහනුවර ත්‍රිරෝද රථ විරෝධය, සහ ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් සාකච්ඡා වක් අද (01) බීබීසී සංදේශයේ.
LISTEN: "ශත පනහේ වන්දිය ගන්න රුපියල් පනහක මුද්දර", රිමාන්ඩ් භාරයට යන කරුණා අම්මාන්, වෛද්‍ය වර්ජනය පිටුපස දේශපාලන අරමුණක්ද? සටන් කලාව හදාරන කාන්තාවෝ: සරෝජ්, සෙනෙහෙ, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම අරවින්ද තිසර රතුවිතාන.
LISTEN: ගැහුවොත් අපිත් ගහන්න ඕනෙ -රනිල්, මේක මාධ්‍ය මර්දනයක් -අනුර, තවත් දොස්තර වර්ජනයක්: උපාලි, සරෝජ් සහ සුනෙත් සමඟ මම තිසර රතුවිතාන.
'විප්ලවයකට ජනතා සහාය වගේම පූර්ණව කැපවුණු නායකත්වයක් අවශ්‍ය බව ෆිදෙල් මට කිවුවා' - කියුබානු විප්ලවයේ නායකයා හමු වී සාකච්ඡා කළ ප්‍රවීන ගුවන් විදුලි ශිල්පී පාලිත පෙරේරා සංදේශයේ සරෝජ් පතිරණ සමඟ ඒ හමුව විස්තර කරමින්. (ඡායාරූපය: ජේආර් ජයවර්ධන කේන්ද්‍රය)
ඝාතන කුමන්ත්‍රණ සහ රැවුල ගැන ෆිදෙල් කැස්ත්‍රෝ ගෙන් විමසූ පාලිත; බාධා නොතකා නව ව්‍යවස්ථාව සම්පාදනය කරන්න - මල්වතු මහනාහිමියෝ; සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් නිර්මාණයට තෝකියෝ සිනමා උළෙලේ දෙවැනි ස්ථානය; මෛත්‍රීගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට විශේෂ පණිවුඩයක්; ලිංගික හිංසනයෙන් බැට කන ශ්‍රී ලාංකික දියණියෝ; ජල හිඟයෙන් පීඩා විඳින සිම්බාබ්වේ වැසියන්ගේ කතාව ...තිසර, සුනෙත් සහ චාල්ස් සමග මම සරෝජ් පතිරණ
LISTEN; ෆිදෙල් කස්ත්‍රෝ - කියුබානු විප්ලවීය නායකයාගේ අභාවය සම්බන්ධයෙන් ලෝක ප්‍රතිචාරය, ෆිදෙල් හමු වූ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෙක් තබන මතක සටහනක්, නඩු නොපවරා රඳවා සිටින සිරකරුවන්ගේ ඉරණම පිළිබඳව හඬ,සහ කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් අතර බල අරගලයේ තවත් කතාවක් අද (26) බීබීසී සංදේශයේ.
LISTEN ; ලංකා ඊ නිව්ස් කතුවරයා අත්අඩංගුවට ගන්නා මෙන් අධිකරණ නියෝගයක්, ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීරගේ ප්‍රතිචාරය, ගාලු වරායේ ‘ඇවන්ගාර්ඩ්’ නැව මුදාහැරෙයි, සිම්බාවේ තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය පිළිබඳව ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහ මියන්මාර් ‘රෝහින්ජා’ මුස්ලිම් ඉරණම අද (25) බීබීසී සංදේශයේ.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති , රුපියල් කෝටි 200ක පමණ කොකේන්, අන්තර්ජාල බදු වැඩිකළේ ඇයි? -මුදල් ඇමති, මාලඹේ සයිටම් අර්ධ රාජ්‍ය අයිතියට පවරා ගැනීම, ඉන්දියානු මූල්‍ය අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24)බීබීසී සංදේශයේ.
කෙන්යාවේ ඩේවිඩ් ශෙල්ඩ්‍රික් වනජීවී අරමුදලේ සභාපතිනිය සිය ජීවිතයම කැප කළේ අනාථ අලි පැටවුන් වෙනුවෙන්. බීබීසි සියයක් කාන්තාවන් වැඩසටහනේ අවධානය දිනාගත් මේ දිරිය කතගේ ජීවිත අන්දරයට සවන් දෙන්න.
කෙන්යාවේ අනාථ අලි පැටවන්ට මවක වූ යුරෝපීය කාන්තාව; IS සහ ලාංකිකයෝ - 'අධිකරණ ඇමතිගේ ප්‍රකාශය ආණ්ඩුවේ මතය නොවේ'; ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල 'බිඳ වැටිලා'; දුම් පානය සීමා කිරීමේ නව උත්සාහය සාර්ථක වේවිද? සහ ශ්‍රී ලංකාවේ පළමු වාර්තා චිත්‍රපට සම්මාන උළෙල ... සෙනෙහෙධීර, තිසර, උපාලි, පවිත්‍රා සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ
මන්ත්‍රී වාහන: "මේක මන්ත්‍රීකම විකුණාගෙන කෑමක්", ෆෙඩරල් කිව්වම රට බෙදනවා කියල හිතනවා -විග්නේශ්වරන්:- සෙනෙහෙ, සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
'පෞද්ගලික බස් ඇවිදින කඩ සාප්පු වගේ' , දඩ ගහල අනතුරු අඩුකරගත හැකිද? වැලිකඩ 'ඝාතන' වාර්තා කෝ? : උපාලි, සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
IS සංවිධානයේ ශ්‍රී ලාංකිකයන් ගැන කීම 'ජාතිවාදය ඇවිස්සීමක් නොවේ'; 'හමුදා කුමන්ත්‍රණ කතාව හමුදාවට අපහාස කිරීමක්' ; මූලික අයිතිවාසිකම් විෂයයෙහි 'කලාපයේම ඉදිරියෙන් සිටින ව්‍යවස්ථාවක්'; දිවියෙන් සමුගත් විමල් කුමාර ද කොස්තාට සහෘද ප්‍රණාමය ... තිසර, සුනෙත්, සෙනෙහෙධීර සහ චාල්ස් සමඟ මම සරෝජ් පතිරණ
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගේ පාර්ලිමේන්තු ප්‍රකාශයට මුස්ලිම් සංවිධානවල ප්‍රතිචාරය , හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ,බොදුබල සේනා මහනාහිමිවරුන් අමතයි අද(19) බීබීසී සංදේශයේ .
LISTEN; IS සටනට එක්වූ ශ්‍රී ලාංකිකයන්,ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, ඇමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසුරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීම,මුදල් නෝට්ටු අර්බුදයට කොටු වූ දඹදිව වන්දනාකරුවන් සහ දරුණු පිළිකාවකින් මරණයට පත් බ්‍රිතාන්‍ය දැරියක් ඇය මියයාමට පෙර දෙමව්පියන්ගෙන් කළ අපූරු ඉල්ලීමක් අද (18) බීබීසී සන්දේශයේ.
LISTEN;මාලදිවයිනට ශ්‍රී ලංකා කාන්තාවන් විකිණීමේ මිනිස් ජාවාරමක්, සාලාව යුද අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනයාගේ ඉල්ලීම්,කාන්තා හිංසනයට වැට බඳින ක්‍රියාකාරී සැලැස්මක්, ශාරියා නීතිය බැහැර කරන උතුරේ මුස්ලිම් කාන්තාවන් සහ හිලරි ක්ලින්ටන්ගේ අලුත් ආයාචනය අද (17) බීබීසී සංදේශයේ.
බැඳුම්කර ගනුදෙනුව ගැන අගමැති රනිල් 'ඉවත් කළ යුතුයි'; ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සිය ගණනක් 'ඉන්දියාවේ හිරවෙලා'; තව්හිඩ් ජමාත් නායකයා යළිත් රිමාන්ඩ්; මඩකලපුවේ භික්ෂූන් වහන්සේට තහනම් නියෝගයක්; අය වැයෙන් පළාත් සභාවලට කුඩම්මාගේ සැලකිලිද? සහ බීබීසී යට 'ඓතිහාසික දිනයක්' ... තිසර, උපාලි සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ...
LISTEN: 'ණයට මගුල් කන රටක්, හැම ආණ්ඩුවක්ම ණයට මගුල් කනවා', අයවැය නිසා ගමට යන්න බැරි නියෝජ්‍ය ඇමතිවරයෙක්, ආවා කල්ලියේ තොරතුරු රජය හෙළි කරයි: සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
LISTEN: කොකේන් පරීක්ෂාවට බ්‍රසීල සීනි රේගුවේ ගොඩ ගැසෙයි, විග්නේශ්වරන්ගෙන් අලුත් යෝජනාවක්, අලුත් අයවැය කෙහෙළිය දකින හැටි: උපාලි, සරෝජ්, සහ සුනෙත් සමඟ මම තිසර අරවින්ද රතුවිතාන.
ට්‍රම්ප් ගේ ජයග්‍රහණය සහ ඇමෙරිකාවේ ජාතිකවාදය; වැලිකඩ බන්ධනාගාරයේ සිරකරු ඝාතන ගැන 'නීතිය ක්‍රියාවට නගන්න'; 'වදහිංසාවල අඩුවක් නෑ'; යාපනයේ අත්අඩංගුවට ගැනීම් 'නීති විරෝධීයි'; පාකිස්තානයෙන් පිටුවල් කෙරෙන ඇෆ්ඝන් අනාථයෝ ... තිසර, සෙනෙහෙධීර, සුනෙත් සහ චාල්ස් සමග මම සරෝජ් පතිරණ ...
LISTEN;ලන්ඩන් නගරයට සැපත් නීලා සහ දිවුල්ගනේ සමඟ සංවාදයක්, ඉන්දියාව අවිශ්වාශ කරන උතුරේ ධීවර නායකයන්, ගම්බිම් බිලි ගන්නා වයඹ මුහුද, පාකිස්තානයේ ළමා ලිංගික අපචාර අද (12) බීබීසී සංදේශයේ.
LISTEN; අයවැය පිළිබඳව විද්වතුන්ගේ සංවාදය, සමෘද්ධි ජනඉසුර වේද?ඩොනල්ඩ් ට්‍රම්ප් චන්ද්‍රන් රත්නම් ගේ චිත්‍රපටයක -චන්ද්‍රන් රත්නම් කියන කතාව, පොල්කුඩුවලින් ඩීසල්, සහ ලන්ඩනයේ රංගගත කෙරෙන ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ කතාව අද (10) සංදේශයේ.
Listen; නව අයවැය යෝජනා,විපක්ෂයේ ප්‍රතිචාරය,මහජනයා අයවැය දකින හැටි,ඉන්දියාව රුපියල් 500 සහ 100 නෝට්ටු අවලංගු කරයි, රොෂාන් අබේසිංහ සිම්බාබ්වේ සිට ගෙන එන ක්‍රිකට් තොරතුරු අද (10) බීබීසී සංදේශයේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගත් ජනපතිවරණයේදී ඇමෙරිකාවේ 'බරපතල බෙදීමක්'; ජනමත සමීක්ෂණ අනතුරක? නව ඇමරිකානු ජනපතිවරයාගේ පසුබිම; මධ්‍යම පළාත් සභාවේ රුසියානු සංචාරය ගැන විගණන පරීක්ෂණයක් ... සෙනෙහෙධීර, පවිත්‍රා, තිසර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ
'උතුරට අලුත් ලෙඩක් බෝවෙලා' -විග්නේශ්වරන්ට පිළිතුරු. උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සමඟ බීබීසීයේ තිසර රතුවිතාන කළ සාකච්ඡාවේ හඬ පටය.
LISTEN: මම කොළඹ හිටියනම් ජල ප්‍රහාර ගහන්න දෙන්නෙ නෑ -ජනපති, 'උතුරට අලුත් රෝගයක් බෝවෙලා': සරෝජ්, සෙනෙහෙධීර, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කරනු වස් බෙදීම් දුරු කොට, එකිනෙකාගේ වෙනස්කම්වලට ගරු කරමුයි, ප්‍රවීන කලාකරු ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගෙන් යොජනාවක්. හතර වන ශ්‍රේණිය දක්වා ජපානයේ දරුවන් කිසිදු විෂයයක් නොහදාරන බවත් ඔහු පෙන්වා දුන්නේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. "අපේ දෙමවුපියෝ නර්සරි එකේ ඉඳලා ළමයින්ට මනුස්සයෝ වෙන්න දෙන්නේ නෑ, විෂයයන් උගන්වනවා."
LISTEN: 'අපේ අම්මාගේ දේහය ගෙනැවිත් දෙන්න', 'අපි පොහොට්ටුවට නැහැ', ට්‍රුම්ප්ද හිලරිද? එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකිකයෝ: උපාලි, සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
'සමහරු විශ්වාස කරනවා සිංහල උරුමය කියල වෙනම එකක් තියෙනව කියලා'; ආබාධිත සෙබළුන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධ ප්‍රශ්නය 'ඉක්මනින් විසඳනවා'; ආබාධිත ක්‍රීඩිකාවන්ට පැරා ඔලිම්පික් කමිටුවෙන් ආරාධනයක්; විපක්ෂනායකවරයාගෙන් දකුණේ ජනතාවට සහතිකයක්; ඇමෙරිකානු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසන් දිනය
මහා ගාන්ධර්වයාණන් සිය හඬින්ම කළ අතීත ආවර්ජනයක් ! 'බැඳුම්කර වංචාවට දඬුවම් දීමට කෝප් වාර්තාව අවශ්‍ය නැහැ', සංහිඳියාවට හුනුවටය දෙමළෙන්: සෙනෙහෙධීර, සුනෙත්, පවිත්‍රා සහ චාර්ල්ස් සමඟ මම තිසර රතුවිතාන.
අමරදේවයන් රටක ජනසමාජයකට කලාතුරකින් පහළ වන මහා පඬිවරයෙක් ඔහු තමා ප්‍රගුණ කළ ගීතය සහ කවිය අතර වෙනස තේරුම් ගත් කවියා සහ ගායකයාද වෙයි. අද ඔහු අපෙන් සමුගෙන ගියේ ලෝකයට මිනිසකුගෙන් ඉටුවියයුතු මහා මෙහෙයක් සාධනීය කරමින්.
අල්සයිමර් රෝගීන් පහසුවෙන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක්; යාපනයේ ආවා කණ්ඩායම 'රාජපක්ෂ පාලනයේ නිර්මාණයක්'; බැඳුම්කර ගනුදෙනුව ගැන අවශ්‍ය නම් පිළිතුරු දීමට සූදානම් - අගමැති රනිල්; ශ්‍රී පාද රක්ෂිතයේ 'අනවසර ඉදිකිරීමක් නෑ' ... තිසර, උපාලි සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ
LISTEN: මහේලගේ දෑසට කඳුළක් !!! රනිල්ට එරෙහි පරීක්ෂණ අවශ්‍ය නැහැ -ශ්‍රීලනිප., 'ආවා ගෲප්': කප්පම් නොදුන් ව්‍යාපාරිකයාට ප්‍රහාරයක්: සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
'පැය තුනේ ගමනට පැය 17ක් යාහැකි ශ්‍රීලංකන් යානා', මිල අඩු කිරීම නිසා බාල ඖෂධ ගෙන්වීමේ අවදානමක්, නාමල්ගේ එක් විමර්ශනයක් අවසන්: උපාලි, සරෝජ්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ඉතාලියේ භූමිකම්පාව හටගත් ගම්මානයට ඉතා ආසන්නයේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන වර්ණකුලසූරිය නුවන් ප්‍රභාත් තිසේරා සංදේශයේ සරෝජ් පතිරණ සමඟ එහි පවතින තත්වය විස්තර කරමින්.
ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව පවත්වනු ලබන නව නිර්මාණ තරඟයකින් දෙවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරු හිරෝෂන් ගුණවර්ධන සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්.
ඉබෝලාවට එරෙහිව රොබෝ හස්තයක් නිර්මාණය කළ ශ්‍රී ලාංකිකයා; ආවා කණ්ඩායමේ සාමාජිකයන් 'දෙදෙනෙක් අත්අඩංගුවේ'; ඉතාලියේ භූමිකම්පාවට කොටු වූ ශ්‍රී ලාංකිකයෝ; බංග්ලාදේශයේ ඓතිහාසික ක්‍රිකට් ජයග්‍රහණය සහ ශ්‍රී ලංකාවේ රූපවාහිනී වැඩසටහන් තාක්ෂණික වශයෙන් දුර්වල ඇයි? ... සෙනෙහෙධීර, ඉන්ද්‍රා, තිසර සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ...
"ඔබට අවශ්‍ය ලෝකේ ඉන්න හොඳම තුන් ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා නිර්මාණය කිරීමද?, නැතිනම් කණ්ඩායමක් වශයෙන් ඉදිරියට යන එකද? කියල මම ඔවුන්ගෙන් ඇහුවා" - බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සංවාදයක.
LISTEN;ඕමානයේ ශ්‍රම සූරාකෑමට ගොදුරුවෙන ශ්‍රී ලාංකිකයන්,රෝගාබාධවලින් පෙලෙන 60% ක අපේ භික්ෂු පරපුර,කතරගම වෙළෙන්දන් සහ තැරැව්කරුවන් අතර අරගලය ,පරිගණකය ඔබේ දරුවාගේ 'ආයා' නොවීමේ කතාව සහ ප්‍රශ්නවලට පිළිතුරු නොමැති දේශපාලකයන් අද (29) BBC සංදේශයේ.
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ,සිවිල් ක්රියාධාරයන්ගේ ප්‍රතිචාරය,බාහිර උපාධියට දොර වැසීම සහ ලෝකයේ වනසත්වගහන පරිහාණිය අද (28) BBC සංදේශයේ.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් වාර්තාව නිකුත් කිරීම දක්වා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ ඇති යහපාලන රජයට හැකිවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
LISTEN: හිටපු මහ බැංකු අධිපති රටින් පලා ගියාද? රටේ ආර්ථික පරිහානියට වගකිව යුත්තේ කව්ද? රනිල්ගේ ආර්ථික දැක්ම, ඉතාලි සිනමා උළෙලක හොඳම චිත්‍රපටය ශ්‍රී ලංකාවෙන්: සෙනෙහෙධීර පවිත්‍රා සහ චාල්ස් සමඟ මම තිසර රතුවිතාන.
පොලිස් නිලධාරීන්ට පහරදීම - 'ජාතිවාදය අවුස්සන්න එපා'; සංශෝධිත වැට් බදු පනත සම්මතයි; 'යාපනයේ උණුසුම සමහන් කිරීමට කටයුතු කරන්න'; ලොව පුරා මන්ත්‍රීවරියනට මන්ත්‍රීවරුන්ගෙන් ලිංගික අතවර; අත්හැර ගිය පෙම්වතියට අපහාස කිරීමට අන්තර්ජාලයේ වීඩියෝ පළ කරන පුරුෂයෝ ... ඉන්ද්‍රා, උපාලි, තිසර, සෙනෙහෙධීර සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ
උතුරේ හර්තාල්, 'විගණකාධිපතිවරයාට බලපෑම් කළේ නැහැ', 'කේපී අත්අඩංගුවට නොගන්නේ ඇයි?' වැඩිවියට පත්වන මලාවි ගැහැණු ළමුන් මුහුණ දෙන අසාමාන්‍ය චාරිත්‍රය: සෙනෙහෙධීර, සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
සභාපතිවරයා කෝප් කමිටු රැස්වීමෙන් නැගිට යයි, බැඳුම්කර පරීක්ෂණ ගැන රන්ජන් කොතැනද?, ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සූදුවක්: උපාලි, සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
පවුලේ ගෞරවයට යයි කියමින් සිදු කෙරෙන ඝාතන වලට වැට බැඳීමට පාකිස්තානයේ නීති වෙනස් කිරීමට එරට පාර්ලිමේන්තුව සාකච්ඡා අරඹන්නේ කන්දීල් ඝාතනයෙන් පසුවයි.
මහාචාර්ය සමන්ත හේරත් ලන්ඩනයේ සංචාරයක යෙදී සිටින අතරතුර බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාවක්.
LISTEN: පලා යන විට වෙඩි තැබීම සහ පොලිසියේ අවම බලය, 'හොරුන් රකින සහ හොරුන්ට දඬුවම් දෙන වාර්තාව', 'සිංහල ගීතය මාෆියාවක්': සෙනෙහෙ, සුනෙත්, චාල්ස් සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
යාපන ශිෂ්‍යයන්ගේ මරණය ගැන ඇමතිවරයාගේ හෙළිදරවුව; සුදර්ශිය විකුණා දැමීමේ උත්සාහය රහසිගත ගනුදෙනුවක් නිසාද? ජනතාව දැනුවත් නොකළොත් 'නව ව්‍යවස්ථාවටත් කොළොම්බියාවේ අත්දැකීම'; පාකිස්තානයේ නීතිය වෙනස් කිරීමට බලකෙරුණු කන්දීල්ගේ ඝාතනය .... ඉන්ද්‍රා, පවිත්‍රා, සුනෙත් සහ චාල්ස් පීටර් සමඟ මම සරෝජ් පතිරණ
තෝරාගත් ජාතික ක්‍රීඩකයන් පිරිසකට පමණක් කොන්ත්‍රාත්; යාපන ශිෂ්‍යයන්ගේ මරණය ගැන පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ; 'ඉදිරි තුන් වසර තුල වන ඝනත්වය වැඩි කරනවා'; 'ජනපතිට යුක්තිය අමතක වෙලා'; උසාවිය නිහඬයි වාරණය අවසන් ... සෙනෙහෙධීර, ඉන්ද්‍රා, පවිත්‍රා සහ චාල්ස් සමග මම සරෝජ් පතිරණ ...
හිතාමතාම සිය බිලිඳු පුතාට HIV වෛරසය සහිත රුධිරය එන්නත් කරද්දී පුතා තරුණ විය දක්වා දිවි ගෙවනු ඇති බවක් තුරු ජීවත් වනු ඇතැයි බ්‍රයන් ජැක්සන් ගේ පියා විශ්වාස කළේ නැහැ.
LISTEN: මම ණය වෙලා ඉන්නේ, වාහන බලපත්‍රය විකිණුවා -ගම්මන්පිල, මන්ත්‍රී වාහන බලපත්‍රය ජාවාරමක් -ජවිපෙ, මන්ත්‍රීවරුන්ට බර කරත්තෙද යන්න කියන්නේ -රවි: සෙනෙහෙධීර සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
මන්ත්‍රී වාහන බලපත්‍රය විකිණීම පිළිබඳව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා සහ ජවිපෙ හිටපු මන්ත්‍රී වසන්ත සමරසිංහ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාව.
අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට ආණ්ඩුවෙන් දෝස් මුරයක්; ක්‍රිකට් ක්‍රීඩකයන් සහ බලධාරීන් අතර අලුත් ගැටුමක්; 'ලසන්ත ඝාතනයේ වරද පිළිගත්' හිටපු හමුදා නිලධාරියාගේ සිරුර ගොඩගැනේ ... ඉන්ද්‍රා, තිසර, සෙනෙහෙධීර සහ සුනෙත් සමග මම සරෝජ් පතිරණ ...
LISTEN: ලාංකික දරුවන්ට නොමිලේ හදවත් සැත්කම් කරන බ්‍රිතාන්‍ය වෛද්‍යවරු, මිල අඩු කළ නිසා ඖෂධ හිඟ වෙයිද? කොළඹ රෝහලේ දුර්ගන්ධය: සරෝජ්, සෙනෙහෙ සහ සුනෙත් සමඟ මම තිසර රතුවිතාන.
තොප්පිය දමා ගැනීමක්-ඩිලාන්, ඔය මිනිස්සුන්ට ඇඳුම් නැතුවත් පාරේ යන්න පුළුවන් -වියන්ගොඩ, ටෙලිකොම් කුළුණේ තිදෙනෙක් උපවාසයේ, අභ්‍යවකාශයට නව බලවතෙක්: සරෝජ්, සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
මුඛ පිළිකාව සහ වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇතිදැයි සැකයක්; නොරොච්චෝලේ බලාගාරයේ බරපතල පිපිරීමක්; නව ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත 'ඉදිරි මාස දෙක ඇතුලත'; බූසාන් චිත්‍රපට උළෙලින් ශ්‍රී ලංකාවට පාඩම් ... සුනෙත්, චාල්ස් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ ...
LISTEN; තීරුබදු රහිත වාහන බලපත් විකිණීමේ මන්ත්‍රී සදාචාරය,සියදිවි නසාගත් බුද්ධි අංශ සෙබළා පිළිබඳව පුළුල් පරීක්ෂණ, ජනපති ප්‍රකාශය ගැන දේශපාලන ප්‍රතිචාර, වෙනම අනන්‍යතාවක් ඉල්ලන දමිළ වතුකම්කරුවන් සහ ගෝවේ BRICS සමුළුව සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (15) සංදේශයේ.
LISTEN; පුරවැසි බලයෙන් ජනාධිපතිවරයාට අභියෝගයක් ,කලාකරුවෝ ජනපති ඇරයුම බැහැර කරති, රතුපස්වල ඝාතන සාපරාධී ක්‍රියාවක්, මල්වානේ අයිතිකරුවකු නැති සුප්‍රකට ඉඩම වෙන්දේසි කරන මෙන් නියෝගයක් ,මහා නාට්‍යවේදී ඩාරියෝ ෆෝ අද (14) බීබීසී සංදේශයේ.
LISTEN; ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රහස් පොලිසිය ,අල්ලස් කොමිසම සහ පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය ගැන පළ කළ අදහස් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රතිචාරය , ගෝඨාභය රාජපක්ෂ චීනයේ සිට,සිවිල් ක්‍රියාධරයන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය දකින්නේ කෙසේද? වතු අත්හැර යන වතුකම්කරුවන් සහ තායිලන්ත රජතුමාගේ වතගොත අද (13)බීබීසී සංදේශයේ.
පොලිස් කාන්තාවන්ට පොලිසියෙන්ම ලිංගික හිරිහැර; අල්ලස් කොමිසමේ සහ FCIDයේ 'දේශපාලන න්‍යායපත්‍රයක්'; 'ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුමක්'; ජනපති පුත්‍රයා සමාජ ශාලා ගැටුමට සම්බන්ධද?; අතුරුදහන් වූ සංක්‍රමණික දරුවෝ ... සෙනෙහෙධීර, තිසර, උපාලි සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ...
ගැහැණු ළමුන්ගේ දිනය එළැඹෙද්දී ගැහැණු ළමුන්ගේ ඉරණම, රේගුවේ සැප වාහන විමර්ශන, 'TNA ඇඟ බේරා ගෙන' : සරෝජ්, සෙනෙහෙ, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
බීබීසි ජන මත විමසුම් අනුව මේ වන විට ජනප්‍රියතාව අතින් ඩොනල්ඩ් ට්‍රම්ප් 44%ක සහ හිලරි ක්ලින්ටන් 48%ක කඩ ඉම් වලයි පසු වන්නේ. විවාදයේ උණුසුම් අවස්ථා එකතු කොට සැකසූ හඬ පටයට සවන් දෙන්න.
දිවි නසා ගැනීමට පෙර..... , බුදු දහම සහ නව ව්‍යවස්ථාව, ලංකාවේ මිලියන දෙකකට මානසික ලෙඩ, දෙමළ සිරකරුවන් ගැන ගම්මන්පිල: උපාලි, සරෝජ්, සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින 'ශිෂ්ඨාචාර අර්බුදයෙන්' ගොඩ ඒම පිණිස, අයර්ලන්තය, යුක්රේනය, දකුණු අප්‍රිකාව සහ ස්කොට්ලන්තය වැනි රටවලින් ශ්‍රී ලංකාවට බොහෝ අත්දැකීම් උකහා ගත හැකි බව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන පවසයි. පසුගියදා ලන්ඩනයේදී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය විජේසිරිවර්ධන පළ කළ අදහස් මේ.
කිලෝමීටර් 11,000 ක් තනිව මෝටර් සයිකලයෙන් චාරිකා කළ ශ්‍රී ලාංකිකයා; ව්‍යවස්ථාවේ බුදු දහමට හිමි ස්ථානය 'වෙනස් කරන්නේ නෑ'; 'යුද මාධ්‍ය සංස්කෘතිය අවසන් විය යුතුයි'; බිඳ වැටුණු සංස්කෘතිය ගොඩ නැගීමේ ජාත්‍යන්තර අත්දැකීම්; ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කාන්තාවෝ ... තිසර, සුනෙත්, ඉන්ද්‍රා, චාල්ස් සහ සෙනෙහෙධීර සමඟ මම සරෝජ් පතිරණ ...
LISTEN; මට අවශ්‍ය සංහිඳියාව .ඇමතිකම නොවෙයි-මනෝ ගනේෂන්, අපේ රහස් නැහැ -අපි එළිපිට -මහින්දරාජපක්ෂ අද(08) සංදේශයේ
LISTEN;ඇමතිවරුන් මුදල් නොගෙවා හෙලිකොප්ටර් පාවිච්චියේ ඇතුල් පැත්ත, එට්කා ගිවිසුමට අභියෝග කරන ඩිලාන් පෙරේරා ,එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිචාරය, ෆව්සි ඇමතිවරයාට එරෙහි නඩු පැවරීම පිළිබඳව දූෂණ විරෝධී පෙරමුණේ විග්‍රහය,ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය අද (07) බීබීසී සංදේශයේ.
LISTEN ;එට්කා ගිවිසුමට අත්සන් තබන බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ, රුපියල් 730 හේ දෛනික වැටුපට වතු කම්කරු වෘත්තීය සමිති එකඟ වූ බව පවසන කම්කරු ඇමති, රතුකොඩි වතු සමිති ප්‍රතිචාරය, අකුරට වැඩ කරන කටුනායක , කාන්තාවන්ට සම වැටුප් ඉල්ලන අමිතාබ් බච්චන් සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (06) බීබීසී සංදේශයේ
'දේශසීමා හරහා සිදු වන ත්‍රස්තවාදයට වැට බැඳිය යුතුයි' - අගමැති රනිල් ඉන්දියාවේ; ගැබ් ගෙල පිළිකාව සහ තුන්වෙනි ලෝකයේ කාන්තාවෝ; දුරකතනවලට රහසේ සවන්දීමේ චෝදනා 'ප්‍රතික්ෂේප කරනවා'; කටුනායක ගුවන් ගමන් යළිත් ප්‍රමාදයි; ජාත්‍යන්තර ගුරු දිනයේ වීදි බට ගුරුවරු ... උපාලි, තිසර, සෙනෙහෙධීර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ
මුහුදු කොටි ප්‍රහාරයෙන් දියබත් වූ 'වාලම්පුරි' සොයා ගනී, කටුනායක ගුවන් ගමන් සියල්ල ප්‍රමාදයි!, ප්‍රශ්න විසඳීමට සිටින ඇමැතිවරුත් විරෝධතාවට එක් වෙති: සරෝජ්, සෙනෙහෙ, සුනෙත්, පවිත්‍රා, ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
විග්නේශ්වරන් ජාතිවාදියෙක් නොවෙයි -මහින්ද රාජපක්ෂ, මෛත්‍රී රනිල් දේපළ වෙන්දේසිකරුවෝ -අනුර කුමාර: උපාලි, සරෝජ්, සුනෙත්, පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
පොලිස් කාන්තාවන්ට සුදුසු උසස්වීම් නොලැබීමේ චෝදනාව පිළිබඳව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරිනිය, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රමිලා දිවාකර, බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
ශ්‍රී ලංකාවේ එකම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරිය කරන ඉල්ලීමක්; මගේ ප්‍රකාශය වරදවා වටහාගෙන - විග්නේශ්වරන්; බෙදුනොත් ඉදිරියට යන්න බෑ - ජනපති; 'ෆෙඩරල් ව්‍යවස්ථාවක් නොව අයිතිවාසිකම් ව්‍යවස්ථාවක් අවශ්‍යයි' ... සුනෙත්, සෙනෙහෙධීර, ඉන්ද්‍රා, චාල්ස් සහ තිසර සමඟ මම සරෝජ් පතිරණ
LISTEN ;විනිසුරු ශිරාන් ගුණරත්න ගේ දුරකතනයට රහසින් සවන් දෙන බවට නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය කල ප්‍රකාශය විවාදාත්මක අතට, උතුරේ ජාතීන් අතර සහෝදරත්වය විනාශ නොකරන මෙන් ඉල්ලීමක්, පෝර්ට් සිටි ව්‍යාපෘතියට එරෙහි තවත් ජනරැල්ලක් අද (01)සංදේශයේ.
LISTEN;සාර්ක් සමුළුව කල් තබන මෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මහජන අදහස් විමසන කමිටුව මලවතු මහා නාහිමියන් හමුවේ, විග්නේශ්වරන් මහ ඇමතිට එරෙහිව BBS, ගොවිබිම් වල බියර් ඉසින ත්‍රිකුණාමල ගොවි ජනයාත් අද (30)බීබීසී සංදේශයේ.
LISTEN; යළිත් ගිනි ගන්නා කාශ්මීරයේ ජන හඬ, අලුත් අයවැය ගැන කියන මුදල් ඇමති රවී කරුණානායක, වතු කම්කරු අයිතීන් ඉල්ලා රජයට බල කරන රතු කොඩි කම්කරු හඬ, ජාතීන් අනුව දියවැඩියාව, මුතුරාජවෙල වැනසීමේ කතාව සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (29) සංදේශයෙන් ඔබට සවන් දෙන්නට පුළුවන්.
ත්‍රිකුණාමලයේ කලපු ගොඩ කිරීමේ ජාවාරමක්;රාජ්‍ය නොවන සංවිධානත් 'විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් ක්‍රියා කළ යුතුයි'; ආයතන සංග්‍රහය යොදාගෙන 'භාෂණයේ නිදහසට වැට බඳින්න බෑ'; දිවියෙන් සමුගත් ෂිමෝන් පෙරේස් .... සෙනෙහෙධීර, උපාලි, තිසර, ඉන්ද්‍රා සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ...
කෝටි ගණනක් වැය කර රුසියාවට ගිය මන්ත්‍රීවරුන් ගැන- ආණ්ඩුකාරවරිය නිලූකා දිසානායක සමඟ බීබීසීයේ තිසර රතුවිතාන කළ සංවාදය.
LISTEN: කෝටි ගණනක් වැය කර මන්ත්‍රීවරු රුසියාවට ගියේ ඇයි? ලසන්තගේ දේහය සමඟ මතු වූ මාධ්‍ය සදාචාරය: සරෝජ්, සෙනෙහෙ, සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ලිපිගොනු රැසක් අස්ථානගතයි, 'මගේ ළමයි දෙන්නම කසාද බැන්දේ සිංහලයෝ', IMF මුදල් ඇමතිට හිරිහැර කළාද? උපාලි, සරෝජ්, සුනෙත්, පවිත්‍රා, ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
LISTEN: උතුරේ මහ ඇමති සී වී විග්නේශ්වරන් සමඟ බීබීසීයේ තිසර අරවින්ද රතුවිතාන කළ විශේෂ සංවාදය.
එච්අයිවී රෝගයත් සමඟ වසර දහසයක් - අනභිනන්දිත වීරවරියකගේ කතාව; 'එළුග තමිල් සමඟ TNA සම්බන්ධයක් නෑ'; මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ විදේශ සංචාරයක වියදම අඩු කළා - ආණ්ඩුකාර නිලූකා දිසානායක; රැකියා වෙළඳපොලේ කාන්තාවන්ට තවමත් අඩු වැටුපක් ... සෙනෙහෙධීර, තිසර, ඉන්ද්‍රා, සුනෙත් සහ චාල්ස් සමඟ මම සරෝජ් පතිරණ ...
LISTEN ;එලගු තමිල් ව්‍යාපාරය වීදියේ. එලගු තමිල් නොවෙයි ,මෙය ‘එලගු ඉලන්ගයි’ කාලයයි- මනෝ ගනේෂන්, ජාතික හෙළ උරුමය නායක ඕමල්පේ සෝභිත නාහිමියෝ පදවිය අත් හරිති,ජෙරමි කෝර්බින් පුනරාගමනය අද (24) බීබීසී සන්දෙශයේ.
LISTEN ;කොටි සංවිධානය ත්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරන මෙන් යුරෝපා අධිකරණයට නිර්දේශයක්,කොළඹ පිරිමි පාසල් වල සාරි නීතිය අහෝසි කිරීමට අධ්‍යාපන ඇමතිවරයා පියවර ගනී,දඬුවම් ලැබිය යුත්තන්ට දඬුවම් නොදුන්නුත් ආණ්ඩුවට රතු එළි; සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය අද (23) බීබීසී සංදේශයේ .
LISTEN: සමස්ත ලංකා රේගු සේවා සංගමයේ ලේකම් ජේ ඒ ගුණතිලක සමඟ බීබීසීයේ තිසර රතුවිතාන කළ සංවාදය.
අධ්‍යාපන ඇමතිට එරෙහිව දොස්තරවරු සටන් බිමට, රේගුවේ සටනත් උග්‍ර වන ලකුණු, හිටපු ක්‍රීඩා ඇමති ගැන තවත් විමර්ශන: උපාලි, පවිත්‍රා සහ සෙනෙහෙධීර සමඟ මම තිසර රතුවිතාන.
ශ්‍රී ලංකාවේ නව ගමන් මගට ජාත්‍යන්තර ප්‍රසාදය -මහා මණ්ඩල සැසිවාරයේ සිට විශේෂ වාර්තාවක්; සාමාන්‍ය පෙළ නැතත් උසස් පෙළ වරම් - හොඳද, නරකද? 'බලහත්කාර අතුරුදහන් කරවීම තරම් වෙනත් අපරාධයක් නෑ' සහ සාගතයෙන් මිය ඇදෙන යේමනයේ දරුවෝ .... උපාලි, සෙනෙහෙධීර, තිසර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ
'අපිත් එක්ක එකතුවෙන්න. අපිට එකතුවෙලා ලොකු ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්' හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින නිසා උසස්වීමක් නොලැබේවිද? 'තාක්ෂණය තිබුනා නම් පදක්කම් හතරක්වත් ගන්නවා' ආබාධිතයන් ගැන ලංකාවේ ආකල්ප වෙනස්වෙලාද? ... රියෝ පැරා ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් ආබාධිත හමුදා සෙබල දිනේෂ් ප්‍රියන්ත හේරත් රියෝ නුවර සිට බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින් ...
LISTEN: මම විඳි දුක් අනාගත සංක්‍රාන්ති ලිංගිකයන්ට අත් නොවේවා -සකුණි, සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බීබීසීයට කතා කරයි: සරෝජ්, සෙනෙහෙ, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
LISTEN ;අකුරට වැඩ කරන ශ්‍රී ලංකා රේගුව , මැතිවරණ ප්‍රචාරක වියදම් පාලනයට පියවර නොගන්නා බවට ආණ්ඩුවට චෝදනාවක් , රාජ්‍ය නිල තොරතුරු ප්‍රකාශනය සඳහා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක් ,ඉමිටියාස් බකීර් මාකර් යලිත් මාධ්‍ය අතරට සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (19)බීබීසී සංදේශයේ.
වෛද්‍යවරුන්ගේ දරුවන්ට කෝටාවක් ඉල්ලීම - 1. 'නිදහස් අධ්‍යාපනයට තර්ජනයක්'. 2. 'රජය ව්‍යාජ ජනතා විරෝධයක් උලුප්පා දැක්වීමේ උත්සාහයක'; බ්‍රිතාන්‍යයේ ද්විත්ව ලිංගික දරුවකුගේ කථාව; 'කලාව දුප්පත් නම් මනුස්සයෝ විදියට අපි දුප්පත්' ... සෙනෙහෙධීර, තිසර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ
LISTEN;රනිල්ගෙන් මහින්දට ආරාධනයක් ,ශ්‍රී ලංකාවට සත්‍යය සහ සංහිඳියා කොමිසමක් , පහලගම පාසලේ ආප්ප තාච්චි පියනෙන් තාලම් හඬ නගන දරුවන් , නියඟයෙන් බැට කන වියලි කලාපයේ මිනිසුන්ගේ හඬ සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (17) බීබීසී සංදේශයේ.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, කිලිනොච්චි කඳවුර ඉවත් කිරීමෙන් මිනීවලක් හෙළිදරව් වීම ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට මග පෑදීමක්ද? පිරිමි පාසල් වලට යාමේ දී කාන්තාවන්ට ඇඳුම් තහංචි, ශ්‍රී ලංකාව තුල බලය බෙදීමේ පරිමාව , සාමය වෙනුවෙන් කොලොම්බියා ජනපති ගත් ක්‍රියා මාර්ගය අද (16) බීබීසී සංදේශයේ.
'ද සෙන්ට්‍රි' නමින් ප්‍රකාශයට පත් කොට ඇති වාර්තාවේ අඩංගු තොරතුරු සහ සාක්ෂි වලට අනුව දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කීර් සහ ඔහුගේ විරුද්ධවාදියා රීක් මාචාර් එරට සිවිල් යුද්ධයෙන් විශාල ධනස්කන්ධයක් උපයමින් සිටියි.
LISTEN ; හම්බන්තොටින් අතුරුදහන් වූ තරුණයා කොළඹින් මතු වෙයි , බංග්ලාදේශ් ජාතිකයන්ට කොළඹ ගුවන් තොටුපොලේ දී වීසා දීමට යලි පියවර ගන්න බව පවසන නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ඩි සිල්වා, උතුරේ සියලු අවතැන්වූවන්ට ඡන්ද අයිතිය දීමේ සැලැස්මක් ගැන කියන මහින්ද දේශප්‍රිය, රටක අපරාධ තුවක්කුවෙන් මැඩලීමේ ප්‍රයත්නයක නිරත වෙන පිලිපීන ජනාධිපතිවරයා අද (15) සංදේශයේ.
දූෂිත ඇමතිවරු ඉවත් කළ යුතුයි - සිවිල් සමාජයෙන් ජනපතිට සංදේශයක්; ඉහල ගිය වැට් බද්ද බලපාන්නේ කෙසේද? තවත් පැරා ඔලිම්පික් පදක්කමක බලාපොරොත්තු; ලිබියාව අර්බුදයකට ඇද දැමූ බවට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට චෝදනා .... උපාලි, සුනෙත්, තිසර, සෙනෙහෙධීර සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ ...
LISTEN: 'ජනතාව රු. කෝටි 20ක් දුන්නා, PET යන්ත්‍රය තවමත් නෑ!' නව ව්‍යවස්ථාව ගැන විමල් වීරවංශට මහ නාහිමි දුන් පිළිතුර: සරෝජ්, සෙනෙහෙ, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
LISTEN: යුද්ධයෙන් සාක්කු පුරවා ගත් නායකයන් දෙදෙනෙක්! ගුටි නොකා සිටීමේ අයිතිය, කුණු කන්ද කොයිබටද? උපාලි, සරෝජ්, සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
නව ව්‍යවස්ථාවෙනුත් බුදු දහම ආරක්ෂා කළ යුතුද? එය රටේ අනෙක් ආගමිකයන් නොසලකා හැරීමක්ද? සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින ෆින්ලන්තයේ පුවත්පත් සහ පුස්තකාල පහසුකම්; උතුරේ ඉඩම් ඉල්ලා දියත් වූ උපවාසයක් අවසන්; උතුරු බ්‍රිතාන්‍යයේ සිංහල ප්‍රජා ගුවන් විදුලිය .... සෙනෙහෙධීර, ඉන්ද්‍රා, සුනෙත්, තිසර සහ චාල්ස් සමඟ මම සරෝජ් පතිරණ ...
LISTEN ;එක්සත් ජාතික පක්ෂයේ 70 සමුළුව අමතන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,ඡන්ද දිනන්න ගිවිසුම් නොගසන බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ,අලුත් හිඟන්නන් කොටසක්. උමා ඔය ජල හිඟන්නෝ, ජාත්‍යන්තර ප්‍රවෘත්ති.
ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා ඩිල්ෂාන්ට ප්‍රණාමය; උතුරු කොරියාවේ තවත් න්‍යෂ්ඨික අත්හදා බැලීමක්; ලෝකයේ සාක්ෂරතාවය අතින් ෆින්ලන්තය ඉදිරියෙන්; උතුරේ බරපතලම සමාජ උවදුර: මැලේසියාවේ මහකොමසාරිස්ට පහරදීමේ සැකකරුවන්ට නඩු ... තිසර, ඉන්ද්‍රා, සෙනෙහෙධීර සහ පවිත්‍රා සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට ...
LISTEN;විදෙස් තොරතුරු,දුමින්ද සිල්වා ඇතුළු භාරත නඩුවේ චූදිතයෝ මරණීය දණ්ඩනයට ,අධිකරණ භූමියේදී අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග දේහය සම්බන්ධයෙන් තවත් මරණ පරීක්ෂණයක්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා තිලරත්න ඩිල්ශාන් සහ ගර්භාෂය කුලියට දෙන ඉන්දීය කතුන්ගේ ඉරණම අද (08) සංදේශයේ.
ආබාධිත ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා බලාපොරොත්තු; පාර්ලිමේන්තුවේ කාලයත් දීර්ඝ කරාවිද? දුම්කොළ බද්ද වැඩිකිරීම ගැන ආණ්ඩුවේ මතභේද; මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ගැන සැකයක් නෑ; 'ඉගිල්ලෙන මාළුවන්ගේ සිට නිහඬ විහඟුන් දක්වා' .... ඉන්ද්‍රා, උපාලි, සෙනෙහෙධීර, සුනෙත් සහ චාල්ස් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට ....
මැලේරියාවට ලංකාවෙන් තිත, මුහුණු පොතෙන් පැමිණිලි 1500 ක්, මැලේසියාවේ තානාපතිට පහරදීම පිටුපස දෙමළ පක්‍ෂයක්: සරෝජ්, සෙනෙහෙ, සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදය සම්බන්ධයෙන් බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාරිනී ආචාර්ය හරිනි අමරසූරිය සමඟ පැවැත්වූ සාකච්ඡාව. වැඩි විස්තර : http://www.bbc.com/sinhala/sri-lanka-37270662
මහකොමසාරිස්වරයාට ප්‍රහාරය - සැකකරුවන් අත්අඩංගුවේ; ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග පාලනය කිරීමට පියවර; අධ්‍යාපනය සහ කලාව වෙනුවෙනුත් 'ජාතික ප්‍රතිපත්ති අවශ්‍යයි'; දිවියෙන් සමුගත් මහා සාහිත්‍යධරයා - සිරිල් සී පෙරේරා ... උපාලි, සුනෙත්, ඉන්ද්‍රා, පවිත්‍රා සහ චාල්ස් සමඟ මම සරෝජ් පතිරණ
පැල්පතෙන් කුඹුරෙන් ආ මට පහරදෙන්නේ ගොවි පුතෙක් නිසාද? ජනපති පක්ෂ සංවත්සරයේදී; ඒකාබද්ධ විපක්ෂයේ පළමු බල මණ්ඩලය හක්මනදී; මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට මැර ප්‍රහාරයක්; ශාන්තුවරියක බවට පත්වූ තෙරේසා මවුතුමිය ... ඉන්ද්‍රා, සෙනෙහෙධීර, තිසර, සුනෙත් සහ චාල්ස් සමඟ මම සරෝජ් පතිරණ ... (සවන්දෙන්න බීබීසී සංදේශයට)
LISTEN: අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික දසුන් නැරඹීම ගැන විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර සමඟ බීබීසීයේ අරවින්ද තිසර රතුවිතාන කළ සාකච්ඡාවක්.
150 වෙනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා පොලිසිය, දේශපාලකයන් සොයා යන ඇතැම් පොලිස් නිලධාරීන්, පොලිසියේ ඉදිරි ක්‍රියාමාර්ග පහදන පොලිස්පතිවරයා, අතුරුදහන් වූවන් දෙවර්ගයක්, ශ්‍රී ලංකාවේ භික්ෂු සංස්ථාව දේශපාලනීයකරණය වීම සසුනට හානියක්, චීනය සහ ඇමෙරිකාව දේශගුණ ප්‍රඥප්තියට එක්වීම සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (03) සංදේශයේ .
මහලේකම් බැන් කි මූන් යාපනයේ, යාපනය පුස්තකාලය ඉදිරිපිට උද්ඝෝෂණ, ආණ්ඩුවට හෙමින් ගමනකට එක්සත් ජාතීන්ගේ අනුමැතිය, ශ්‍රී ලංකාවේ හැකරුන්ගේ ජාලයක් , අගමැති නජීබ් රසාක්ට එරෙහිව මහජන උද්ඝෝෂණ
LISTEN: ඔලිම්පික් ගිය ක්‍රීඩකයන් නම දෙනා සමඟ නිලධාරීන් කී දෙනෙක් ගියාද? ක්‍රීඩා ඇමතිවරයා සමඟ බීබීසීයේ අරවින්ද තිසර රතුවිතාන කළ සංවාදය.
LISTEN ; මහලේකම් බැන්කි මූන් ගාලු කොටුවේ බැන්කි මූන් සංචාරයට එරෙහිව කොළඹ විරෝධතා ව්‍යාපාර, ඉන්දීය අනවසර කෘෂි රසායනයක් ශ්‍රී ලංකා වෙළෙඳපොලේ, ඩිල්මා රූසෙෆ්ට පදවිය අහිමි වූයේ ඇයි? ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (01) බීබීසී සංදේශයේ.
වෙබ් අඩවියක් හැක් කිරීම වැළැක්විය හැක්කේ කෙසේද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නිල වෙබ් අඩවියට රහසිගතව ඇතුළුවීමේ චෝදනා ලබා සිටින පාසල් සිසුවාට දඬුවම් කළ යුතුද? සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙන විශ්‍රාමික පරිගණක විද්‍යා උපදේශකයකු සහ කථිකාචාර්යවරයකු වන ඊඑම් පුෂ්පසිරි. (Sri Lanka might go a long way in IT development together with the student who hacked President Maithripala Sirisena's website, says IT lecturer EM Pushpasiri speaking with BBC's Saroj Pathirana)
බැන් කි මූන්ගේ ශ්‍රී ලංකා සංචාරයට දකුණේ ඇතැම් විරුද්ධ පක්ෂ විරෝධය පලකරද්දී සිය වේදනාව ඔහුට හෙළිකිරීමට සැරසෙන උතුරේ ජනතාව; පළමු සංචාරයේදී ඔහු හමු වූ හිටපු ජනාධිපති මහින්ද මහ ලේකම්වරයා හමුවන්නේද? ඒ එෆ් පී පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්.
ජනපතිට එරෙහි දූෂණ චෝදනා ගැන පරීක්ෂණයක්; ගෝඨාභයට නඩු; විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට කඳුළු ගෑස්; වෙබ් අඩවි හැක් කළ ශිෂ්‍යයාට දඬුවම් කළ යුතුද? සංක්‍රාන්ති ලිංගිකයන් ගැන සිනමා සිත්තමක්; කාන්තාවන් නැති ගමක අන්දරය ... තිසර, උපාලි සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට.
LISTEN: යුද්ධයේ අවසන් සතිය තුළ සිදු වූ දෙයක් ගැන මංගලගෙන් චෝදනාවක්, සරසවියේ අයියලාගෙන් මල්ලිලාට ගුටි ප්‍රහාරයක්: සරෝජ්, සෙනෙහෙ, සුනෙත්, පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
මන්ත්‍රීවරුන්ට කෝටි දෙසීයක ණයක් ! 'ඔවා දෙනු පර හට...' , උතුරට ගිය මංගල, කොලොම්බියාවේ සිවිල් යුද්ධය හමාරයි: උපාලි, සුනෙත්, සරෝජ් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
පොලිස් කාන්තාවන්ටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස්වීම්; සරුංගල් අරින පොලිසිය; කෝකිලායි ධීවරයන්ගේ වේදනාව; කැම්බර් සෑන්ඩ්ස් වෙරළේ චාරිකාවක්; ඩිල්ශාන් එක් දින පිටියට සමුදෙයි ... සෙනෙහෙධීර, සුනෙත්, තිසර, ඉන්ද්‍රා සහ චාල්ස් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,කරුවලගස්වැව අලි -මිනිස් ගැටුමේ ඛේදවාචකය, අධ්‍යාපන ඇමති කියන ආකාරයේ ගුරු හිඟයක් තිබේද ? වසර තුනක් ඇතුළත ශ්‍රී ලාංකිකයන් දහදාහකට ආසන්න සංඛ්‍යාවක් සිය දිවි හානි කර ගෙන ඇති බව ආණ්ඩුව පිලි ගනී. සවන් දෙන්න අද (27) BBC සංදේශයෙන්
listen;උපාලි තෙන්නකෝන් ප්‍රහාරකයා හඳුනා ගනී, හිරුනිකාට උසාවියෙන් කැඳවීමක්, වතු කම්කරු වැටුප් ප්‍රශ්නය යළිත් කරළියේ, අම්බලන්තොට නගරයට පැමිණි අමුත්තන් දෙදෙනා, පලාගිය LTTE සිරකරුවා ගැන අද (26) සංදේශයේ.
LISTEN ;ඉතාලි භූමි කම්පාවෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැති බව පවසන ශ්‍රී ලංකා තානාපතිවරයා, බ්‍රිතාන්‍යයේ දී මුහුදට බිලි වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණයන් පස් දෙනෙක්, වෙඩි උණ්ඩ සිරුරුගත උතුරේ මිනිසුන්, පිටියට සමු දෙන ‘ඩිල්කූප්’ අද(25) සංදේශයේ. .
පෙරහැරේ යන අලින්ටත් සෞඛ්‍ය පරීක්ෂණයක්; පේරාදෙණිය සිසු ගැටුම 'නවකවදයේ දිගුවක්'; මෛත්‍රී ගේ රහස් සහ මහින්දගේ ෆයිල් සහ ආබාධිතයන් අමතක කළ සංහිඳියාව ... උපාලි, සෙනෙහෙධීර, තිසර, සුනෙත්, ඉන්ද්‍රා සහ අසාම් සමඟ මම සරෝජ් පතිරණ. සවන්දෙන්න බීබීසී සංදේශයට.
LISTEN: ලිංගික දසුන් නරඹන්නේ බලාගෙනයි! දෙවියන් දැකීමට මත් වීම, වරාය නගරය ගැන ජවිපෙන් ප්‍රශ්න-රනිල්ගෙන් පිළිතුරු: ඉන්ද්‍රා, සරෝජ්, පවිත්‍රා, සුනෙත්, සෙනෙහෙ සමඟ මම තිසර රතුවිතාන.
TISL ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිය ආයතනයේම දූෂණ විරෝධීන් 'දඩයම් කරන' බවට දූෂණ විරෝධී සන්ධානය චෝදනා කරයි. සන්ධානයේ ජෝසප් ස්ටාලින් බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ පැවැත්වූ සාකච්ඡාව.
සිය ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයාට දූෂණ චෝදනා එල්ල කළ අකටයුතුනාදකයන් 'දඩයම් කරන' බවට ක්‍රියාධරයන් නගන චෝදනාව 'පදනම් විරහිත' සහ 'කරුණු නොදැන' එල්ල කරන්නක් බව TISL ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ ආයතනයේ සභාපති ලක්ෂාන් ඩයස් සමඟ පැවැත්වූ සාකච්ඡාව. (BBC Sinhala service's Saroj Pathirana speaking to TISL chairman Lakshan Dias Re: allegations that it is 'hunting' whistleblowers who lodged corruption allegations against Executive Director)
මෙස්කලයින් (mescaline) නම් මත් ද්‍රව්‍ය සංඝටකය අඩංගු වන පෙයෝට් හෙරොයින් වලට සමාන ඉතා ප්‍රබල මත් ද්‍රව්‍යයක් වන අතර පෙයෝට් දුම් පානයෙන් ඇති වන්නේ LSD මත් ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වන බලපෑමට සමාන බලපෑමක් බවයි පැවසෙන්නේ.
නාමල් පොලිස්පතිගෙන් කළ ඉල්ලීම, 'රතු අලි පැටව් සහ නිල් අලි පැටව්', රැකියා පුරප්පාඩු ලක්‍ෂ එකහමාරක්! සරෝජ්, සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
යළිත් මතුවන ක්‍රිකට් උණුසුම; ඔලිම්පික් සැණකෙළිය නිමයි - ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩකයාට 34 වැනි ස්ථානය; දූෂණ විරෝධී ආයතනයත් 'දූෂණ විරෝධීන් දඩයමක'; ඇමෙරිකානු වෛද්‍යවරු උතුරේ මහ ඇමතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරති ... සෙනෙහෙධීර, අසාම්, ඉන්ද්‍රා, තිසර, සුනෙත් සහ චාල්ස් සමඟ මම සරෝජ් පතිරණ
(TISL is accused of 'hunting' anti-corruption whistleblowers; Rio Olympic ends with marathon; Sri Lanka's reemerging cricket fever & more. Produced & Presented by Saroj Pathirana)
සියලු ජාතීන්ට සමාන මානව හිමිකම් ඉල්ලන කාන්තා සංවිධානයක්, ආගන්තුක අලින්ගෙන් හිරිහැර විඳින මිනිසුන් අලි එළවන අලුත් උපක්‍රමයක්, ශ්‍රී ලංකාව මත්පැන් බොන්නන් වැඩිම රටක් වීම සහ මුහුදට බිලි වෙන නගුල් දෙනිය ගම ගැන අද (20) සංදේශයේ.
යහපාලනයේ පළමු සංවත්සරය, වයඹ ආක්‍රමණය කරන මත් පෙත්තක්, උතුරේ පන්සල් ,බුර්කිනි විවාදය අද (19) බීබීසී සංදේශයේ.
LISTEN ;හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ආරක්ෂක නිලධාරියාට නඩු පහක්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් ඉල්ලා උතුරේ මහජන උද්ඝෝෂණ, ආණ්ඩු දෙකේ වෙනස ගැන ජිප්සීස් සුනිල් පෙර්රාගේ විග්‍රහය සහ මිනිසුන් සහ කුරුල්ලන් මරණ සරුංගල් තරඟ ගැන අද (18) බීබීසී සංදේශයේ.
මෙම ආණ්ඩුවටත් රට හරි මාර්ගයට ගෙන ඒමට නොහැකි වුවොත් පසුගිය රජය මෙන්ම වත්මන් ආණ්ඩු අත්හැර ජනතාව තුන්වැනි පාර්ශවයකට රටේ පාලන බලය පැවරිය යුතුව ඇති බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.
LISTEN: ශ්‍රීලනිප පෙරළියක්, ඒක සුන්දර දෙයක් -කෙහෙළිය, වන අලි පවුලක් දුම්රියට බිලි, බලහත්කාරයෙන් ගණිකා සේවයේ: උපාලි, සෙනෙහෙ, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
LISTEN: ඔලු දෙකේ සෞඛ්‍ය කඳ, පොලිස් පහර දීමක් ගැන තවත් චෝදනාවක්, මීළඟ ක්‍රිකට් නායකයා කව්ද? මුස්ලිම් කාන්තාවගේ නාන ඇඳුම: සෙනෙහෙ, සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
LISTEN:නාමල් යලිත් රිමාන්ඩ්, 'ලේ විවාදය' බෞද්ධාලෝක මාවතට, කෝටි සිය ගණනක ගොඩනැගිල්ල ගැන දුමින්ද කතා කරයි: උපාලි, සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
දඩයක්කාරයාගේ සංක්‍රාන්තිය- ලංකාවේ ආදී මානවයා සොයා, සංවත්සරයට පෙර ශ්‍රීලනිපය දෙකඩ වේද? ආදරණීය එල්මෝගේ හඬ: සෙනෙහෙ, සුනෙත්, චාල්ස් සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
18 ඡන්ද දායකයන් ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින මැතිවරණ කොමසාරිස්, පහර දීමක් සම්බන්ධයෙන් යහපාලන ඇමතිවරයකුට චෝදනා , දළදා සමිඳුන්ට මී පැණි රැගෙන මහනුවර පැමිණි වන්නියලැත්තෝ සහා අනූ වියේ තරුණයා ෆෙදෙල් කස්ත්‍රෝ අද (13) සංදේශයේ.
අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මත වුනත් විවාදය දිගටම; භික්ෂූන් බන්ධනාගාර ගත කිරීම වලක්වීමට බෞද්ධ භික්ෂු මූලස්ථාන වලට නොහැකි ඇයි?නැදුන්ගමුවේ ඇත් රජුගේ කතාවත් අද (12) සංදේශයේ.
පාර්ලිමේන්තුවේ තවත් ගාලගෝට්ටියක්, ජවිපෙ ආණ්ඩුවේ-වාසු, ජවිපෙන් පිළිතුරු, ආදරණීය එල්මෝ අයියා ගැන මතකය: උපාලි, පවිත්‍රා, සෙනෙහෙ සමඟ මම තිසර රතුවිතාන.
බැසිල් රාජපක්ෂගේ යයි පැවසෙන ඉඩමක් පොලිසියට,අධිකරණය ගුණදාස අමරසේකරගේ පෙත්සමක් බැහැර ලයි, දයා මාස්ටර්ට ඇප ගෙවා ගැනීමට බැරිව බන්ධනාගාරයේ, අවුරුදු 16ක් උපවාස කළ දිරිය කතක්, සහ අලුත් විභාග වංචාවක් අද (10) බීබීසී සංදේශයේ.
බැසිල් නිවැරදියි -එස් බී / මගේ ඇමති වැරදියි -රන්ජන්, ලංකාවේ උසස් පෙළ වංචාව, මිග් ලේඛන අතුරුදහන්: ඉන්ද්‍රා, පවිත්‍රා සහ සෙනෙහෙධීර සමඟ මම අරවින්ද තිසර රතුවිතාන.
මහලු වයසේ පසුවන බොහෝ රෝගීන්ට මුඛ පිළිකා වැළඳීමේ හේතුව බුලත්විට සැපීම වුවත් මේ වන විට විශාල වශයෙන් තරුණ පිරිස් මත් පුවක් පැකට් ආහාරයට ගැනීමෙන් මුඛ පිළිකාවලට ගොදුරු වෙමින් සිටින බව වෛද්‍ය හේමන්ත අමරසිංහ පවසයි.
සමු ගත් රංගධරයා ගැන ශියන්ත මෙන්ඩිස් පළ කළ අදහස්, වසරකට මුඛ පිළිකා රෝගීන් 2500ක්: උපාලි, පවිත්‍රා, සුනෙත් සහ චාල්ස් සමඟ මම අරවින්ද තිසර රතුවිතාන.
අපි තාමත් අටයි අටේ කාමරේ, ඩෙංගු තුරන් කිරීමට ලංකාවෙන් පරීක්ෂණයක්, ජල විදුලියට යටවන කිතුල්ගල පරිසරය: සෙනෙහෙධීර, සුනෙත් සමඟ මම අරවින්ද තිසර රතුවිතාන.
තුන් වෙනි ලෝකයට ලාභයට ඖෂධ සපයන ඉන්දීය ඖෂධ වෙළෙඳ පොලත් බහු ජාතික සමාගම් වල ග්‍රහණයට යට වෙන තත්වයක්,වසර 17 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරාජය කරයි,ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, මීපැණි රස නොදකින අනාගත ලංකාව ගැන විශේෂ සාකච්ඡාවකුත් අද(06) සංදේශයේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සනත් නිශාන්තගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි, නුවර එළියේ එක පවුලේ හත් දෙනෙකුට මරණ දඬුවම්, රංගන හේරත්ගෙන් කඩුලු ත්‍රිත්වයක්, කෝකිලායි සම්බෝධි විහාරය සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (05) බීබීසී සංදේශයේ.
දුරකතන වලට රහසින් සවන් දීමට ගෙනා අධි බලැති විද්‍යුත් උපකරණයක් සොයා ගත් ඇමති හරීන් ප්‍රනාන්දු , සෞදි අරාබියේ රැකියා අහිමි වෙන ශ්‍රී ලාංකිකයන්, මන්නාරම තිරුකේතීශ්වරන් පාලු ලිඳේ ගවේෂණ අවසන්, යුක්තිය ඉටු නොවන මුත්තුර් සමූහ ඝාතනයට දස වසරක් සහ ජාත්‍යන්තර පුවත් අද (10) BBC සංදේශයේ.
දුම්රිය අනතුර: 'ප්‍රවාහන ඇමති ඉල්ලා අස් විය යුතුයි'; 'භීෂණ සමයේ අපරාධවලටත් දඬුවම් කරන්න'; 'මුස්ලිම් ජනතාව වෙනුවෙන් විශේෂ අධිකරණයක් අවශ්‍යයි'; මතට තිතෙන් මත්පැන් භාවිතය අඩු වී නෑ; දිවියෙන් සමුගත් මාධ්‍ය ලෝකයේ දැවැන්තයා ... උපාලි, ඉන්ද්‍රා, සෙනෙහෙධීර සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට ...
මහනුවර නේවාසික පාඨමාලාවක සිසුවියන්ට 'ලිංගික අතවර කරලා'; 'වරාය නගරයට සින්නක්කර ඉඩම් දෙන්නේ නෑ'; ඒ වගේ ප්‍රකාශ කරලා අහුවෙන්න එපා කියල අනුරාධ කුරේට කිවුවා - ඔලිම්පික් කමිටු සභාපති සහ අතුරුහන් දෙමළ තරුණයන් ගැන පරීක්ෂණයට 'නීතිපතිවරයාගේ සහයෝගය නෑ' .... සෙනෙහෙධීර, පවිත්‍රා, සුනෙත්, ඉන්ද්‍රා සහ අසාම් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට
(Minister Rajitha Senarathna on Colombo Port City, School girls sexually abused in Kandy, Hemasiri Fernando admits he scolded Anuradha Cooray, March12 movement &Taiwan apology to indigenous people. Presented by: Saroj Pathirana)
අනිවාර්යයෙන් දෝෂාරෝපණය කළා, අනුරාධ කුරේ හැමදාම මාධ්‍යවලට අනවශ්‍ය ප්‍රකාශ කරනවා මම එයාට කිවුවා එයා මාධ්‍යවලට කරපු එක ප්‍රකාශයක් වැරදියි, ඒ වගේ ප්‍රකාශ කරලා අහුවෙන්න එපා කියල අමාත්‍යාංශය ලේකම් සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ගෙනල්ල ඒ ප්‍රකාශය කළේ කණ්ඩායමේ නායකය පත්කළේ මම, එංගලන්තය නොවෙයි *** තරඟය නරඹන්න රියෝ ගිහිල්ල ආවට අපේ කිසි විරුද්ධත්වයක් නෑ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ...
මේ ලෝකේ ඒකාධිපතීන්ට වෙච්ච වැඩේ තමයි මේ යුවළටත් වෙන්නේ - මහින්ද; පාද යාත්‍රාව ගැන තීන්දුවක් ගැනීමට 'ශ්‍රීලනිපයට අයිතියක් තියනවා'; රතුපස්වල ප්‍රහාරයට වසර තුනයි; මන්නාරම සමූහ මිනීවලෙන් තවත් ඇටකටු හමුවෙයි; බ්‍රිතාන්‍යයේ නූතන වහල් මෙහෙයේ යෙදැවුණු 13,000 ක් බ්‍රිතාන්‍යයේ ... පවිත්‍රා, සුනෙත්, තිසර සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට. (Mahinda Rajapaksa in Pada Yathra, Duminda Dissananayake on SLFP reax, Rathupaswala anniversary, Mannar mass grave, Basil Rajapaksa further remanded, modern slavery in Britain. Listen to BBC Sinhala service's Sandeshaya radio. Producer: Saroj Pathirana)
'සිංහයා ගැන වීරත්වයෙන් කතාකරන්නේ තිරශ්චීන ඉතිහාසයක් පිළිබඳ ජනකතාවක් ගැන'; එල්ටීටීඊ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තත් රැකියාවෙන් දොට්ට දැමුණු පොලිස් නිලධාරියා; යුද්ධයෙන් පසුව උතුරේ මතුවුනු අලුත් කර්මාන්තයක්; IMF ණය මුදල සහ ශ්‍රී ලංකාව ... සෙනෙහෙධීර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ ...
බණ්ඩාර නායක සමාධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් කනස්සල්ල පල කරන චන්ද්‍රිකා කුමාරතුංග ,ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකාව ජය ගනී ,සංහිඳියාව සොයන දේශපාලකයන්ට කලාකරුවන්ගෙන් ඇස් ඇරවීමක්, ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (30) සංදේශයේ.
මහින්ද රාජපක්ෂ මාවනැල්ල නගරය මග හැර ගමන් ගනිද්දී ජනාධිපති මෛත්‍රීපාල මාවනැල්ලේ, වාහනය නොදුන් මන්ත්‍රීවරයා රිමාන්ඩ් බන්ධනාගාරයට ,සත් හැවිරිදි වියේ පටන් ලිංගික අපචාරයට ලක් කෙරුණ දැරියක ගේ කතාවක් ද අද(29) සංදේශයේ
LISTEN:පාද යාත්‍රාවේ ආරම්භය, 'නරේන්ද්‍ර මෝදිට පින්', විධායක බලතල අහෝසි වේද?, ගුණදාස අමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණයේ: සෙනෙහෙධීර, පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතමයන්ගේ ලැයිස්තුවට එක් වූ මුරලි ගැන මාවන්; යුද ගැටුම් නිමාවුවත් නිමා නොවන අතුරුදහන්වූවන්ගේ වේදනාව; ඩයනා කුමරිය ගැන පළමුවරට මතකය අවදි කරන හැරී කුමරු; ජාත්‍යන්තර ෆෝමියුලා තරඟයේදී සම්මාන දිනූ ලාංකීය ශිෂ්‍යයෝ ... සෙනෙහෙධීර, සුනෙත්, උපාලි සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට ...
ආබාධිත සෙබලෙක් කතා කරයි, 'ශ්‍රීලනිපය දෙකඩ වෙලා හුඟක් කල්' 'පාද යාත්‍රාව හොරුන් රකින්න': සරෝජ්, පවිත්‍රා, සුනෙත්, ඉන්ද්‍රා සහ සෙනෙහෙධීර සමඟ මම තිසර රතුවිතාන.
මුරලි පී සරා තණතිල්ල වෙනස් කලාද? අපි පාද යාත්‍රා කරන්නේ ඇයි? කේපීගේ විදෙස් ගමන් තහනම තවදුරටත්: උපාලි, සරෝජ්, සුනෙත් සමඟ මම අරවින්ද තිසර රතුවිතාන.
'ටැප් එකකින් එනව වගේ ලේ විසි වුනා'- කළු ජූලියේ වේදනාබර මතකය සහ සංහිඳියාව; ආණ්ඩුවේ සිටියත් දූෂිතයන්ට එරෙහිව පියවර ගන්නවා - ජනපති; පාද යාත්‍රාවට සැරසෙන ඒකාබද්ධ විපක්ෂය සහ 'දූෂණවලට වැට බැඳීම දේශපාලන පලිගැනීමක්ද?' ... තිසර, චාල්ස්, ඉන්ද්‍රා, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම සරෝජ් පතිරණ.
ජාතික අධ්‍යාපන ආයතනයේ ඇතුල් පැත්ත,සිංහල සිසුන් බියපත් යාපන සරසවිය,අගමැතිවරයා ගෙදර යන්නේ කවුරුන් කී විටද? මීගමු කලපුව මත රථ ගාලක් ඇතුළු කතා අද (23) සංදේශයේ.
හිටපු ආගමන විගමන පාලකට වසර දෙකක සිර දඬුවම්, ජනාධිපතිවරයාගෙන් දේශපාලඥයන්ට පණිවුඩයක්, ඕමන්තෙයි මහජන උද්ඝෝෂණ, මන්ත්‍රී. කොම් වෙබ් සොයා ගැනීම් අනුව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ඉදිරියෙන්, තමිල්නාඩුවේ ‘කබාලි’ උන්මාදය සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (22) සංදේශයේ .
'යහපාලනය කියන්නේ හොඳ ගොඩයි, වැරදි ටිකයි', 'ඒ ලෙවල් අසමත් උපදේශකවරු' බරවා ඉවරයි!: උපාලි, සෙනෙහෙ, පවිත්‍රා සහ චාල්ස් සමඟ මම තිසර රතුවිතාන.
අතුරුදහන්වූවන්ගේ කාර්යාලය නමින් ආයතනයක් පිහිටුවීමේ ආණ්ඩුවේ උත්සාහය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා දඩයම් කිරීමේ ක්‍රියාදාමයක කොටසක් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කරන විවේචනයට මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ ප්‍රතිචාරය. රයිට් ටු ලයිෆ් සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දුට බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ පැවැත්වූ සාකච්ඡාව.
ගල් අඟුරු ටෙන්ඩරයක් ගැන කොමිසම ඇස් බැන්දුමක්ද? ; අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය 'හමුදාව දඩයම් කිරීමේ උත්සාහයක්' - මහින්ද; යාපන සිසු ගැටුම ගැන පරීක්ෂණ දෙකක්; ක්‍රිකට් ප්‍රතිසංස්කරණ ගැන වාර්තාවත් හමස් පෙට්ටියට? ... උපාලි, තිසර, සුනෙත්, සෙනෙහෙධීර සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ ...
දරුවා අන්තර් ජාලයට ඇබ්බැහි වෙලාද? කෝටි 16ක විදෙස් මුදල් තොගයක්, අයිය මලෝ එක්ව කළ ප්‍රේමය නම්...: සරෝජ්, පවිත්‍රා, සුනෙත් සහ සෙනෙහෙ සමඟ මම තිසර රතුවිතාන.
දෙවතාවක් සමුහ දූෂණයට ගොදුරු වූ සිසුවිය, නාමල්ට ඇප - බැසිල් ඇතුළට! දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවා-ජනපති: පවිත්‍රා, සුනෙත්, සරෝජ් සහ උපාලි සමඟ මම තිසර රතුවිතාන.
'මට තවමත් බයයි'- ප්‍රහාරයට මුහුණ දුන් නීස් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක්; දකුණේ ධීවරයන් අතුරුදහන් කළේ කොටි සංවිධානයද?; යාපනය විශ්ව විද්‍යාලයේ සිසු ගැටුම ගැන 'නීතිය ක්‍රියාත්මක විය යුතුයි'; හමුදා කැරැල්ලෙන් පසු තුර්කිය සහ නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ගැන තංගල්ලේ උද්ඝෝෂණ සෙනෙහෙධීර, තිසර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ ...
තුර්කි යුද හමුදා කුමන්ත්‍රණයේ පසුබිම සහ ඇතුල් පැත්ත, අන්කාරා නගරයේ සිට ඔබ අමතන ශ්‍රී ලංකා තානාපති PM අම්සා, නව ව්‍යවස්ථාව ගැන TNA මතය , නොරෝච්චෝලෙයි කළු පාට බණ්ඩක්කා , කුඩා ණය දෙන අලුත් ව්‍යාපෘතිය පිළිබඳව සවන් දෙන්න අද (16) BBC සංදේශයෙන්
ප්‍රංශයේ නීස් නගරයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව එහි වාසය කරන සජීවනී ප්‍රියන්ති කඳනාරච්චි බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ විස්තර කළේ හඬමින් සහ තැතිගැනුණු ස්වරයෙන්. ශ්‍රී ලාංකිකයන් 75 ක් පමණ එහි වාසය කරන නමුත් කිසිවෙකුටත් හානියක් වී නැති බවත් සජීවනී ප්‍රියන්ති කඳනාරච්චි පවසනවා.
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ‘නීස්’ නගරය,ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සොල්දාදුවන් පළා යන්නේ ඇයි ? අලුත් මුහුණුවරකින් මතු වෙන ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නය සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති අද (15) සංදේශයේ .
LISTEN: වන සතුන් වස දී මරණ අපරාධයක්, VAT වෙනුවට සිගරැට් බද්ද, ඛේදවාචකයක් වූ ශ්‍රී ලංකා සංචාරය: උපාලි, පවිත්‍රා සහ සෙනෙහෙධීර සමඟ මම තිසර රතුවිතාන.
කැමරන් යයි, තෙරේසා මේ එයි; මාධ්‍යවේදීන්ට එරෙහි තර්ජනවලට 'දේශපාලකයනුත් සම්බන්ධයි'; වැට් බද්ද සහ අධිකරණ තීන්දුව ගැන 'ව්‍යාකූල තත්වයක්'; ඇමෙරිකානු නියෝජිතයෝ දෙමළ ජාතික සන්ධානය හමුවෙති; මුරලි ඔස්ට්‍රේලියාවට සහායදීම ගැටලුවක්ද? උපාලි, තිසර, සෙනෙහෙධීර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ
අධිකරණයට ගිය ආදරණීය කතාවක්, කලාවට තහංචි දැමිය හැකිද? නාමල් අත්අඩංගුවට ගැනීම පලිගැනීමක් ද? පවිත්‍රා, සුනෙත් සහ සෙනෙහෙධීර සමඟ මම තිසර රතුවිතාන.
නාමල් මැගසින් බන්ධනාගාරයට, 'කුලියට කහින මාධ්‍යවේදීන්', VAT බද්දට තහංචියක්, 'ලංකාවට දොස්තරවරු 2500ක් මදි': උපාලි සහ චාල්ස් සමඟ මම තිසර රතුවිතාන.
LISTEN: සිනමාවට අත ගැසූ ලාංකික සංක්‍රමණිකයා, කට වචනෙට ඉඩම් දීම, ලංකාවේ සුර්ය බලය, විනාශ වන කොරල් පරය: සෙනෙහෙධීර සහ චාල්ස් සමඟ මම තිසර රතුවිතාන.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය,චීන විදේශ ඇමතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරය, සම්බන්ධයෙන් දෙරටේ ප්‍රතිචාරය ,දලයි ලාමා ඡායා රූප ප්‍රදර්ශනය,කුඩා ජල විදුලි බලාගාර පිලිබඳ නොපෙනෙන කතාවක් අද (09)සංදේශයේ.
'මේක ඡායා කැබිනට්ටුවක් නොවෙයි', පොතේ බලය සංහිඳියාවට, තවත් HIV ආසාදිතයන් 128ක්: උපාලි, සෙනෙහෙධීර, පවිත්‍රා සහ චාල්ස් සමඟ මම තිසර රතුවිතාන.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති,VAT විරෝධය සහ හම්බන්තොට වෙළෙඳපොළ, අගමැති රනිල් වික්‍රමසිංහ සහ මන්ත්‍රී වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු විවාදය, චිල්කොට් වාර්තාව ආචාර්ය දයාන් ජයතිලකගේ ඇසින්,තමිල්නාඩුවෙන් හමු වූ රෝමානු කෞතුක භාණ්ඩ අද (07) සංදේශයේ
'සදාම් හුසේන්ගෙන් ක්ෂණික තර්ජනයක් තිබුණේ නෑ':ඉරාක ආක්‍රමණය ගැන බ්‍රිතාන්‍ය වාර්තාවේ නිර්දේශ සහ ප්‍රතිචාර; ශ්‍රී ලංකාවේ සත්‍යය කොමිසම සැප්තැම්බරයේ; අපේ උත්සාහය තිරසාර සාමයක් - සංහිඳියාව උදෙසා කාර්ය සාධක බලකායේ සභාපතිනිය සහ ලොව තරුබාරුම තරුණයාගේ ඉරණම උපාලි, ඉන්ද්‍රා, සෙනෙහෙධීර, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම සරෝජ් පතිරණ
වන ජීවීන් රැකීමට ගොස් දිවි පිදූ දෙදරු පියා, මාලඹේ සිසුන්ගේ අනාගතය, පාසල් ළමුන්ගේ දිවා විවේකය, අතුරුදහන් වූවෝ: සරෝජ්, පවිත්‍රා, සුනෙත් සහ සෙනෙහෙධීර සමඟ මම තිසර රතුවිතාන.
LISTEN:පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට රජයේ වෛද්‍යවරු විරුද්ධ ඇයි? ජෝර්ජ් මාස්ටර් නිදහස්: උපාලි, සරෝජ්, සුනෙත් සහ සෙනෙහෙධීර සමඟ මම තිසර රතුවිතාන.
බංග්ලාදේශයේදී ප්‍රාණ ඇපකරුවන් බවට පත් වූ ශ්‍රී ලාංකිකයෝ; ඇමෙරිකාවේ වගේ තුවක්කු සංස්කෘතියක් ශ්‍රී ලංකාවේත් පැතිරේවිද? ඇමතිවරයකුගෙන් අනතුරු ඇඟවීමක්; නාසිවාදීන් ගෙන් වද වේදනා විඳි නොබෙල් සම්මානලාභී ලේඛකයා සහ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව සූදානම්ද? සෙනෙහෙධීර, තිසර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ ...
ශ්‍රී ලංකාව තුළ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සමග අදහස් හුවමාරු කිරීම අතින් ප්‍රවීණ සංඥා උපදේශකයන් සිටින්නේ පස් දෙනකු පමණක් බව සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී දිසානායක පවසයි.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති,මහ බැංකුවේ නව අධිපතිවරයා,ජාතික නාට්‍ය උළෙලේ කලාකරු විරෝධය ,ශ්‍රී ලංකාවේ ශ්‍රවනාබාධිතයන් සඳහා සංඥා උපදේශකයන්ගේ හිඟයක් අද (02) සංදේශයේ
ජාත්‍යන්තර ප්‍රවෘත්ති,මහ බැංකුවේ නව අධිපතිවරයා,ජාතික නාට්‍ය උළෙලේ කලාකරු විරෝධය ශ්‍රී ලංකාවේ ශ්‍රවනාබාධිතයන් සඳහා සංඥා උපදේශකයන්ගේ හිඟයක් අද (02) සංදේශයේ
නව අධිපතිවරයකු පත් කළ නොහැකිව මහ බැංකුව අරාජිකද?; විගණන පනත ප්‍රමාදවීම 'ගැටලුවක්' - විගණකාධිපති කියයි; මුස්ලිම් සරසවි සිසු ගැටළු ඇමතිට; ජනමත විමසුම සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෝ ... සවන්දෙන්න බීබීසී සංදේශයට ...
ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය ,මහ බැංකු අධිපතිවරයා පත් කර ගැනීමට නොහැකි ආණ්ඩුව, අගමැති ස්ථාවරය ,පාලිත තෙවරප්පෙරුමගේ සියදිවි හානිකර ගැනීමේ ප්‍රයත්නය , වධ හිංසාවන්ට තිත තබන මෙන් ඉල්ලමින් මානව හිමිකම් කොමිසම පාගමනේ - වැඩි චෝදනා පොලිසියට - අද සංදේශයේ.
බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලැබූ ශ්‍රී ලාංකික තරුණිය සමඟ කතාබහක්; ජනමත විමසුමෙන් පසු බ්‍රිතාන්‍යයේ ජාතිවාදී ප්‍රහාර; ශ්‍රී ලංකාවේ මානව හිමිකම් යළිත් ජිනීවා සමුළුවේ; බැඳුම්කර නිකුතුව ගැන විගණකාධිපති වාර්තාව කෝප් කමිටුවට ... උපාලි, සෙනෙහෙධීර, ඉන්ද්‍රා, අසාම්, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම සරෝජ් පතිරණ
LISTEN: මෛත්‍රී මීළඟ ජනාධිපතිවරණයටත්? ගුවන්තොටුපල නිලධාරීන්ට CCTV එපා ඇයි? සෙනෙහෙධීර, සුනෙත්, පවිත්‍රා සහ සරෝජ් සමඟ මම තිසර රතුවිතාන.
බොලිවුඩ් ලෙස හින්දි සිනමාව හඳුන්වන මිනිසුන් ඉන්දීය සිනමාව හොලිවුඩ් සිනමාවේ යම් අනුකරණයක් යයි සිතා සිටින බව කියා සිටි ප්‍රියංකා චොප්රා පවසන්නේ ඉන්දීය සිනමාව ඉන් එහාට විහිදුනු දැවැන්ත ක්ෂේත්‍රයක් බවයි.
වධ හිංසාව සහ ශ්‍රී ලංකා පොලිසිය, ලංකාවේ ව්‍යාපාරිකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කළු සල්ලි කාරයෝ -රේගුව: උපාලි, සරෝජ්, පවිත්‍රා සහ සෙනෙහෙධීර සමඟ මම තිසර රතුවිතාන.
යුරෝපා හවුලේ ‘පළමු ගඩොල’ ගලවා දැමූ බවයි ජෙරමි කොබින් පසුගිය දා කියා සිටියේ. ඔහු නොකියා කියන්නේ ඉදිරියේදී තවත් ‘ගඩොල්’ ගැලවී යාමට ඉඩ ඇති බව නොවේද? -තිසර රතුවිතාන.
'මහ ජනතාවට පුළුවන් රුපියල් 750ක් වැනි මුදලක් ගෙවල මන්ත්‍රීවරයෙකුගේ වත්කම් ප්‍රකාශය ලබා ගන්න.' ට්‍රාන්ස්පෙයරන්සි ජාත්‍යන්තරයේ ශාන් විජේතුංග සමඟ බීබීසීයේ තිසර රතුවිතාන කළ සාකච්ඡාව.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය, අලි ඇතුන් සඳහා එක්ස්රේ යන්ත්‍ර සොයන වනජීවී ඇමතිවරයා, London pride සමරිසි සැණකෙළිය , වයඹ පළාතේ තවත් පරිසර විනාශයක්, එක්සත් රාජධානියේ අසරණ වෙන යුරෝපා ශිෂ්‍යයන් අද (26) සංදේශයේ.
LISTEN:බ්‍රිතාන්‍යයේ පවුම කඩා වැටෙයි- ලංකා ආර්ථිකයේ අනාගතය, මැති ඇමති සතු වත්කම්: උපාලි, සරෝජ්, පවිත්‍රා සහ සෙනෙහෙ සමඟ මම තිසර රතුවිතාන.
තොරතුරු දැන ගැනීමේ පනත් විවාදය , තාජුදීන්ගේ මුදල් පසුම්බියේ අබිරහස, ඉන්දුනීසියාවේ අනාථ වූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් , මාතල වෙළෙඳ VAT විරෝධය සහ කාශ්මීරයේ තුවක්කු කම්හල වසා දැමීම අද සංදේශයේ.
අකුරට ගුරුන් නැති බත්තලංගුණ්ඩුව, 'යහපාලනය මේකද?' විග්නේශ්වරන්ගෙන් ප්‍රකාශයක්. සරෝජ්, පවිත්‍රා, සුනෙත් සහ චාල්ස් සමඟ මම තිසර රතුවිතාන.
මහ බැංකු අධිපතිවරයා ගැන අගමැතිවරයාගෙන් ප්‍රතිඥාවක්; ශ්‍රී ලංකා ඇමතිවරු බ්‍රිතාන්‍ය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ නවක වදය ගැන පැමිණිලි කිරීමට වෙබ් අඩවියක් අවශ්‍යද? තරඟ පාවාදීම ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් නෑ - ඇමති සුනෙත්, සෙනෙහෙධීර සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ
පොලිසියට හොඳ නරක කියාදෙන ලියවිල්ලක්, අලුත් ඡන්ද ක්‍රමයෙන් තරුණ අසහනය? සවන් දෙන්න: ඉන්ද්‍රා, සරෝජ් සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල රිමාන්ඩ් බන්ධනාගාරයට, දොරෙයිඅප්පා ක්‍රීඩාංගනය ජනතා අයිතියට. අගමැති මෝඩි සිංහලෙන් ශ්‍රී ලංකාව අමතයි, හර්ෂ ද සිල්වා සහ රෝසි සේනානායක බ්‍රිතාන්‍ය ජනමත විමසුම ගැන බීබීසී සිංහල සංදේශය සමඟ සාකච්ඡාවක , මරා දැමුණු මහජන මන්ත්‍රීනී JO COX ගැන විමසුමක් අද (18) සංදේශයේ.
යහපාලනයක් සඳහා දුන් පොරොන්දු රැගෙන ජනපති-අගමැති හමුවට ගිය පුරවැසියෝ, ලංකාවේ මාළු යළි යුරෝපයට: උපාලි සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
VAT බද්දට එරෙහි ගාලු වාණිජ ප්‍රජාව නගරය අක්‍රිය කිරීමේ කතාව,අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති පදවියෙන් ඉවත් විය යුතු බව පවසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජාතික පක්ෂයයේ ස්ථාවාරය ,බ්‍රිතාන්‍ය ජනමත විමසුම සහ විලියම් කුමරුන්ගේ සමරිසි අනුග්‍රහය අද (16) සංදේශයේ.
සිය පුතු නිසා පිළිකා රෝහලට ස්කෑනර් යන්ත්‍රයක් ගැනීමට මුල් වූ පියෙකුගේ සංවේදී කතාව, අලුත්ගම තරුණයාගෙන් පොලිසිය සමාව ගනී, ජනපතිගේ විදෙස් ප්‍රතිපත්තිය. මම තිසර අරවින්ද රතුවිතාන.
මහබැංකු අධිපති ගැන රජයේ තීරණය, ඔහු තොරතුරු වසන් කළාද?: උපාලි, සරෝජ්, සෙනෙහෙ, පවිත්‍රා, සුනෙත්, ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා පිරිහීම ගැන ලෝඩ්ස් පිටියේ සිට විමසුමක්; ළමා ශ්‍රමිකයන් එක් ලක්ෂ හත්දාහක්; වකුගඩු රෝගය මැඩලීමට කැපවෙනවා - ජනපති ; සුඛෝපභෝගී වාහන ලබාදීම නැවැත්වුවේ 'තාවකාලිකව'; ෆ්ලොරිඩාවේ තවත් වෙඩි තැබීමක සුලුමුල.... තිසර, සුනෙත්, සෙනෙහෙධීර සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ. සවන්දෙන්න බීබීසී සංදේශයට
'මේක ජාවාරමක්'....'එහෙමනම් ඇයි අශ්ව රේස්?' දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර සහ පරිසරවේදී සජීව චාමිකර බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාව.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති, එක්සත් ජනතා නිදහස් සන්ධානයට පුළුල් කිරීම, උතුරු ආඥාපති මේජර් ජනරාල් මහේෂ් සේනාරත්න, අලුත් අලිමංකඩට මහජන විරෝධය සහ ජීවත් වීමට යුරෝපයේ ඇඟ විකුණන සංක්‍රමණිකයන් ගැන තොරතුරු අද (11) සන්දේශයේ .
ග්‍රීසියේ ඇතැන්ස් නුවර තාවකාලික කඳවුරුවල සිරවී සිටින සරණාගත තරුණයින් ආපසු ගම් රටවල් බලා යාමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා නන්නාඳුනන මිනිසුන් සමග ලිංගිකව එක්වෙති.
විශ්වාස භංගය හිටපු ජනපති මග හැරියේ ඇයි? හිටපු ඇමති දිනේෂ් ගුණවර්ධන සමඟ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාව.
ලංගම පාඩුව මිලියන 16,000යි, 'විශ්වාස භංගය පරදින බව කලින් දැන සිටියා': උපාලි, සරෝජ්, පවිත්‍රා සහ සෙනෙහෙධීර සමඟ මම තිසර රතුවිතාන.
කැලණියේ නවක වදය නතර කළේ කවුද? සරසවි ඇදුරන් සහ අන්තරය බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාව.
කැලණියේ නවක වදය නතර කළේ අපි -ඇදුරන්: නැහැ, ඒක නැවැත්තුවේ අපි -අන්තරය. පවිත්‍රා සහ සෙනෙහෙ සමඟ මම තිසර රතුවිතාන.
මැති ඇමති සැප වාහන ගැන මාධ්‍ය හමුවේ උණුසුම් වාද විවාද; අතුරුදහන්වූවන් වෙනුවෙන් විශේෂ සහතික ක්‍රමයක්; ඇමති සජිත්ට 'මඩගසන' මාධ්‍යවලට එරෙහිව 'නීතිමය ක්‍රියාමාර්ග'; සහ නීතිවිරෝධී අලි පැටවකු තබාගත් හිටපු මහේස්ත්‍රාත්ට ඇප දීමත් නීති විරෝධීද? උපාලි, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ
හමුදාවේ ජීව ගුණය අඩුවෙලාද? හමුදාපති ඉවත් කළ යුතුද? ආරක්ෂක ලේකම්වරයා බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාව.
කොස්ගම සාලාව පීඩිතයෝ, හමුදාපති වගකිව යුතුද? විශ්වාස භංගයේ ජය කාටද? සෙනෙහෙ, පවිත්‍රා, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
LISTEN: ගිනි ගත් කඳවුරේ ප්‍රමිතිය, මුදල් ඇමතිට එරෙහිව ජවිපෙත් ඒකාබද්ධ වෙයි, රැකියාව සහ ඉන්දීය කත: උපාලි, සෙනෙහෙ, සුනෙත්, පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
යහපාලනය රණවිරුවන් පාවා දෙනවාද? සත්ව බිලි පූජාවට වැට බැඳෙන ලකුණු! හමුදා කඳවුරේ ගින්න: ඉන්ද්‍රා සහ සෙනෙහෙධීර සමඟ මම තිසර රතුවිතාන.
මොහමඩ් අලි ගේ ජීවිතයේ තවත් පැත්තක්,ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලට ගැනීමේ වැඩ පිළිවෙලක්, යහපාලන ආණ්ඩුවත් මාධ්‍ය දඩයම පටන් ගෙන ඇති බවට චෝදනා සහ අලුත් ක්‍රිකට් පිත්තක් ඇයි? අද (04) සංදේශයේ.
'උපදේශකවරුන් 56ක්, සම්බන්ධීකරණ ලේකම්වරුන් 94ක්?' කිරිඇල්ල ඇමතිවරයා සහ ජවිපෙ නායකයා බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සංවාදය.
ඇමතිවරයෙකුට උපදේශකවරු 56ක් සහ සම්බන්ධීකරණ ලේකම්වරු 94ක්? 'එජාප ආධාරකරුවන්ට රැකියා හිඟයක්': සෙනෙහෙධීර සහ පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
හම්බන්තොට අලි මංකඩ ,යුරෝපයේ දිගම දුම්රිය උමං මාර්ගය, තොප්පිගල දැව කැපීම මුල්කර ගත් අවුල , ජාත්‍යන්තර ප්‍රවෘත්ති සහ තවත් කතා අද (01) BBC සංදේශයේ.
පසුගිය වසර පහළොවක කාලය තුළ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයට සමානුපාතව, එසේ නැතහොත් පාරිභෝගික බලයට සමානුපාතිකව, සිගරට් වල මිල වැඩි නොවීම සහ 80% කට පැවති දුම්වැටි සඳහාවූ බද්ද 67% දක්වා අඩුවී තිබීම ශ්‍රී ලංකාවේ ජනතාව තුළ දුම් පානය ඉහළ යාමට හේතුවක් වී ඇති බව ආර්ථික විශේෂඥයෙකු වන ආචාර්ය නිශාන් ද මෙල් පවසයි.
'ඇමතිවරයා නම්‍යශීලී විය යුතුයි... නැත්නම් ඉවත් කළ යුතුයි..සටනට බැස්සේ ආපසු හැරෙන්න නොවෙයි.' වෛද්‍ය සංගමය බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාව.
LISTEN: වෛද්‍ය වර්ජනය දිග්ගැහෙන ලකුණු, 'තැලෙන්නේ අපි තමයි', දුම්වැටියයි පඩි පතයි: සුනෙත්, පවිත්‍රා සහ සෙනෙහෙධීර සමඟ මම තිසර රතුවිතාන.
'නඩු පමා වෙන තරමට වාසිය නීතීඥවරුන්ට. ඒ නිසා ඔවුන් සොයන්නෙත් නැහැ.' හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාව.
LISTEN: 'නඩු අට දහසක් නීතිපති ළඟ', දොස්තර ලැයිස්තුවට ඇමති සම්බන්ධය, කේ පී ගැන පෙත්සම: සෙනෙහෙ, පවිත්‍රා, සුනෙත් සහ උපාලි සමඟ මම තිසර රතුවිතාන.
LISTEN: 'නැගෙනහිර මහ ඇමති කොන්දේසි විරහිතව සමාව ගත යුතුයි', ලාංකික සිනමාවට තාක්ෂනය මදිද? සෙනෙහෙධීර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
සමාව ඉල්ලීමට සූදානම් නැගෙනහිර මහ ඇමති , G- 7 සමුළුවෙන් ලද වාසි රැගෙන සිය රට බලා යන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මීතොටමුල්ල - කොලොන්නාව කුණු කන්ද ගංවතුරින් සේදී යාමත් සමඟ බැට කන ප්‍රදේශයේ ජනතාව අද(28) සංදේශයේ.
වෛද්‍යවරු රතු එළිය දල්වති. ජපානයේදී ජනපතිට ඇති තැන, ජයලලිතා නිසා උතුර උණුසුම්: උපාලි, සෙනෙහෙ, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති, නැගෙනහිර මහ ඇමති පිලිබඳ වාර්තාව ජනාධිපති අතට, වතු කම්කරු වැටුප් වැඩි කරන මෙන් ඉල්ලමින් මැති ඇමතිවරු කොටුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක, තාජ් මහල් මන්දිරයේ බිත්ති කොළ පැහැ පැල්ලම් වලින් වැසී යාම අද (26) සංදේශයේ
නාවුක හමුදා නිලධාරියෙකුට බැන වැදුනේ ඇයි? - නැගෙනහිර මහ ඇමති කරුණු පහදයි; ආපදා කළමනාකරණය පිළිබඳ අලුත් නීතියක්; අතුරුදහන්වූවන් ගැන විපරම් කිරීමේ නව කාර්යාලයක්; එවරස්ට් කඳු මුදුනට ලඟා වූ පළමු ශ්‍රී ලාංකිකයා සමඟ කතාබහක් ... උපාලි, අසාම්, සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ
එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා, ජයන්ති කුරු උතුම්පාල සහ කඳු මුදුනට මීටර් 300 ක් තරම් ආසන්නයට ලඟා වූ යොහාන් පීරිස් නේපාලයේ කත්මන්ඩු අගනුවර සිට බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින් ... සවන්දෙන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක සමඟ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ පැවැත්වූ සාකච්ඡාවට සවන්දෙන්න.
උප කුලපති ඇතුළු බලධාරීන්ට රාජ්‍ය ඇමතිවරයාගෙන් චෝදනාවක්. මොහාන් ලාල් ග්‍රේරු රාජ්‍ය ඇමතිවරයා සමඟ තිසර රතුවිතාන කළ සංවාදය.
LISTEN: නවක වදය: 'වරද උප කුලපති ඇතුළු බලධාරීන්ගේ', අලි ප්‍රහාරයකින් විදෙස් සංචාරකයෙක් මරුට: සරෝජ් පවිත්‍රා සුනෙත්, සෙනෙහෙ සමඟ මම තිසර රතුවිතාන.
LISTEN: ලංකාවේ කඳු බෑවුම් බොහොමයක් අවදානම්, ආපදා පාඩුව කීයද? ගංවතුරෙන් ගෙට ගෙවදින කුණු කන්ද: සරෝජ්, සුනෙත්, පවිත්‍රා සමඟ මම තිසර රතුවිතාන.
දින හතක් ගංවතුරට කොටුවුණු දෘශ්‍යාබාධිත පවුලක්; අවතැන් වූවන් පිරිසකට පළමුවරට දිවා ආහාරය අහිමිවේ; සබරගමුවේ පාසල් නාය යාමේ අවදානමක්; සංවර්ධනයේදී නොසලකා හැරෙන පරිසර ප්‍රතික්‍රියා; විවේචන එල්ල වූ මහ බැංකු අධිපතිට සේවා දිගුවක් ලැබේවිද? .... තිසර, සෙනෙහෙධීර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ
'...අපි ඒවාට කියනවා කවුරුත් දන්නා රහස් කියල.’ කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාව.
එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා කාන්තාවක්, අරනායක තවත් කන්දක් නාය යයි, ජාත්‍යන්තර මෙහෙයුම් අනවශ්‍ය බව පවසන මුදල් ඇමතිවරයා සහ ලුම්බිණියේ සිට ඔබ අමතන නේපාලයේ මෛත්‍රී හිමියන් අද සංදේශයේ
ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,ආපදා කළමනාකරණ ඇමතිවරයා,අස්ගිරි මහ නා හිමි ඉල්ලීම, සමාජ මාධ්‍ය ජාලයේ මානුෂික මෙහෙයුම සහ ක්‍රිකට් තොරතුරු අද සන්දේශයේ
බේරා ගැනීමේ මෙහෙයුම් ස්වේච්ඡාවෙන් කරන තරුණයෝ, කැළණි ගං මිටියාවතේ කොටු වුවෝ. අරනායක බලාපොරොත්තු. සෙනෙහෙධීර, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
මේ වන විට අරනායකට සහ බුලත්කොහු පිටියට විශාල ජනකායක් රැස්වෙමින් සිටින බව කියා සිටි හමුදා ප්‍රකාශක ජයනාත් ජයවීර මහා ජනතාවගෙන් ඉල්ලා සිටියේ අනාරක්ෂිත කලාප වලට මේ අයුරින් රැස් වීමෙන් වලකින ලෙසයි.
අරනායක ඛේදවාචකය, වෙඩි හඬ නැවතී සත් වසරයි-අපි අද කොතැනද? 'මම උගන්ඩාවට ගියේ ඇයි?' සරෝජ්, සුනෙත්, පවිත්‍රා, සෙනෙහෙ, ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ආන්තීය කාලගුණික විපර්යාසය, මහා ප්‍රාඥයෙකුගේ නික්ම යාම, චීන විප්ලවය: උපාලි, සරෝජ්, සුනෙත්, පවිත්‍රා, අසාම්, සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
මෝසම් වැස්සත් සමඟ රට පුරාම අයහපත් කාලගුණ තත්වයක්; 'ශ්‍රී ලංකාවේ සියලුම පවුලක් පාහේ අතුරුදහන් වූ සිය සමීපයෙක් තවමත් සොයමින් සිටිනවා'; විල්පත්තු රක්ෂිතය ගැන ගීතයක් නිර්මාණය කළේ ඇයි? සහ මැද පෙරදිග උත්සන්න වන කැරලිකාර ප්‍රහාර ... තිසර, සෙනෙහෙ, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ ...
'එක පැත්තකින් ගැඹුරෙන් සැඟවුණු කෘරත්වයක් පවතිනවා. අනිත් පැත්තට ඒකට විරුද්ධත්වය යටින් තිබුණත් ඒක ප්‍රකාශයට පත්කරගන්න බැරි ජනතාවක් ඉන්නවා. මේ විරුද්ධත්වය ඉස්මත්තට ආ යුතුයි': ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ 'නිහඬ කළ සෙවණැලි' කාව්‍ය රචනා තරඟයේ එක් ජයග්‍රාහකයකු වන බැසිල් ප්‍රනාන්දු බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්
ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දියාවේ උදේනි නගරයේ ‘කුම්භමේලා’ සැණකෙළියේ ,අගමැති මෝඩි ශ්‍රීලංකාව ගැන කතා කරයි,රටේ බොහෝ පලාත්වල අයහපත් කාලගුණය සමඟ ජන ජීවිත දුෂ්කර තත්වයක,මුස්ලිම් බාල වයස් විවාහ ගැන ප්‍රජාව දැනුවත් කිරීමක් ,ක්‍රිකට් තොරතුරු අද සංදේශයේ
ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දූෂණ එරෙහි ජාත්‍යන්තර සමුළුව අමතයි,ශ්‍රී ලංකාවේ අඩුම එක් දින පඩි ලබන වතු සේවකයෝ හලාවත වැවිලි සමාගම වටලති,බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රූසේෆ් ට එරෙහි දෝෂාභියෝගය පෙරට. සවන් දෙන්න අද (12) සංදේශයෙන්.
මූල්‍ය වංචා පරීක්ෂණ යට ගැසීමේ උත්සාහයක් - ආණ්ඩුවෙන් හෙළිදරවුවක්; පළමු වතාවට එවරස්ට් තරණය කිරීමට සැරසෙන ශ්‍රී ලාංකිකයෝ ; වැට් බද්ද වැඩි කිරීම 'නීතිවිරෝධීයි' සහ කිසිදා පාසල් නොගොස් සරසවි වරම් ලැබූ ලාංකීය චිත්‍ර ශිල්පිනිය ... උපාලි, පවිත්‍රා, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ
එවරස්ට් කඳු මුදුනේ ජාතික ධජය එසවීමට සැරසෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරිස් සමඟ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ පැවැත්වූ සාකච්ඡාවට සවන්දෙන්න.
ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාව.
‘තවත් පොලිස් ප්‍රහාරයක්’, රැකියා ඒජන්සි ‘මාෆියාව’, ගබ්සා 650ක්: උපාලි, සෙනෙහෙ, සුනෙත්, සරෝජ්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ශ්‍රී ලංකාවේ දිනකට සිදුවන නීතිවිරෝධී ගබ්සා ගණන 650කට අධිකයි. මෙය නීති ගත කළ යුතුද? මහාචාර්ය කේ කරුණාතිලක සමඟ තිසර රතුවිතාන කළ සාකච්ඡාවක්.
වැට් බද්ද වැඩි කළත් ලෝකයේ දුරකථන ගාස්තු අඩුම ශ්‍රී ලංකාවේ - ඇමති හරීන් 'පක්ෂයේ අර්බුදයක් නෑ'- ජනතා විමුක්ති පෙරමුණෙන් දිවයින පුවතට පිළිතුරු; වී වගාව සඳහා සොයා ගත් කාබනික පොහොරකට පේටන්ට් බලපත්‍රයක්; අකුණු සැර වැදී මියගිය වල් අලි සහ රුක් රෝපණයට යොමු වුනු තරුණ පරපුර ... සෙනෙහෙධීර, තිසර, සුනෙත්, ඉන්ද්‍රා සහ අසාම් සමගින් මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට ...
ජාත්‍යන්තර ප්‍රවෘත්ති, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාධ්‍ය හමුව, ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න බත්තලන්ගුන්ඩුව ධීවර බෝට්ටුවක සිට ගෙන එන වාර්තාවක්, බ්‍රිතාන්‍ය පළාත් මැතිවරණ සහ ලන්ඩනයේ පළමු මුස්ලිම් නගරාධිපතිවරයා පිලිබඳ සාකච්ඡා අද (07) සංදේශයේ .
'වීදි බැසීමට පොලිසියෙන් අවසර ඕනෙද?' අන්තරේ කැඳවුම්කරු බීබීසීයේ තිසර රතුවිතාන සමඟ කළ සාකච්ඡාව.
'නවක වදය උප සංස්කෘතියක්', මහින්දට උගන්ඩාවෙන් ආරාධනයක්, සවන් දෙන්න: උපාලි, සරෝජ්, පවිත්‍රා, ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
පාර්ලිමේන්තුව තුළ ගුටි බැට හුවමාරුවේ දෙදෙනකුට සතියක් පාර්ලිමේන්තුව තහනම්, සුදු වෑන් සංස්කෘතිය යලි එපා, තාජුදීන් ඝාතන නඩුවේ අලුත්ම තත්වය ,බත්තලන් ගුන්ඩුවේ සයුරු තීරයෙන් මතු වූ කේරල ගංජා සහ ඉන්දීය නයි නටවන පරපුරේ ජීවන අරගලයත් අද(05) සංදේශයේ.
පාර්ලිමේන්තුවේ ගැටුම: 'අශෝභන අන්දමින් මූලාසනයට දෝෂාරෝපණය කිරීම අනුචිතයි'; 'වාර්තාවක ඕන බඩවැලක් ලියතහැකි'; ගැටුම ගැන 'පොලිස් පරීක්ෂණයක්'; එංගලන්ත සංචාරයට සැරසෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ... උපාලි, සෙනෙහෙධීර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ ... Listen to BBC Sandeshaya with Thilanga Sumathipala, Gayantha Karunathilake, Karunarathne Paranavithana, Lakshman Yapa Abeywardhana, Dinesh Gunawardene, Sanath Jayasuriya & Anjelo Mathews. Produced & Presented by Saroj Pathirana
පාර්ලිමේන්තු ගුටිබැට හුවමාරුවේ ඇසින් දුටු සාක්‍ෂි, රනිල්ගෙන් මාධ්‍යවේදීන්ට කණේ පහරක්, සේරුවිල හිමි ගැන තතු. සෙනෙහෙ, සුනෙත්, සරෝජ් සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
LISTEN:වකුගඩු ජාවාරමේ සැකකරු පලා ගියේ කෙසේද? ලංකාවේ මැයි රැළි කම්කරුවා වෙනුවෙන්ද? උපාලි, සෙනෙහෙ, සුනෙත්, සරෝජ්, ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ගාල්ල, කිරුලපන, කැම්බල් සහ බී ආර් සී:ලෝක කම්කරු දිනය ලංකාව සැමරූ හැටි. සෙනෙහෙ, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති , මාධ්‍ය නිදහස ගැන කතා කරන අගමැතිවරයා ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය තීන්දු කෙරෙන මැයි දිනය, මැදපෙරදිග රැකියාවෙන් බැට කෑ කාන්තාවන්ගේ කතාව, දරන්න බැරි උණුසුමේ ඇතුල් පැත්ත සහ අලි දඩයක්කාරයන්ගේ අලි අපරාධ අද සංදේශයේ.
වකුගඩු රෝගය සම්බන්ධ තෙදින වැඩමුළුවට ගල් සහ මුල්; වකුගඩු රෝගයට ස්ථිර විසඳුම් ලබාදීමට කැපවෙනවා- ජනාධිපති කාර්ය සාධක බලකාය; මාධ්‍යවේදී සිවරාම් ඝාතනය කර එකොලොස් වසරක්; මැයි දිනය සහ වතු කම්කරු වැටුප් ගැටලුව ... උපාලි, ඉන්ද්‍රා, තිසර සහ සෙනෙහෙ සමඟ මම සරෝජ් පතිරණ ...
ජාත්‍යන්තර ප්‍රවෘත්ති,වෛද්‍ය ශිෂ්‍ය පෙළපාලියට පොලිස් කඳුළු ගෑස්, බලය බදා ගත් ඇමතිවරු, නැගෙනහිර ගොවීන්ට පොලිස් ආරක්ෂාව, ෆෙඩරල් ක්‍රමය ගැන ජවිපෙ විරෝධය සහ අඳුරට ශාප නොකොට පහන් දල්වන බෞද්ධ භික්ෂුවක් ද අද (28) සන්දේශයේ.
පාඩු පිට උඩින් යන ශ්‍රීලන්කන්, ලාංකික තරුණ සිනමාකරුවෙකුට ජාත්‍යන්තර සම්මානයක්. සෙනෙහෙ සහ සරෝජ් සමඟ මම තිසර රතුවිතාන.
හිටපු එල්ටීටීඊ නායකයන් යළි අත්අඩංගුවට ගන්නේ ඇයි? - ආරක්ෂක ලේකම්වරයා, "සිවිල් ඇඳුමින් අත්අඩංගුවට ගැනීම අනුමත කරන්න බෑ", හමුදාව ඉඩම් අල්ලාගැනීම ගැන අගමැතිට පැමිණිල්ලක්, ජනපතිගෙන් ජනමාධ්‍යවලට දෝස්මුරයක් සහ තමිල්නාඩුවේ මුල් පුටුව හොබවන රිදී තිරයේ තාරුකාවෝ ... උපාලි, සෙනෙහෙධීර, අසාම්, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ
අඩ සියවසකට අධික කාලයක් පුරා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ධුරය හොබවා ඇත්තේ සිනමා ක්ෂේත්‍රයෙන් දේශපාලනය වෙත පැමිණි සිනමා තරු විසින්. වත්මන් ප්‍රධාන අමාත්‍යවරිය ජයලලිතා ජයරාම් ඇතුළු හිටපු සහ ක්ෂේත්‍රයේ සිටින සිනමා තරු විශාල පිරිසක් මෙවර ප්‍රාන්ත මැතිවරණය සඳහා ද තරඟ වදිති.
යහ පාලනය: පරණ ඇඳුම් යළි අඳින්න සුදානම් වෙනවාදැයි සැක හිතෙනවා. සවන්දෙන්න. ඉන්ද්‍රා, සුනෙත්, සෙනෙහෙ සහ සරෝජ් සමඟ මම තිසර රතුවිතාන.
දරුවා ඉතා සතුටින් ඉගෙන ගන්නවා, හැමදෙනාම පුතාට ආදරෙයි ගමේ හැම දෙනාම දැන් කතා කරනවා අධ්‍යාපන ඇමතිතුමා ලබා දෙන බවට පොරොන්දු වූ ආධාර තවම ලැබුනේ නෑ උදවු කරන්නේ රන්ජන් රාමනායක ඇමතිතුමා විතරයි *** විදේශවලින් දුන් බව කියන ආධාර කිසිවක් ලැබුනේ නෑ. 'ඒක බොරුවක්' කුලියාපිටිය දරුවාගේ මව සමඟ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ පැවැත්වූ සාකච්ඡාව
ක්‍රිකට් ක්‍රීඩක කෞෂල් සිල්වාගේ 'ජීවිතයට අනතුරක් නෑ'; වස විස සහිත මාළු විදෙස්වලින් ගෙන්වීමේ ජාවාරමක් - චෝදනාවක්; දරුවාට අධ්‍යාපන වරම් ලැබුනා එහෙත් ජීවත්වීම ගැටලුවක් - කුලියාපිටිය දරුවාගේ මව සමඟ කතාබහක්; සහ ඉන්දීය සභ්‍යත්වයට පහරක බවට චෝදනා ලැබූ බොලිවුඩ් සංගීත ශිල්පියා යෝ යෝ හනි සිං බීබීසී සංදේශයේ ... ඉන්ද්‍රා, තිසර, සෙනෙහෙධාර සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ...
ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් රුපියල් කෝටි දෙකක වන්දියක් ඉල්ලන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය, බණ කියන රොබෝ හාමුදුරුවෝ ,අදත් ජීවමාන විලියම් ෂේක්ස්පියර් සහ ගමට වතුර නැති නිසා කසාදයක් කර ගැනීමට බැරිව ලතවෙන තරුණයන් සහිත ඉන්දියානු ගමක් ගැන අද සංදේශයේ.
මාධ්‍ය නිදහසේ දියුණුවක්, 'එහෙත් වෘත්තීයභාවය ගැටලුවක්'; මූල්‍ය විමර්ශන යටපත්වීමට ඉඩ දෙන්නේ නෑ - නව පොලිස්පති; උතුරු නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් අවශ්‍යයි- පළාත් සභාවෙන් යෝජනාවක්; දම් පැහැ වැස්සේ නික්ම ගිය ප්‍රින්ස්ට දම් පැහැයෙන් ප්‍රණාමය ... උපාලි, පවිත්‍රා, ඉන්ද්‍රා සහ සෙනෙහෙ සමඟින් මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට ...
ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ දිවියෙන් සමු ගැනීම, තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම, සියදිවි හානිකර ගන්නා ඉන්දීය ගෘහිනියන්ගේ ඉරණම ඇතුළු තවත් කතා අද (21) සංදේශයේ.
ජනපතිවරණයේදී ජයගැනීමට දූෂිත පළාත් පාලන ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය රුකුලක් වුනා - ජනපති මෛත්‍රී; වැට් බද්දෙන් ජනතාවට බර පටවන්නේ නෑ - ආණ්ඩුව; ලසිත් මාලිංගට වෛද්‍ය පරීක්‍ෂණයක්; ගාන්ධාර බෞද්ධ උරුමය සොයා පාකිස්තානයට දූත ගමනක් ... උපාලි, අසාම්, සෙනෙහෙධීර, පවිත්‍රා, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟින් මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට ...
හිටපු ජනපති මහින්දගෙන් ජනපති මෛත්‍රීට පිළිතුරු; අවුරුදු නැකත් මතභේදය ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය; යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම ගැන ආණ්ඩුවෙන් පරස්පර නිවේදන; උතුරෙන් අතුරුදහන් වූ තරුණයන් පිරිසක් මාලදිවයිනේ සිරකරලා ... සුනෙත්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ බීබීසී සංදේශයත් සමගින් ...
පැරදිලා ආරක්ෂක භටයන් රැගෙන හෙලිකොප්ටරයෙන් යන විටත් රටේ ජනාධිපති මමයි පැරදිලා බලයේ ඉන්න කුමන්ත්‍රණයක් කළා නම් 'ඔක්කොම හමුදාපතිවරු, පොලිස්පති ඒ ඔක්කොම සාක්කි දුන්නනේ? ඉතින් ප්‍රතිඵලය කියන්නකෝ' උතුරේ 89% ක් ඡන්ද වැටුනාම මම දැනගත්තා මම පරාදයි කියලා පොලිසිය අවිශ්වාස නෙවෙයි, හමුදාවට ප්‍රභූ ආරක්ෂාව ගැන විශේෂ පුහුණුවක් තියෙනවා *** සුළු ජාතිකයන්ගේ ඡන්ද ගැන 'වැඩිය කතා නොකර ඉඳිමු' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාව
ජාත්‍යන්තර ප්‍රවෘත්ති, මී ළඟ පොලිස්පතිවරයා කවුද? ජනපති මෛත්‍රී සහ හිටපු ජනපති මහින්ද ,මිරිහානෙන් පළා ගිය ඉන්දියානු සිරකරුවා, කඩොලාන වෙනුවෙන් වීදි බැස සිටින නැගෙනහිර ජනතාව සහ දෝෂාභියෝගයකට මුහුණ දී සිටින බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රුසෙෆ් අද (18) සංදේශයේ.
ඉක්වදෝරයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට භූමිකම්පාව හේතුවෙන් අනතුරක් සිදු වී ඇති බවට වාර්තා නොවන බව ඉක්වදෝරයේ වැඩබලන තානාපතිවරයා වශයෙන්ද කටයුතු කරන කියුබාවේ තානාපතිවරයා පවසයි.
ඒකාකාරීව නොනවතින චක්‍රයක් ලෙස ගෙවී යන දෛනික ක්‍රියාවලියට යම් නැවතුමක් ලබා දී නැවුම් අධිෂ්ඨානයකින් සහ නව බලාපොරොත්තු සහිතව යළි ගමන් ඇරඹීමට අවස්තාව සලසා දීමයි අළුත් අවුරුද්ද තුළින් බලාපොරොත්තු වන්නේ.
අර පොල්ගහක් ගලවන්න හොල්ලනව වගේ මුළු ගේම හෙලවුනා - ජපානයේ කුමමොතෝ නගරයේ ශ්‍රී ලාංකිකයෝ; ත්‍රිකුණාමල ඉන්දීය තාප බලාගාරයට ඉඩම් ලබාදීම ගැන ටීඑන්ඒ විරෝධය; එක්සත් ජාතික පක්ෂය සහ චීනය අතර දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා - ඇමති කිරිඇල්ල; වැට් බද්ද වැඩි කිරීමට හිටපු ජනපතිගේ විරෝධය; අයිපීඑල් ශූරතාවලියට සහභාගි වීමට ලසිත් මාලිංගට තහංචි; රංගන හේරත් එක් දින සහ විස්සයි විස්ස පිටියෙන් සමුගනියි ... සෙනෙහෙධීර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟින් මම සරෝජ් පතිරණ ...
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, පින්නවල අලි ඇතුන්ගේ සහ දඹානේ ආදිවාසීන්ගේ හිස තෙල් ගෑම්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට සහභාගී වීම, සල්ලි අච්චු ගහනවාට වැඩිය වැට් බද්ද වැඩි කිරීම යහපත් බව පවසන අසන්ත සිරිමාන්න සහ තවත් ජාත්‍යන්තර සම්මානයකින් පුද ලද බල ශක්ති විශේෂඥයා මහාචාර්ය මොහාන් මුණසිංහ අද සංදේශයේ
මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය පිළිබඳ සැකකරු 'සුදු වෑන් එකකින් රැගෙන ගියා'; ලබන මාසයේ සිට වැට් බද්ද ඉහලට; වකුගඩු රෝගය මැඩලීමට බත් කෑම අඩු කිරීම බටහිර කුමන්ත්‍රණයක්ද? ඉන්දියාවේ ව්‍යාඝ්‍රයන් රැකගැනීමට විදෙස් නිවහන්; එංගලන්ත අභියෝගය භාරගැනීමට ශ්‍රී ලංකාව සූදානම් -රංගන හේරත් උපාලි, ඉන්ද්‍රා සහ පවිත්‍රා සමඟ ම සරෝජ් පතිරණ ... සවන් දෙන්න බීබීසී සංදේශයට ...
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, ආසියානු රටවල අවුරුදු සිරිත් විරිත් සහ IPB සෝමේ ගැන නිශ්ශංක දිද්දෙණිය තබන මතක සටහනට.
ක්‍රිකට් ක්‍රීඩාවේ යළි නගා සිටුවන්නේ කෙසේද? - කුමාර් සංගක්කාරගෙන් උපදෙස්; වකුගඩු රෝගය වැළැක්වීමට බත් කෑම අඩු කරමු - වෛද්‍යවරයකුගෙන් උපදෙසක්; වරාය නගර ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරනවා - ආණ්ඩුව කියයි; ආරම්භ කළොත් දැඩි ක්‍රියාමාර්ග - පරිසරවේදීන් ගෙන් අනතුරු ඇඟවීමක් ... උපාලි, ඉන්ද්‍රා, සුනෙත් සහ සෙනෙහෙධීර සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න බීබීසී සංදේශයට ...
ක්‍රිකට් පරිපාලනයේ වෙනස්කම් රැසක්: සාම්ප්‍රදායික බෙර රබන් නිෂ්පාදනයේ සුල මුල සොයා කූරගලට ගිය ගමනක්: උතුරේ ජනතාවගේ ඉඩම් යලිත් අත්පත් කරගන්නේ නෑ - ආරක්ෂක ලේකම්වරයාගෙන් ප්‍රතිඥාවක්; ශ්‍රීලනිපයේ මැයි දින රැලියට හිටපු ජනපති මහින්ද ඒවිද? ; පැනමා ලේඛන ගැන 'පරීක්ෂණ අවශ්‍යයි' සෙනෙහෙධීර, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම සරෝජ් පතිරණ
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, යුරෝපා හවුල ශ්‍රී ලංකාවට එරෙහි මත්ස්‍ය අපනයන තහංචිය අහෝසි කිරීම, උතුරේ ඉඩම් ගැටුම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝකයේ අර්බුද, සහ සහෘදයන් පිළිගත යුතු හොඳම වචනය පිළිබඳ විවාදයට අද සංදේශයේ.
ශ්‍රී ලංකාවට පෙම් බැඳි 'ටුක් ටුක් කෙල්ල' ගෙන් බලධාරීන්ට ආයාචනයක්; 'ආදර්ශමත් පාර්ලිමේන්තුවක්' උදෙසා කතානායකවරයාගෙන් ආචාර ධර්ම පද්ධතියක්; ආර්ථික වැඩසටහනක් සහිතව යටිතල පහසුකම් දියුණු කළ යුතුයි - අගමැති රනිල්; තොරතුරු පනත ඉතා වැදගත් 'ඒත් සංශෝධන අවශ්‍යයි' ... ඉන්ද්‍රා, සෙනෙහෙධීර, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම සරෝජ් පතිරණ
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,අගමැති චීන සංචාරය,පැනමා වාර්තා,වතිකානයේ සිට ඔබ අමතන නෙවිල් පෙරේරා ,රතු මුහුද හරහා ඉදි කෙරෙන සෞදි -ඊජිප්තු පාලම පිළිබඳව සංදේශයෙන්.
පැරිස් ප්‍රහාරයේ 'මහ මොලකරු' අත්අඩංගුවේ; අගමැති රනිල්ගේ චීන සංචාරයෙන් 'ශ්‍රී ලංකාවට වාසි රැසක්': බෙයිජිං නුවර සිට විශේෂ වාර්තා; යලිත් ඉඩම් පවරා ගන්නා බවට උතුරේ වැසියන්ගෙන් හමුදාවට චෝදනා; ඒකාබද්ධ විපක්ෂය 'ශ්‍රීලනිපය බෙදනවා' - නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාරගෙන් හෙළිදරවුවක්; ප්‍රේමය, ලිංගික පහස සහ විවාහය ගැන පාප වහන්සේගෙන් නව උපදෙස් මාලාවක් ... ඉන්ද්‍රා, උපාලි, අසාම්, සෙනෙහෙධීර සහ පවිත්‍රා සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, අගමැති රනිල් වික්‍රමසිංහ සහ චීන නායකයන් අතර සාකච්ඡා, කැබිනට් මාධ්‍ය හමුව, අස්ගිරි පාර්ශවයේ නව මහ නාහිමියන් තෝරා පත් කර ගැනීම සහ දියවැඩියා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ දොස්තර මහේන් විජේසූරිය සමඟ සාකච්ඡාවකට අද (07) සංදේශයෙන්.
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය, අගමැති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරය මහින්ද රාජපක්ෂ ආරක්‍ෂාව ,යහපාලනයේ අලුත් ඇමති පදවි සහ ලොව පුරා මරණ දඬුවමට යටත් කෙරෙන ජන සංඛ්‍යාවේ විස්මය දනවන වැඩි වීම පිළිබඳව අද (06) සංදේශයෙන්.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති, වකුගඩු ජාවාරම, හෙරොයින් ජාවාරම, උතුරේ පැතිර යන මත් කුඩු වසංගතය, සාම්පූර් ඉඩම් මායිම් ගැටළු , බටහිර ඉන්දීය කොදෙව් පිලේ අප නොදත් ගමන් මග සහ පැනමාවේ සල්ලි හැංගුව සල්ලි හොරුන් ගැන කතා වලට අද (04) සංදේශයෙන්.
බටහිර ඉන්දීය කොදෙවුවෝ විස්සයි විස්ස ලෝක කුසලානය ජයගනිති; මුස්ලිම් ළමා විවාහවලට 'අම්මා කෙනෙක් විදියට විරුද්ධයි' - ළමා කටයුතු ඇමතිනී; පෞරුෂ වර්ධනයෙන් සිහින සැබෑ කරගත හැකිද? සහ නවක වදයේ නිමාව අත ලඟද? ඉන්ද්‍රා, සෙනෙහෙධීර සහ සුනෙත් සමඟින් මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, ශ්‍රී ලංකාව හෙරොයින් පාරාදීසයක් වීම, රහස් පොලිසිය මහාචාර්ය ජී.එල්.පීරිස්ගෙන් ප්‍රශ්න කිරීම, ජිනීවා සංචාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පළ කරන අදහස් සහ තරබාරු භාවය ලෝක ප්‍රශ්නයක් වීම පිලිබඳ කතා වලට අද සංදේශයෙන්.
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති ,උතුරින් හසු වූ අවි ආයුධ ගැන විවාදය, රුපියල අවප්‍රමාණ වීමට හේතු ,මැද පෙරදිග ගිය ශ්‍රී ලාංකික තවත් ගෘහ සේවිකාවකගේ මළ සිරූරක් ආපසු ගෙන ඒමේ පුවතක් සහ බ්‍රිතාන්‍යයේ බලහත්කාර විවාහය ගැන අද සංදේශයෙන්
ශ්‍රී ලංකාවේ IS සාමාජිකයන් නෑ - ආරක්ෂක ලේකම්වරයා; අඩි දහසක් ගැඹුරු පතලක කම්කරුවෝ වැඩ වර්ජනයක; පැරදුනාම ගරහන්න එපා - ධම්මික ප්‍රසාද් ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලයි සහ උතුරේත් දකුණේත් අතුරුදහන්වූවෝ නැගෙනහිරදී සැමරෙති ... උපාලි, ඉන්ද්‍රා, සෙනෙහෙධීර සහ සුනෙත් සමඟින් මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ..
සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියට එරෙහිව දැඩි පියවර ගන්නවා - අධ්‍යාපන ඇමති; ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට කැපවෙනවා - අගමැති; මැදපෙරදිගදී වද බන්ධනවලට ලක් වූ කාන්තාවෝ සහ මැති ඇමතින්ට හිමි, නිලධාරීන්ට අහිමි තීරු බදු රහිත වාහන ... ඉන්ද්‍රා, සෙනෙහෙ සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ
අපහාස නම් ඇතිවෙන්න විඳලා තියෙනවා - සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් වන භූමි හරේන්ද්‍රන් සරෝජ් පතිරණ සමඟ සංවාදයේදී හෙළි කරන ගේ වේදනාබර අත්දැකීම.
LISTEN; ඇමෙරිකාව ගැන ෆිදෙල් කස්ත්‍රෝ ගේ විග්‍රහය ,වෛද්‍ය ආඥා පනත සංශෝධනය කළ යුතුද? ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතිචාරය, පළාත් පාලන මැතිවරණ පමා වීමට හේතු, පානම ගමේ උරුමක්කාරයන්ගේ ඉරණම, ලාහෝර් ප්‍රහාරයේ තොරතුරු වලට අද සංදේශයෙන්
සංක්‍රාන්ති ලිංගිකයන්ට පුදබිම් තහනම්ද?; වසර හයක් මුළුල්ලේ සිය පාරම්පරික ඉඩමේ උරුමය ඉල්ලා පානම වැසියෝ; ආණ්ඩුවටත් වඩා සමාජ මාධ්‍ය ජාල බලවත් - කතානායක කරු බ්ලොග් සම්මාන උළෙලේදී සහ චොක්ලට් කෑම ශරීර සෞඛ්‍යයට අහිතකරද? ඉන්ද්‍රා, පවිත්‍රා, සුනෙත් සහ සෙනෙහෙ සමඟින් මම සරෝජ් පතිරණ ...
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,නව ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් විමසන විශේෂ කමිටුව,දකුණේ මාධ්‍යවේදීන් සමූහයක් උතුරේ සංහිඳියා චාරිකාවක ‘මුතු පන්තිය දූපත මුහුදු කෑමෙන් බේරා දෙන මෙන් දූපත් වාසීන් කරන ඉල්ලීමක්,ක්‍රීඩා තොරතුරු සහ බාමියන් බුදු පිළිම විනාශය ගැන පාපෝච්චාරණයක් අද සන්දේශ යේ .
මෝටර් රථ සියයක් මාස ගණනාවක් වරායේ; නවක වදයට අපි විරුද්ධයි - ශිෂ්‍ය ව්‍යාපාරයෙන් හෙළිදරවුවක්; සාම්පූර් වැසියන්ට අලුතෙන් නිවාස ; ආණ්ඩුව ජනතාව රවටනවා - උතුරේ මහ ඇමතිගෙන් චෝදනාවක් ... ඉන්ද්‍රා, උපාලි, සෙනෙහෙ සහ පවිත්‍රා සමඟ මම සරෝජ් පතිරණ ...
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති.මිනිසුන් රට පැටවීමේ ජාවාරමක්, රතුගල වැදි - පොලිස් ගැටුමක්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලම, කොක් එලිය සංහිඳියා ගම, සර්බ් නායක රදොවාන් කරදිච් ගේ ඉරණම අද සන්දේශයේ
එල්ටීටීඊ ප්‍රහාරයකින් දිවි බේරා ගෙන බ්‍රසල්ස් නගරයේදීත් 'අනූනමයෙන් බේරුණු' ශ්‍රී ලාංකිකයා; බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසු කටුනායක ගුවන් තොටුපොලේ ආරක්ෂාව තර කෙරේ; මරණය සැක නම් සෝභිත හිමි ආදාහනය නතර නොකළේ ඇයි? -සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය; සහ යූටියුබ් ජාලයෙන් කෝටිපතිනියක වූ ලිලී සිං ... ඉන්ද්‍රා, උපාලි, සුනෙත් සහ සෙනෙහෙ සමඟ මම සරෝජ් පතිරණ
බ්‍රසල්ස් නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා දක්වන අදහස්; බ්‍රසල්ස් ප්‍රහාරය ගැන සජීවී නැවුම් පුවත්; බෙල්ජියමේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්; පොර්ට් සිටි ව්‍යාපෘතියට කතෝලික ජනතා විරෝධය .. පවිත්‍රා, සෙනෙහෙ සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
වකුගඩු රෝගයට හේතුව ආසනික්, ග්ලයිෆොසෙට් හෝ කැඩ්මියම් බව හෙළි වී නෑ - ජාත්‍යන්තර සමීක්ෂණයක තොරතුරු හැටන් කිරිගල්පොත්ත රක්ෂිතයේ හදිසි ගින්නට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද? දැඩි වියලි කාලගුණයද? තමිලිනී ගේ ස්වයං ලිඛිත චරිතාපදානය ස්වයං විවේචනයක්ද? ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙවු තරඟයේ අලුත්ම විස්තර ... **** පවිත්‍රා, සුනෙත්, සෙනෙහෙ සහ අසාම් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහයට ,රට කළුවර වීමට බල පෑ විදුලිය අර්බුදය ගැන අලුත් විග්‍රහයකට , පුත්තලම කලාපයේ ගුරු විරෝධය හමුවේ දෙසීයකට අධික පාසල් වසා දැමීම, ලසිත් මාලිංග 20/20 ලෝක ශූරතා තරඟාවලියෙන් ඉවත් කර ගනු ලැබීම සහ තවත් තොරතුරු වලට අද සංදේශයෙන් .
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, මහින්ද රාජපක්ෂ රැළිය, මුදල් ඇමති මාධ්‍ය හමුව, සරත් ෆොන්සේකාගේ හඬ, ඉන්දියාවේ වැන්දඹු දුක සහ ශ්‍රී ලංකා-ඇෆ්ඝනිස්තාන් ක්‍රිකට් තරඟයේ විස්තර අද (17) සංදේශයෙන්
*ලෝක කුසලානය දිනා විසි වසරක් සපිරෙද්දී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාව කොතැනද? සංහිඳියාව වෙනුවෙන් කැප වන බවට ජනපතිගෙන් ප්‍රතිඥා වසර හයක් තුල ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 210 ක ආධාර - යුරෝපා සංගමයෙන් ප්‍රතිඥාවක් මැටි වැලි කර්මාන්තකරුවන්ට 'බලධාරීන්ගෙන් බාධා' - පන්නල දැවැන්ත උද්ඝෝෂණයක් *** මත්තල ගුවන් තොටුපොළේ සතුන් එලවන හමුදාව සෙනෙහෙ, අසාම් සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
* 'අම්මා සුදුයි, දුව දුඹුරුයි' - බ්‍රිතාන්‍යයේදී නොසලකා හැරීමට ලක් වූ ශ්‍රී ලාංකික තරුණිය ලසිත් මාලිංග ලෝක කුසලානයට එක්වීම ප්‍රතික්ෂේප කළේ නෑ - ක්‍රිකට් බලධාරීන්ගෙන් පිළිතුරු අලුත් ලංකාවකට ඉඩ දෙන්න - කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් සේයා සදෙව්මි ඝාතකයාට මරණ දඬුවම *** ඇඹිලිපිටියේ තරුණයාගේ මල සිරුර යලි ගොඩ ගනී ... අසාම්, පවිත්‍රා සහ සුනෙත් සමඟින් මම සරෝජ් පතිරණ ...
* විදුලිබලය ඇනහිටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සැකයක් - විදුලිබල නියෝජ්‍ය අමාත්‍යවරයා අස්ගිරි මහනාහිමියන් ගේ ආදාහනෝත්සවය මහනුවරදී අලුත් දේශපාලන පක්ෂයේ නායකයා බැසිල් රාජපක්ෂද? එච්අයිවී ඒඩ්ස් ගැන තවත් දැනුවත් කිරීමට මැදිහත් වෙනවා - එක්සත් ජාතීන් *** දකුණු සුඩානයේ හමුදා භටයන්ට වැටුප් වෙනුවට ස්ත්‍රී දූෂණයට අවසර .... සුනෙත් සහ සෙනෙහෙ සමඟින් මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, ජනපති අතින් උතුරේ අවතැන් ජනයාට ඉඩම් පැවරීම, අවම වැටුප සඳහා අලුත් නීති ,වැට් බද්දට එරෙහි ජන රැල්ල ,විපක්ෂයේ පොල් ගැසීම, මාර්තු 12 ව්‍යාපාරය සහ HIV සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක සාකච්ඡාවක් අද සංදේශයේ ;
*සරත් ෆොන්සේකාට බැසිල් රාජපක්ෂ ගෙන් පිළිතුරු, පළාත් පාලන මැතිවරණය කල්දැමීම ගැන පාර්ලිමේන්තුවේ උණුසුම් විවාද පිළිස්සුනු මළසිරුරු පහේ අභිරහස *අලුත් වැට් බද්දට ඇමති හරීන්ගෙන් අලුත් නමක් සිකුරාදා සංදේශය සමඟින් අසාම් අමීන් ...
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය, උඩරට වතුකරය සංවර්ධනය කිරීමේ පස් අවුරුදු සැලැස්ම, ජිනීවා පරීක්ෂණ අත්‍යවශ්‍ය බව පවසන සරත් ෆොන්සේකා, එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක වීමට කැමති අලුත් පක්ෂ වලට අලුත් කොන්දේසි, ඇතුළුව බංග්ලාදේශ් ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුගේ ඉරියව් ගැන පැමිණිල්ලක් ගැන අද සංදේශයෙන්.
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් අම්පාරේ සහ කොළඹදී; අය වැය ඉදිරිපත් කරන විටත් නොදැන සිටි ණය මුදල් ගැන අගමැතිවරයා හෙළිදරවු කරයි; දෙමළ සිරකරුවන්ගෙන් දෙමළ ජාතික සන්ධානයට චෝදනා; සහ ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු ... පවිත්‍රා, අසාම්, සෙනෙහෙ සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
වස විස නැති රටක්, ඉන්දියානු සම්භවයක් සහිත දමිළ ප්‍රජාව සඳහා භූමියක් නොවන විශේෂ පාලන මණ්ඩලයක්, යහපාලනය තුල මූලික මානව හිමිකම් කඩ කිරීම් පිලිබඳ පැමිණිලි ඉහල යාම සහ email- විද්‍යුත් තැපෑලේ පියාගේ අභාවය මෙන්ම ලසිත් මාලිංග ගේ ඊ ළඟ පියවර ගැන සවන් දෙන්න අද (07) සංදේශයෙන්.
දරුවා ගැන ප්‍රකාශයෙන් හිත් රිදුනා නම් කනගාටු වෙනවා - ඇමති අකිල විරාජ්, අධ්‍යාපන ඇමතිට ගුරු දෙගුරු, සමාජ මාධ්‍ය ජාල විරෝධය, දූෂණ කොමිසමේ හිටපු ලේකම්ට බලපෑම් එල්ල වුනාද? ආදරවන්තයෝ කොළඹ උද්ඝෝෂණයක , සහ රැහේ අනාගතය ගැන බිය පල කරන වැදි නායකයා සෙනෙහෙ, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
LISTEN;ජාත්‍යන්තර ප්‍රවෘත්ති,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කුලියාපිටියේ දරුවාගේ පිහිටට ඉදිරිපත් වීම ,පාතාලයේ යලි නැගිටීම,ආහාර වර්ජනයේ නිරත දමිල සිරකරුවන්ගේ තත්වය සහ යොහාන් දේවානන්ද පියනම සමු ගැනීම ඇතුළු අපේ පුවත් සංග්‍රහයට
බිම් බෝම්බ තහනම, වෙබ් මාධ්‍ය වාරණය ,විමල් වීරවංශ -කිරිඇල්ල විවාදය ,වෛද්‍ය සැත්කමකදී වම දකුණ මාරුවීම සහ දිවියෙන් සමුගත් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක මාර්ටින් ක්‍රෝපිළිබඳව සවන් දෙන්න අශාම් අමීන් ඉදිරිපත් කරන අද සංදේශයෙන්.
භාරත ඝාතන නඩුවේ සැකකරුගේ දිවි බේරුනේ 'ආරක්ෂක විධිවිධාන නිසා' එච්අයිවී භීතිය නිසා කුලියාපිටියේ දරුවාට පාසල අහිමියි, දරුවාගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරනවා -පළාත් ඇමතිවරයාගෙන් ප්‍රතිඥාවක්, වෙබ් අඩවි ලියාපදිංචි කරන්නේ කුමන නීතිය යටතේද? සහ ශ්‍රීලනිපයේ නිම නොවන අර්බුදය ... උපාලි, සෙනෙහෙ, අසාම් සහ සුනෙත් සමඟින් මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංග්‍රහය ,යාපනයේ සහ චෙන්නායි ධීවර උද්ඝෝෂණ, දමිළ සිරකරුවන්ගේ ආහාර සහ ඖෂධ වර්ජනය, කුලියාපිටියේ HIV භීතිය, යෝෂිතගේ නිල තනතුරු අහිමි කිරීම සහ ඔස්කාර් සිනමා උළෙල ගැන වාර්තා වලට අද සංදේශයෙන්.
ආණ්ඩු පොජ්ජේ පිළිගැනීම් පොජ්ජක් ඕනෑ - ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් සමඟ විශේෂ සාකච්ඡාවක් ..., දෛනික ගැටලුවලට ව්‍යවස්ථාවෙන් පිළිතුරු සොයන ලාංකිකයෝ, ෆෙඩරල් ක්‍රමයක් වෙනුවෙන් ඉන්දියාව මැදිහත් විය යුතුයි - උතුරේ මහ ඇමති ඉල්ලයි සෙනෙහෙ, සුනෙත් සහ පවිත්‍රා සමඟින් මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
Listen; ජාත්‍යන්තර ප්‍රවෘත්ති,නැගෙනහිර වෙරළේ ආගන්තුකයන්, දෙමළ ජාතික ගීයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්,අජන්තා රණසිංහ මතකය පිළිබඳව අද සංදේශයෙන්.
යාපනය සරසවි සිසුන්ට කෙස් කොටට කැපීම, රැවුල වැවීම තහනම්, රජය සමඟ සාකච්ජා නෑ - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි
වවුනියාවේ හර්තාල්, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට එල්ලෙ වන චෝදනා සම්බන්ධයෙන් තවත් සාක්ෂි,
LISTEN ;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, ජනාධිපතිවරයා යාපනයේ, දමිළ සිරකරුවෝ යලිත් උපවාසයක,කුලියාපිටියේ දරුවකුට පාසල අහිමි කල HIV භීතිය .කච්චතිව් පැමිණි ඉන්දීය ධීවරයන් කියන කතා සහ ඕස්ට්‍රේලියානු සංක්‍රමණ නීතියේ පිහිට නොලබන දැරියක් ගැන අද BBC සංදේශයෙන්.
LISTEN: භික්ෂුවම ඉලක්ක කර ගත් ක්‍රියාවලියක්ද? අලි මිනිස් ගැටුම සහ නිලධාරීවාදය, සවන් දෙන්න: පවිත්‍රා, සුනෙත් සහ අසාම් සමඟ මම තිසර රතුවිතාන.
"අතුරුදහන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට බිය වැද්දීම් ",ආණ්ඩුව සැලසුම් කරන වෙළෙඳ ගිවිසුම් නොනවත්වා පෙරට ගෙන යනවා - අගමැති, කච්චතීවු ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට සියාල්ල සූදානම්, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ තවදුරටත් රැඳී සිටිය යුතුද නැත්ද? ජනමත විචාරණය ජුනි 23
ෆොන්සේකාට තවත් අභියෝගයක්, රනිල්-දොස්තර ගැටුම, අලුත් ක්‍රිකට් පිල, අවම වැටුප: සවන් දෙන්න. උපාලි, ඉන්ද්‍රා, පවිත්‍රා සහ අසාම් සමඟ මම තිසර රතුවිතාන.
දිළිඳු කම තුරන් කිරීම අතින් ශ්‍රී ලංකාව ප්‍රගතියක් ලබලා - ලෝක බැංකුව ධනවතුන්ගෙන් වැඩි බදු අයකරණවා - අගමැති ජනපති මෛත්‍රී ජර්මනියේ සංචාරයක සාක් ක්‍රීඩකයන්ට ශක්තිය දුන් මානසික අභිප්‍රේරකයා සිරියාවේ යුද අපරාධ ගැන රුසියාවට චෝදනා විමල්, ඉන්ද්‍රා, අසාම්, තිසර සහ සුනෙත් සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
LISTEN:HIV රාවයක් නිසා දරුවාට පාසැලක් නැහැ, ශ්‍රීලනිප නායකත්වය මහින්දගෙන් උදුරා ගත්තාද? සවන් දෙන්න. අසාම්, සුනෙත් සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
සංහිඳියාව වෙනුවෙන් කැප වෙනවා -උතුරේ නව ආණ්ඩුකාරවරයා, සිංහල බෞද්ධ මතවාදීන් කතෝලික වැලන්ටයින් දිනයට එරෙහි නොවන්නේ ඇයි?, වැලන්ටයින් දිනයේ සිය දිවි නසාගැනීම් වැඩිවෙලා, විද්‍යාඥයන් දුටු විශ්වයේ ගුරුත්වාකර්ෂණ රැලි, රැකියා විරහිත උපාධිධාරීන් ගෙන් බලධාරීන්ට චෝදනා ... ඉන්ද්‍රා, තිසර, සුනෙත් සහ පවිත්‍රා සමඟ මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
LISTEN:'ෆොන්සේකාට බැරිනම් මහින්දටත් බැහැ', යෝෂිත යළි රිමාන්ඩ්, 'ශ්‍රීලනිප කොටසක් රට පාවා දුන්නා' සවන් දෙන්න. සෙනෙහෙ, අසාම්, විමල් සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන
පරීක්‍ෂණය ශ්‍රී ලාංකික යාන්ත්‍රණයක්, පළාත් පාලන ඡන්දයේ දී 25%ක කාන්තා නියෝජනයක්, තිරුක්කෝවිල් ගොවි දුක. මුහුණු පොතේ විකිණෙන මත් බෙහෙත්:
LISTEN; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, සෙයිඩ් රාඩ් අල් හුසේන් කුමරු මහා නාහිමිවරුන් මුණගැසීම, ගෝටාභය රාජපක්ෂ ගේ ප්‍රතිචාරය ,කුඩා වැල්ලේ ධීවර හඬ සහ රාම දෙවියන්ට එරෙහි නඩුවක් ඇතුළු තොරතුරු වලට අද සංදේශයෙන්.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ජගත් කුසලාන බලාපොරොත්තු එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් උතුරු නැගෙනහිර අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හමුවෙයි, විහාර දේවාලගම් පනතට එරෙහි නිලමේවරුන්, යෝෂිත අත්අඩංගුවට ගැනීම පලිගැනීමක් නොවේ - ආණ්ඩුව කියයි තිසර, සුනෙත් සහ පවිත්‍රා සමඟින් මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
සියලු ජන නායකයන් හමුවනවා - මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කියයි . ඉන්දීය විදේශ ඇමතිනිය සුළු පක්ෂ සමඟ සාකච්ජා
LISTEN:නිදහස් සැමරුම, 'හතළිස් අටේදී බැරිවුණු දේ දැන්වත් කළ යුතුයි', සිසිලියා කොතලාවල හසු වෙයි, සවන් දෙන්න. උපාලි, විමල්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන
රනිල් ෆොන්සේකා එකතුව , කෙහෙළිය යාපනය අධිකරණයේ , ඇඹිලිපිටිය සාක්ෂිකරුවන්ට බලපෑම්, මහින්ද ජාතික නිදහස් උළෙල වර්ජනය කරයි
යෝශිත ගැන තව පරීක්ෂණයක්, ඇඹිලිපිටියේ ගැබිණි බිරිඳට තර්ජන, ෆොන්සේකා සන්ධාන ගතයි. සවන්දෙන්න. විමල්, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන
LISTEN ;ජාත්‍යන්තර ප්‍රවෘත්ති, අභයාරාම පෙත්සම,ඒකාබද්ධ විපක්ෂය වැලිකඩ යාම සහ රාජ්‍ය උත්සව වර්ජනය, ධීවර විරෝධයෙන් දුම්රිය ගමන් ඇනහිටීම සහ මියන්මාරයේ දේශපාලන අභියෝගයට අද සංදේශයෙන්
යෝෂිත සීඑස්එන් සමාගමේ සභාපති බව තහවුරු වෙලා - පොලිසිය, රත්නපුරයෙන් හමුවුනේ ලොව ලොකුම ඒකනයිට් මැණිකද? අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් - මහින්ද, සරත් ෆොන්සේකා යළිත් පාර්ලිමේන්තුවට? දැරියන් බිහිකිරීමට ගාස්තුවක් අය නොකරන ඉන්දීය ජීවකයා, සහ ව්‍යවස්ථා සංශෝධනය ගැන මුස්ලිම් පක්ෂවල අදහස් ... ඉන්ද්‍රා, තිසර, පවිත්‍රා සහ සුනෙත් සමඟින් මම සරෝජ් පතිරණ ... සවන්දෙන්න ...
LISTEN;ජාත්‍යන්තර පුවත්,යෝෂිත රාජපක්ෂ සිරභාරයේ, මහින්ද රාජපක්ෂ ගේ ප්‍රතිචාරය, ශ්‍රී ලංකාවට ‘සිකා’ වයිරසයෙන් අනතුරක් තිබේද? නව විහාර දේවාලගම් පනත සහ ළමා අපචාර චෝදනා ලබන එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා භටයන් පිලිබඳව අද සංදේශයෙන්.
LISTEN:'අගමැති තර්ජනය කළා', 'යහපාලනය තුළත් දුෂණය', ඔලිම්පික් උළෙලටත් තර්ජනය කරන වෛරසය. උපාලි, සරෝජ්, පවිත්‍ර සමඟ මම තිසර රතුවිතාන.
ඇඹිලිපිටිය, හෝමාගම සහ මාධ්‍යවේදීන්, ජාතිවාදය ගැන බුද්ධි අංශ වාර්තා, තායි බෝනික්කෝ. සවන්දෙන්න: උපාලි, සෙනෙහෙ, පවිත්‍රා සහ ඉන්ද්‍රා සමඟ මම තිසර රතුවිතාන.
LISTEN ; ජාත්‍යන්තර ප්‍රවෘත්ති, ශ්‍රී ලංකාව පිලිබඳ විභාගයකට විදේශ මැදිහත් වීම ගැන ජනපති-අගමැති අදහස්, ඩිලාන්-ගම්මන්පිල විවාදය, ඇඹිලිපිටිය අධිකරණ නියෝගය සහ දිවි නසා ගත් ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ කතාවට අද(27) සංදේශයෙන්.